2021 ජුලි 17 වන සෙනසුරාදා

පටාර් ගාලා නැගලම ගිය පුටාර්

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 41

ඔන්න මචෝ ලෝකේ පරණ කරන්න බැරි සදාතනික තාරුණ්‍යයේ Y Trend එකක් ගැන අපි කතා කරන්න යන්නේ. එහෙනම් අද කතාව පාපැදි පිස්සුව ගැන. ඔන්න සුදාලා හිතයි අනේ මේ මොකක්ද මේ කියලා. හා හා කලබල නොවී පොඩ්ඩක් අහගෙන ඉන්න කෝ සීන් කෝන් එක. කොවිඩ් වසංගතය එක්ක ලෝකේ අමුතු අමුතු Trend හැදුණ හැටි කිව්වා සුදාලට මතක ඇති. අන්න ඒකට තමා මේ සීන් එකත් සෙට් වෙන්නේ.

පහුගිය කාලේ ලෝකේ පුරා ජනතාව පුටාර් එකට නැවත ආදරය කරන්න පටන් අරගෙන තියෙනවා කියලා පහුගිය දවස්වල වාර්තා වුණා. අපි මේ Story එක අද ගලපන්න හිතුවෙත් අන්න ඒ නිසා තමා මචෝ. කොවිඩ් එක්ක මිනිස්සු තමන්ගේ සෞඛ්‍ය ගැන වැඩිපුර හිතන්න පටන් ගත්ත එක තමා මේ පාපැදි පිස්සුවට හේතුව. කොවිඩ්වලින් පස්සේ යුරෝපයේ නගර විවෘත කරන කොටම ගොඩක් දෙනෙක් තමන්ගේ ප්‍රවාහන මාධ්‍යය විදිහට පාපැදි තෝරාගෙන තියෙනවා කියලා පහුගිය කාලේ මාධ්‍ය වාර්තා පළවුණා. ලංකාවේත් සීන් එක චුට්ට චුට්ට තියෙනවා. හැබැයි අපේ සුදාලා නම් පුටාර්වලින් ජොබ් එකට යන්න කැමති නෑ. ඒ වෙනුවට අපේ අය පුටාර් එකක් අරගෙන ව්‍යායාමය කරන්න කියලා තමා ට්‍රයි කරන්නේ මේ දවස්වල. කොළඹ රටේ වගේම වටේ නගරවල සීන් එක ලාවට තියෙනවා. ඔය උදේ පාන්දර බලාගන්න පුළුවන්.

මේ සීන් එක යුරෝපයේ කොච්චර දරුණුවට තියෙනවාද කියලා කියන්න පොඩි උදාහරණයක් දෙන්නම් ෆෙන්තෝලාට. පහුගිය අවුරුදේ බ්‍රිතාන්‍යයේ ප්‍රවාහන මාධ්‍යයක් විදිහට පාපැදි සහ පයින් ගමන් කිරීම ප්‍රවර්ධනය කරන්න ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක් විතර වෙන්කළා. ආව් ඩඩා ඩඩ්ඩ ඩඩා කොහොමද ඒක. අපේ සුදාලා කාර් බාර්වල යන්න ට්‍රයි කරද්දී ඔන්න සුද්දෝ පුටාර් එකට දීල, තියෙන තැන. සෞඛ්‍ය ප්‍රශ්නය වගේම ප්‍රවාහන කටයුතුවල තිබෙන ප්‍රශ්න විසඳගන්න තමා සුද්දන්ගේ ආණ්ඩු මේ වගේ තීරණ අරගෙන තියෙන්නේ. ඉංග්‍රීසි ආණ්ඩුව මරු කතාවක් කියලා තියෙනවා ඔවුන් මේ අවුරුදු කිහිපය තුළ තමන්ගේ රටේ පාපැදි සංඛ්‍යාව දෙගුණ කරනවාලු. පාපැදි මං තීරු හදලා පාපැදිවලට විතරක් ඇතුළු වෙන්න පුළුවන් වීදිත් හදනවාලු. ඔන්න මේ කතා ඇහුවාම සුද්දන්ට පිස්සු කියලා අපේ මචංලා කියන්න එපා. දැන් මේ කියන විදිහට පුටාර් එක ලෝකේ Next Level ප්‍රවාහන මාධ්‍යයක් හරිය.

දැන් අපි එමුකෝ අපේ සිරිලන්කන් පාපැදි සංස්කෘතිය පැත්තට. කොවිඩ් කාලෙන් පටන් අරගෙන අපේ Trend ගැන ඉතිහාසයෙට යමු. කොවිඩ්වලට රට වැහුව කාලේ ඔය අර්ධ නාගරික ප්‍රදේශවල ගොඩාක් දෙනෙක් පුටාර් එකට ගොඩවුණා. සමහරු අහළ පහළ වැඩවලට යන්න වගේම අත්‍යවශ්‍යම වැඩට ටවුමට යන්නත් භාවිත කළේ පුටාර් එක තමා. ඒ වගේම ගෙදර ඉන්න නිසා උදේම නැගිටලා තමන්ගේ ලේන් එකේ පුටාර් එකෙන් වටයක් දෙකක් ගහන්නත් සමහර පුරුදු වුණා. ඒ සීන් එකේ නම් පොඩි පොෂ් ගතියකුත් තිබ්බා. ඒ අස්සේ මේවා දැකලා සමහරුන්ට පොඩි කාලෙන් පස්සේ ආයේම පුටාර් එකක් ගන්න ඕනෑ වුණා. සමහරු එහෙම ගත්තාත් එක්ක. සෙක්න්ඩ් හෑන්ඩ් ෆුට් බයික්වලටත් මාර මාර්කට් එකක් තිබුණේ කොවිඩ් කාලේ. කොහොම හරි අර චිත්‍ර අඳින රුල්ල වගේ නම් ෆුට් බයික් රුල්ල නැගලා ගියේ නෑ. අන්න ඒ නිසා දෙයියනේ කියලා මේ රුල්ල ඒ විදිහට බැහැලා නොගියොත් හොඳයි. රුලි ගැන නම් කවර කතාද සුන්දරා.

ලංකාවේ පාපැදිය කියන්නේ වෙනම කතා කරන්න ඕනෑ මාතෘකාවක්. ඒක ආර්ථික සංස්කෘතික දේශපාලන මාතෘකා හරහා යනවා. අඩේ බයවෙන්න එපා අපි ඒවා කතා කරන්නේ නෑ. මේ ආතල්ලන්තේ ආතල් ගැන තමා අපි Y Trend එකෙන් කතා කරන්නේ. ලංකාවේ පාපැදි තරග ක්‍රීඩාවක් විදිහට නම් වෙනම තැනක තියෙන්නේ. ඒකත් මාර කතාවක්. අවුරුදු කාලේ පාපැදි තරග කියන්නේ ලොකු ආදායම් මාර්ගයක්. එක පැත්තකින් ඒකෙන් ක්‍රීඩකයෝ ආදායම් ලබනවා. අනික් පැත්තෙන් සංවිධායකයො ආදායම් ලබනවා. ඒක අපි වෙන දවසක කතා කරමු. සිරාවට ඒ සීන් එක ආතල් ඈ. හරි අපි කිව්වා ලංකාවේ පාපැදියෙන් වෙන අමුතු වැඩ තියෙනවා කියලා. ඒකෙන් ලොකුම වැඩේ තමයි පාපැදියෙන් සිරීපාදේ යන එක. බස්නාහිර පළාතේ දකුණු පළාතේ අවුරුද්දකට වතාවක් පුටාර්වලින් සිරීපාදේ යන සෙටාර් අදටත් ඉන්නවා. එයාලා ගන්නේ මාර ආතල් එකක්. ඒක වෙනම උප සංස්කෘතියක් කියලා කිව්වත් වැරදි නෑ මචෝ.

එතකොට පුටාර් Trend එකේ පොෂ් කෑල්ලත් මිස් කරන්න බෑ සුදෝ. ගමේ ගොඩේ කොල්ලො කුරුට්ටෝ ආතල් එකට ෆුට් බයික් වලින් සිරීපාදේ යනවා වගේ නෙවෙයි මේ සීන් එක. මතකද පහුගිය කාලේ කොළඹ හදපු උද්‍යානවල එහෙම වෙනම පාපැදි මං තීරු හැදුවා. දැන් ඒ අවට පුටාර් කුලියට දෙනවා පදින්න. ඒක මරු ආතල් එකක්. කට්ටිය දැකලා ඇති සීන් එක. ඒ විතරක් නෙවෙයි. දැන් ලොකු ලොකු වාහනවල පිටිපස්සේ පුටාර් එකක් බැඳගෙන ඇවිල්ලා වික්ටෝරියා පාර්ක් එක වටේ වට දහයක් විතර පදිනවා සමහරු. පස්සේ බයික් එක ආයේ වාහනේ හයි කරගෙන එයාලා යනවා. ඒ වගේ දියත උයන, පාර්ලිමේන්තු වටරවුම, බෙල්ලන්විල වගේ පැතිවලත් එහෙම අය උදේ හවස දැකගන්න පුළුවන්. එයාලා ලොකු ලොකු ව්‍යාපාර තියෙන ලොකු ලොකු නම් තියෙන අය. හැබැයි කවුරු වුණත් වැඩේ හොඳයි. ඇඟට හොඳයි. සෞඛ්‍යයට ගුණයි.

හැබැයි දැන් පොඩ්ඩෝ අතර නම් ඉස්සර තරම් ප්‍රෆුටාර් පිස්සුව නෑ. ඩිජිටල් ලෝකේ නිසා තමා ඒ වින්නැහිය නම් වෙලා තියෙන්නේ. කොහොම හරි ලෝකෙ ආපස්සට ගිහිල්ලා හරි පුටාර් Trend වෙච්ච එක්ක ගැන නම් සතුටු වෙන්න ඕනෑ. ලෝකේ තියෙන හැම Trend එකක්ම පටාර් ගාලා අපේ කරගන්න අපේ රටේ සෙටාර් එකට අපි කියන්න ඔන්න Trend පුළුවන් නම් අල්ල ගනිල්ලා.