අවුරුදු නම් මචං හරි හුරතල්. කීයක් ඉවරද මචං බෝතල්. කවුද ගත්ත සුපිරි ආතල්. හැදුණොත් COVID ඔක්කොම දෙල්.බෝනසුත් නෑ. කෝවිඩ් හින්දා ආතලුත් නෑ. ගහපු බෝතල් හින්දා අතේ වතත් නෑ. අවුරුද්ද ආවා ගියත් දන්නෙ නෑ.
ඔන්න මචෝ සිංහල අලුත් අවුරුද්දෙන් පස්සෙ අපි දෙන්න යන්නෙ Y Trend එක. ඒ කාලේ වගේ නෙවෙයි මචෝ මේ කාලේ අලුත් අවුරුදු Trend ගොඩක් වෙනස්. ගිය සතියෙත් ඒ වගේම සීන් කෝන් එකක් තමයි අපි ගැලපුවේ. මතක ඇතිනේ (online) ඔන්ලයින් අවුරුදු සීන් කෝන් එක. මේ පාර අපි කියන්නේ අවුරුදු කාලෙට අපේ කොල්ලන්ට වෙන සිරා සිද්ධි ටිකක්. ඇත්තම කියනවා නම් මේවා වෙන්නේ අලුත් අවුරුදු Y Trend හින්දා.
අවුරුදු කාලෙට තියෙන චාටර්ම සීන් එක තමයි අවුරුදු බීම. අවුරුද්දට අරක්කු බීමත් දැන් ලංකාවේ අවුරුදු චාරිත්‍රයක් වගේ වෙලා. So sad. ඒත් කතාව ඇත්ත. ඔෆීස් එකේ සෙට් එක පාටි දානවා. ගමේ යාළුවො සෙට් එක පාටි දානවා. අවුරුද්ද පාටි විමානයක් වෙනවා. අවුරුදු පාටිවලට වියදම් කරලා අන්තිමේ තුට්ටු දෙකට කෙළවෙනවා. ගොඩක් වෙලාවට අවුරුද්ද ඉවර වෙද්දී පර්ස්එක හිඳිලා යනවා. මේක ලංකාවේ ගොඩක් තැන්වල සිද්ධවෙන දෙයක්. කතාවට Office වල කියනවා මැයි මාසේ ජීවත්වෙන්න වෙන්නෙ අවුරුද්දට බීපු බෝතල්, බෝතල් පත්තරකාරයෙක්ට විකුණලා කියලා. ඇත්තටම මචෝ මේක බොහෝ බොහෝ නරක භයානක තත්ත්වයක්.
මේ Trend එක නිසා ඇත්තටම ගොඩක් දෙනෙක්ගේ අවුරුද්ද ආරම්භයේදීම අසුබ වෙනවා.
අවුරුදු බීමෙන් මිදෙන්න ගොඩක් දෙනෙකුට අමාරුයි. ඒකට හේතුව තමයි ඒක හරියට සම්ප්රදායක් වගේ වෙලා තිබීම. මේක සතුටුවෙන්න තියෙන එකම විදිහ අරක්කු කියලා හිතන අය හදපු Trend එකක්. මේ ට්‍රෙන්ඩ් එකේ බරපතළකමේ බරපතළකම කොච්චරද කියලා දැනගන්න හරිම ලේසි. අවුරුද්දට බාර් වහන්න කලින් බාර් එක ළඟට ගිහිල්ලා පොඩ්ඩක් බලාගෙන හිටියොත් මේ ගැන තේරෙයි. බෝතල් ගන්න පුදුම පෝලිමක් තියෙන්නෙ. ඒ වගේම අවුරුදු කාලෙට බීමත්කම නිසා ඇතිවෙන අනතුරුත් සෑහෙන්න වැඩියි. ඒ නිසා සුදා සුදාලාට කියන්නෙ අවුරුදු බීම කියලා කියන්නේ හරිම කුජීත සීන් එකක්.
ඒ වගේමයි අවුරුදු කාලෙට තියෙන බොහොම නරක ට්‍රෙන්ඩ් එකක් තමයි සූදුව. ඉස්සර නම් කැට පොළට ගිහිල්ලා කැටගහලා පුංචි විනෝදයක් ලැබුවා. ඒක අවුලක් නෑ කියමුකෝ. ඒත් අවුරුදු කාලෙට නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල වගේම ගම්වලත් දැන් ලොකුවටම සිද්ධ වෙනවා බූරු ගැහිල්ල. අවුරුදු කාලෙට බූරු පොළවල් වටලන එක පොලීසියට තියෙන ලොකු වැඩක්. පිරිමි අය විතරක් නෙමේ ගෑනු අයත් මේවාට ගිහිල්ලා අහුවෙනවා. සූදුව කියලා කියන්නේ අවුරුද්ද පුරාම රට ඇතුළෙ දකින්න පුළුවන් නරක පුරුද්දක්. ඒත් සිංහල අලුත් අවුරුදු කාලේ ඒ සින්දුවට වසන්තයක් කරගන්න එක නම් කැතයි සහෝ. සමහර පවුල් ඉන්නවා ඒගොල්ලො පුරුද්දක් කරගෙන තියෙන්නෙ මේක. පවුලේ පවුලේ අය එකතුවෙලා සූදු කෙළිනවා. ඒකත් හරියට මාර සම්ප්රදායක් වගේ.
ඒ වගේම අවුරුදු කාලෙට ගෙවල්වල රස්සාවට බූරු ගස්සන අයත් ඉන්නවා. ඔය හරියට මළගෙවල්වල බූරු ගස්සනවා වගේ. ඒ ඒ තැන්වලට යන සමහරුන්ගේ ගෙවල් දොරවල් උගස් තියලා යාන වාහන උගස් තියලා අවුරුද්ද ඉවර වෙද්දී. අවුරුදු කාලෙට චාරිත්‍රයක් පුරුද්දක් කරගෙන තියෙන මේ සූදුව හරිම භයානක Trend එකක්. විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න සුදාලා.... අවුරුදු 18ත් 30ත් අතර ගොඩක් අර්ධ නාගරික තරුණයෝ මේ අවුරුදු සූදුවල කොටස්කාරයෝ. වැඩිහිටියනුත් මේ ගැන ලොකු අවධානයක් දක්වන්නේ නෑ. හැබැයි මේ හරහා අපේ අනාගතයට ලොකු බලපෑමක් වෙනවා කියන එක සුදාලා තේරුම් ගන්න ඕන හරිය. ඉතින් මචෝ අපි කට කෑවත් ඇත්ත කියනවා.
ඇත්තටම සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නේ ලොකු අර්ථයක් තියෙන උත්සවයක්. පහුගිය දවස්වල සිද්ධ වෙච්ච දේවල් නිසා තමයි අපිට අවුරුද්ද ගැන මේ වගේ සීන් එකක් ලියන්න වුණේ. ඉතින් අපේ පැංචන්ගෙන් පැංචියන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ අවුරුද්දේ අරුත තේරුම් ගන්න. අඩු ගාණේ අවුරුද්දට හරි අපේ සංස්කෘතිය සම්ප්රදාය ආරක්ෂා කරගන්න එහි අනන්‍යතාව ඉගෙන ගන්න අපි පුරුදු වෙමු. ටීවී එකෙන් ෆේස්බුක් එකෙන් විතරක් නෙවෙයි අවුරුද්ද අපි ඇත්තට හරියට සමරමු. ඉතින් අවුරුද්ද කියලා කියන්නේ අපේ සංස්කෘතියේ සුපිරිම ට්‍රෙන්ඩ් එකක් තමයි. ඉතින් ඒකට ඔය අපි කිව්ව වගේ විකාර ට්‍රෙන්ඩ් මික්ස් කරගන්න එපා මචෝ. එහෙනම් ඕං අපි ගියා. ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද අපේ සුදාලාට කිරියෙන් පැණියෙන් ඉතිරේවා! අවුරුද්ද පහුවෙලා දවසක් දෙකක් ගෙවුණත් ඒ ප්රාර්ථයම හැර වෙන ප්‍රාර්ථනයක් නෑ කරන්න.