2021 ජුලි 10 වන සෙනසුරාදා

ලස්සනට දිලිහෙන අම්මලා-දුවලා

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 93

අද ඔබට කියන්න හදන්නේ බොලිවුඩ් සිනමාවේ චරිත මවන අම්මලා දුවලා ගැනයි. ඔවුන් තම රුවෙහි සුන්දරත්වය නිසාවෙන් ලොව පුරා පේ‍්‍රක්ෂකයන්ගේ ආකර්ෂණය දිනාගෙන තියෙනවා. 

01. සාරා අලී ඛාන් - අම්රිතා සිං

තමන්ගේ යොවුන් වියේදී ඉතාම සුන්දරත්වයකින් සිටි හුරුබුහුටි හැඩකාරියක් වුණු අම්රිතා සිං මෙන් ඇයගේ දියණිය සාරා අලී ඛාන්ද බෙහෙවින් රෑමත් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මේ අම්මගෙයි දුවගෙයි බැඳීම කොච්චර සුවිශේෂීද කියනවානම් හැමවිටකම වාගේ සාරාගේ මව අම්රිතා තම දියණිය වෙනුවෙන් පෙනී සිටින අතර හැමවිටකම ඇය තම දියණිය සාරාට සහාය දක්වනවා. තමන්ව දැන් සිටින තැනට ගෙන ඒමට තම මව විශාල දායකත්වයක් දැක්වූවා කියලා සාරා අලී ඛාන් විශ්වාස කරනවා. 

02. ආලියා භාත් - සෝනි රාජ්දාන්

ආලියා භාත් කියන්නේ ඇයගේ මව සෝනි රාජ්දාන්ගේ ඡායා පිටපතක් කිව්වොත් ඒකේ කිසිම වරදක් නැහැ. මොකද ආලියා ඇයගේ මව වන සෝනි රාජ්දාන් ඒ වගේම හුරුබුහුටි ලස්සන කෙනෙක්. තමන්ගේ දියණියගේ සාර්ථකත්වය ගැන සෝනි රාජ්දාන් ගොඩාක් සතුටට පත්වෙලා ඉන්නවා. ආලියා භාත් ගොඩාක් කුඩා අවධියෙන්ම බොලිවුඩ් සිනමාවේ රංගනය සඳහා යොමුවුණු අතර ඉතාම ඉක්මනින් ඇය බොලිවුඩයේ තමන්ගේ අනන්‍යතාවයක් ඇතිකරගත් කෙනෙක් බව අමුතුවෙන් ඔබට කියන්න අවශ්‍ය නැහැ. 

03. කරීනා කපූර් ඛාන්, කරිෂ්මා කපූර් - බබීතා කපූර්

තමන්ගේ මව බබීතා තමන් දැන් ඉන්න තැනට පැමිණීමට විශාල දායකත්වයක් සැපයූ බව කරීනා සහ කරිෂ්මා අක්කයි නංගියි දෙන්නම දැඩිව විශ්වාස කරනවා. ඒ වගේම බබීතා කපූර් තම දියණියන් දෙදෙනාගේ සතුට වගේම දුකේදීත් හැමවෙලාවෙම පෙනී ඉන්නවා. 

04. ඩිම්පල් කපාඩියා - ට්වින්කල් ඛන්නා

ඉතාම හැඩකාරියක් වන ඩිම්පල් කපාඩියා මෙන්ම ඇයගේ දියණිය ට්වින්කල් ඛන්නාද බෙහෙවින් රෑමත්. ආක්ෂය කුමාර් තම බිරිඳ ට්වින්කල් ඛන්නාව ඉක්මනින් සිනමාපටයන්ට පණ පෙවීමෙන් ඈත් කළද, ඇයගේ මව ඩිම්පල් කපාඩියා නම් තවමත් සිනමාපටයන්හි විවිධ චරිතයන්ට පණ පොවනවා. 

05. කාජොල් - තනූජා

තමන්ගේ කාලයේදී බොහෝ සුපිරි ගණයේ සිනමාපටවල දක්ෂතා දැක්වූ තනූජා ද තම දියණිය රංගන වෘත්තිය සඳහා යොමුකිරීමට කාජොල්ට දැඩි පෙළඹවීමක් කර තියෙනවා. තමන් රංගනය වෙනුවෙන් සුදුසු නොමැති බව හැඟී ගියත් කාජොල් තම මව ගැන පූර්ණ විශ්වාසයක් තබා රංගනයට පිවිසිලා තියෙනවා. අද කාජොල්ගේ සාර්ථකත්වය පිටුපස සෙවණැල්ලක් වෙලා තියෙන්නේ ඇයගේ මව තනූජා බව කාජොල් හැමවිටකම වගේ කියනවා.