පුරුෂාධිපත්‍ය නොතකා සිමී ග්‍රෝවල්, සායී පරාංජපේ, අරුණා රාජේ වැනි අධ්‍යක්ෂවරියන් තම සලකුණ හින්දී සිනමවේ තබන්නට සමත්කම් දැක්වූහ. ඔවුන් විසින් බොලිවුඩ් සිනමාවේ දිශානතිය වෙනස් කරන ලදී. සිනමාපට මෙන්ම ඔවුන් රෑපවාහිනී කතා මාලා සහ වාර්තා චිත‍්‍රපටද ඔවුන්ගේ නම් සලකුණු කරන්නට සමත්කම් දැක්වීය.
ශෝභනා සමර්ත්, සාධනා, හේමාමාලිනී, තබ්සුම්, සෝනී රාජ්දාන්, නන්දිතා දාස්, සහ පූජා භාත්, ඔවුන් අතර විශේෂ තැනක් ගන්නා කාන්තාවන් වන අතර ඔවුන් රංගනය මෙන්ම අධ්‍යක්ෂණයත් සිදුකළ කාන්තාවන් වශයෙන් කිව හැකිය. විජය මේහ්තා, සායි පරාංජපේ, අපර්ණා සෙන්, අරුණා රාජේ, දීපා මෙහ්තා, කල්පනා ලාජ්මී, මීරා නායර්, ගුර්විංදර් චඩ්ඩා, ෆාරාහ් ඛාන්, තනූජා චංද්‍රා, ලීනා යාදව්,සෝයා අඛ්තර්, කිරන් රාව්, මේඝනා ගුල්සාර්, රීමා කාග්තී, ගෞරී ෂිංදේ වැනි අධ්‍යක්ෂවරියන්ගෙන් සිනමාකෘති මෙතෙක් ස්පර්ශ නොකළ වෙනස්ම මානයක් සහිත සිනමාපට හින්දි සිනමා කර්මාන්තයට එකතුවිය.
දීපා මෙහ්තා සහ මීරා නායර් ඉන්දියාවේ සිනමාව විදේශයන්හිද ප‍්‍රසිද්ධියට පත් කරන අග්‍රගන්‍ය නිර්මාණ බිහිකරන්නට සමත් වූ කාන්තාවන්ය. ඔවුන්ගේ සිනමාපට වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන රාශියක් ඉන්දියාවට දිනාදෙන්නට සමත්වූ අතර අනූෂා රිස්වි අධ්‍යක්ෂණය කළ පීපලී ලායිව් සිනමාපටය ඔස්කාර් සම්මාන උළෙල සඳහාද නිර්දේශ වුණු සිනමාපටයකි.
කාන්තාවන්ගේ සිතුම් පැතුම්, ඇයගේ ආශාවන්, ඇයගේ ජීවන අරගලය, කාන්තාවට ලැබෙන ගෞරවය ගැන කල්පනා ලජ්මී තම සිනමාපටයන්ගෙන් ලෝකයාටම පෙන්වන ලදි. ඇය කැරලිකාර අධ්‍යක්ෂවරියකි. කල්පනා ලජ්මි සැමවිටම තම පෞද්ගලික ජීවිතය සහ සිනමාපට අධ්‍යක්ෂණයෙන්ද වෙනස් දෙයක් කර පෙන්වීමට කල්පනා කරන ලද කාන්තාවකි. ඇය ඇයගේ පළමු සිනමාපටය වූ ඒක් පල් හී ක්යොං නා හෝ විවාහක කාන්තාවක් සහ පිරිමියෙක් සමඟ ඇති සම්බන්ධතාවට තාර්කිකව පෙන්වා දී ඇත. ඇයගේ ජීවිතය සංගීතවේදී භූපන් හසාරිකා සමඟ බොහොම හොඳින් සතුටින් ගත වුණු එකක්. මිල්ස් එන්ඩ් බූන්ගේ ආදරණීය නවකතාවලට බෙහෙවින් කැමැත්තක් දැක්වූ කල්පනා තම සිනමා පටයන්ගෙන්ද කාන්තාවන්ගේ පැවැත්ම සරැ කරන සටන සහ ඇය මුහුණ දෙන විවිධ දුෂ්කරතා ගැන බොහොම අගේට පෙන්වා දී තියෙනවා.
කල්පනා ලාජ්මී තමන් කාන්තා අධ්‍යක්ෂවරියක් ලෙසින් හැඳින්වීමට අකමැති විය. රුදාලි ඖර් දර්මියාන් සිනමාපට සඳහා ඉන්දියාවෙන් මෙන්ම විදේශයන්ගෙන්ද බොහෝ සම්මාන දිනාගන්නට සමත් විය. අවුරැදු 17දී ශාන්ත සේවියර් කොලේජ් හී මනෝවිද්‍යාව හදාරමින් සිටියදී ඇය වාමාංශික මතධාරියෙක් වූ භූපන් හසාරිකා වෙත නැඹුරැ වී ඇත. වසර හතළිහක් පුරාවට ඒ බැඳීම නොබිඳෙන සම්බන්ධයක් බවට පත්වූ බව පැවසෙනවා.
කල්පනා ලාජ්මීගෙ මව චිත‍්‍රශිල්පිනියක් වූ ලලිතා ලාජ්මී වූ අතර නළුවෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වුණු ගුරැ දත් ඇයගේ මාමා විය.කල්පනාගේ ජීවිතයට වඩා බලපෑම් ඇතිකළේ නාවික හමුදාවේ කපිතාන්වරයෙක් වූ පියා ගෝපි ලාජ්මී සහ සංගීතවේදී භූපන් හසරිකාය. කල්පනා ශ්‍යාම් බෙනගල්ගේ සහායිකාවක් ලෙස කටයුතු කර ඇති අතර භූමිකා සිනමාපටයේ ඇඳුම් නිර්මාණ ශිල්පි සහාය අධ්‍යක්ෂවරිය විය. .
දේව් ආනන්ද් තම හීරා පන්නා කියන සිනමාපටය සඳහා සීනත් අමාන් වෙනුවට කල්පනාව යෝජනා කළද කල්පනා එය ප‍්‍රතික්ෂේප කරන ලදි. 1978දී කල්පනා භූපන් සමග තම ව්‍යාපාර ආයතනය ආරම්භ කොට ඇත. පළමු වාර්තා වැඩසටහන ලෙසින් ඩී.ජී. පයිනියර් සිනමාපටය අධ්‍යක්ෂණය කරන ලද අතර එය පදනම් වූයේ බෙංගාලි සිනමා පටය නිෂ්පාදක ධීරේන් ගංගුල්ගේ ජීවිත කතාව මතය.
1986දී ඇයගේ පළමු සිනමපටය ඒක් පල් කෝ හි ෂබානා ආස්මී, නසෘදීන් ශාහ, ෆාරැක් ෂෙයික්, දීනා පාතක්, සහ ශ්‍රීරාම් ලාග් රංගනයෙන් දායක් වූ අතර එය බෙහෙවින් පැසසුමට ලක්වූ සිනමාපටයකි. එහි තිර රචනය කල්පනා සහ ගුල්සාර් විසින් සිදුකළ අතර එය සංගීතවත් කළේ භූපන් විසිනි.
ඇය රූපවාහිනිය සඳහා ලහිත් කිනාරේ මාලා නාටකය අධ්‍යකණය කොට ඇත. දීපිකා පදුකෝන් තමාගේ දුරින් ඥතියෙක් වන බව කල්පනා ලාජ්මි පවසා තියෙනවා. ද වේ ආයී නිව් හිම් පොත ඇය සහ භූපෙන් විසින් රචනා කළ අතර එය මත පදනම්වද ටෙම්පස්ට් නමින් සිනමාපටයක් නිර්මාණය කරන්න සැලසුම් කර තිබුණද ඊට කලින් ඇයට තම ජීවිතයෙන් පසුගිය වසරේ සමුදෙන්න සිදුවිය.
නන්දිතා දාස්ගේ මව ලේඛිකාවක් වූ අතර පියා ජතින් කලාකරැවෙක් විය. ඇය නිළියක් මෙන්ම අධ්‍යක්ෂවරියක්ද විය. ෆයර්, අර්ථ, වැනි සිනමාපට ඇය විසින් නිර්මාණය කරන ලදි. ෆිරාක් සිනමාපටය අධ්‍යක්ෂණය කිරීම හේතුවෙන් ඇය ලොවපුරා ප‍්‍රසිද්ධියට පත්විය. ඇයගේ මේ පළමු සිනමා පටයටම ඇය විසින් සම්මාන විස්සකට වඩා දිනාගෙන ඇත.
අශ්විනී අයියර් තිවාරීගේ හාස්‍ය සිනමාපටයක් වන නිල් බටේ සන්නාටා සිනමාපටය විවේචනාත්මක පැසසුමට ලක්විය. ඇය එම සිනමාපටය දමිළ බසින් අම්මා කනක්කු නමින් ප‍්‍රති නිර්මාණය කොට ඇත. ඒ වගේම ආයුෂ්මාන් ඛුරානා, ක‍්‍රිතී සැනොන්, රාක්ජ් කුමාර් රා ඕ රංගනය සඳහා දායක කරගෙන ඇය නිපදවූ බරේලි කි බර්ෆී සිනමාපටය ජනතා ප‍්‍රසාදයට ලක්වූ සිනමාපටයකි.
රේණුකා ශහාණේරේණුකා ශහාණේ අධ්‍යක්ෂණය කරන ලද ත‍්‍රිභංගා සිනමාපටයද බෙහෙවින් මනස්කාන්ත සිනමාපටයකි. ඇය විසින් පළමු වතාවට සිනමාපටයක් අධ්‍යක්ෂණය කළේ තම මව රීටා වෙලින්කර් විසින් ලියන ලද නවකතාවක් පදනම් කරගෙනය. එමෙන්ම ඇය ඉතාම ඉක්මනින් ප‍්‍රහසන සිනමාපටයක් නිපදවීමටද සූදානමින් සිටී.
හේමා මාලීනි රූපවාහිනි කතා මාලාවක් වන නුපූර් ඖර් මෝහිනී හි අධ්‍යක්ෂණය කොට ඇති අතර ඇය දක්ෂ අධ්‍යක්ෂවරියක් බව එයින් පෙන්වන්නට ඇය සමත්කම් දක්වා ඇත. ඉන්පසුව ඇය ෆිර් දිල් ආශ්නා හෑ සිනමාපටය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනයද සිදු කොට ඇත.