සෑම කෙනෙක්ටම තම ජීවිතයේ හෝ යම් හෝ වෙනත් දෙයක් ගැන යම් පසුතැවීමක් ඇති අතර ඒක නැවත ඉටුකිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එවැනි තත්ත්වයක් තුළ අපට පසුතැවීම හැර වෙන කිසිවක් කළ නොහැක. මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ ඒ වගේ පසුතැවීමෙන් ඉන්න බොලිවුඩ් තරු අට දෙනෙක් ගැනයි. ඔවුන්ට මේ වෙද්දී පසුතැවෙනවා හැර වෙනත් කිසිවක් කිරීමට ඉතුරු වී නැත. ඔබ දන්නා ඔබ ආදරය කරන ඔවුන් කවුරුන්දැයි ඔවුන් පසුතැවෙන්නේ ඇයිද යන එක ගැන ඔබම මේ ලිපිය කියවා දැනගන්න.
අබ්දුල් කලාම් හමු නොවීම හරි දුකක්
01. සල්මාන් ඛාන්
බොලිවුඩ් කර්මාන්තයේ භායිජාන් ලෙසින් හඳුන්වන සල්මාන් ඛාන්ගේ ජීවිතයේ කිසිවකින් අඩුවක් නොමැති බව ඔහු ගෙවන ජීවිතය ගැන දකින ඕනෑම කෙනෙක් අනිවාර් යෙන්ම හිතනවා. ඔහුට ජනප‍්‍රියත්වය සහ මුදල් හදල්වලින් කිසි අඩුවක් නැති නිසා ඔහුට අවශ්‍ය ඕනෑම දෙයක් ලබාගත හැකි වුණත්, ඔහුගේ සතුටුදායක ජීවිතයේදී ඔහුට අවශ්‍ය ලොකුම හීනයක් ඉටුකර ගැනීමට නොහැකි වී තියෙනවා. සල්මාන් ඛාන්ගේ ලොකුම සිහිනය වූයේ ඉන්දියාවේ හිටපු දිවංගත ජනාධිපති ආචාර්ය ඒ.පී.ජේ. අබ්දුල් කාලාම් හමුවීමයි. කනගාටුවට කරුණනම් සල්මාන් ඛාන්ගේ මෙම සිහිනය සැබෑ නොවීමයි. ඔහු ඉන්න පසුතැවීම ගැන සල්මාන් වරක් මෙන්න මෙහෙම කියලා තියෙනවා. ‘‘ඔබට කෙනෙක්ව හමුවෙන්න අවශ්‍යයි කියලා දැනුණාම ඒ අවශ්‍ය කෙනාව කාලය නාස්ති නොකර වහාම ඔහු හෝ ඇයව හමුවෙන්න. කාලාම්ව හමුවීමේ අවශ්‍යතාවයක් මට තිබුණා. මම එතුමාව හමුවෙන්න උත්සාහ කළ යුතුව තිබුණා. මම ඒක කළේ නැහැ. ඒක මගේ ජීවිතයේ මම කරගත්ත විශාල පාඩුවක්.
කංගනා එක්ක සීතල යුද්දෙට අවුල් ගිහින්
02. කරන් ජෝහර්
බොලිවුඩ් සිනමාවේ ජනප‍්‍රිය අධ්‍යක්ෂවරයෙක් සහ නිෂ්පාදකයෙක් වන කරන් ජෝහර් ස්වභාවයෙන්ම හාස්‍යජනක කෙනෙක් වන අතර වරක් විහිළුවට කංගනා රනෞත් ගැන යමක් පවසා ඇති අතර ඒ හේතුවෙන් ඕපාදූප සීග‍්‍රයෙන් පැතිරෙන්නට විය. පවුල් සංග‍්‍රහය සම්බන්ධයෙන් කංගනා සහ කරන් අතර සීතල යුද්ධයක් පැවති බව බොලිවුඩයට ආදරය කරන කවුරුත්ම දන්නවා. සායිෆ් අලී ඛාන්, වරුන් ධවාන් සහ කරන් ජෝහර් නිව් ජර්සි හි පැවති අයිෆා සම්මාන උළෙලකදී නෙපෝටිසම් රොක්ස්, (ඥාති සංග‍්‍රහ) යන සටන් පාඨය මතුවූ අතර ඒ සඳහා පසුව කරන් බොහෝ පසුතැවිලි වූ අතර අදටත් කරන් ඒ ගැන කනගාටු වෙනවා.
පුතා එක්ක යාළුවෙක් වගේ ඉන්න බැරි වුණා
03. රීෂී කපූර්
ජීවිතයෙන් සමුගත් ප‍්‍රවීණ නළුවෙක් වුණු රිෂී කපූර් සෑම දෙයකින්ම සාර්ථක වුවත් ඔහුගේ පෞද්ගලික ජීවිතය ඔහුගේ වෘත්තියේ ජීවිතය තරමටම සාර්ථක වූ නමුත් ඔහු වඩාත් පසුතැවිලි වූයේ ඔහුගේ පුත් රන්බීර් කපූර් සමඟ කිසි දිනෙක මිත‍්‍රශීලීව සිටීමට නොහැකිවීම ගැනයි. මාධ්‍ය සාකච්ඡාවකදී රිෂී කපූර් මෙන්න මෙහෙම ඒ ගැන කියලා තියෙනවා. ‘‘මම මගේ තාත්තට හැමවෙලාවෙම බය වෙලා හිටියේ. මම මගේ පුතා රන්බීර් ගැන එහෙමද කියන්න දන්නේ නැහැ. ඒත් ඔහු මට ගරු කරනවා කියලා දන්නවා. මට කවදාවත් රන්බීර් එක්ක යාළුවෙක් වගේ ඉන්න බැරි වුණා. ඒක තමයි මගේ ජීවිතයේ ලොකුම අඩුපාඩුව. ලොකුම පසුතැවීම.* ඔහු මිය යන කාලය තුළ නම් රන්බීර් තම පියා එක්ක ඉතාම කුළුපගව සිටින ඡායාරෑප පුවත්පත්වල පළ කරලා තිබුණා.
ආශ්ට පෙම් කරන්න මට බැරි වුණා
03. ශාරුක් ඛාන්
දේව්දාස් චිත්‍රපටයේ ආශ්වර්යා ශාරුක්ගේ පෙම්වතිය වුණත් ශාරුක් මෙහෙම කියනවා. ආදරයේ අධිරජ යන විරුදාවලියෙන් හඳුන්වන ශාරුක් ඛාන් බොලිවුඩ් සිනමා ක්ෂේත්‍රයේ සිටින ජනප‍්‍රිය නිළියන් සියලුම දෙනා එක්ක වගේ සිනමාපටයන්හි ෙප්‍ර්ම ජවනිකා සඳහා පෙනී සිටියද විශ්වයේ රූ රැජිනිය වුණු හැඩකාර ඵෙශ්වර්යා රායි බච්චන් එක්ක ප්‍රේම ජවනිකාවක පෙනී සිටීමට නොහැකිවීම ගැන පසුතැවෙනවා. ඵෙශ්වර්යා සහ ශාරුක් ජෝෂ් සිනමාපටයෙහි එකට චරිත සඳහා පණපෙවීම් සිදු කළද එහි ඵෙශ්වර්යා සහෝදරියගේ චරිතයට තමයි පණ පොවන්නේ. ජෝෂ් සිනමාපටයට අමතරව ඵෙශ්වර්යා සමඟින් ශාරුක් මොහබ්බේතෙන් සිනමාපටයෙහිද චරිතයන්ට පණ පෙව්වත් ඔවුන්ගේ ප්‍රේම ජවනිකාවක් එයට ඇතුළත් වුණේ නැහැ. සම්මුඛ සාකච්ඡාවක් අතරතුර ඵෙශ්වර්යා එක්ක මම ප්‍රේම ජවනිකාවක් කරන්න තරම් වාසනවන්තයෙක් නොවුණු බව පවසා තියෙනවා. ජෝෂ් සිනමාපටයේ සිටි විශ්ව රූ රැජිනිය වූ හැඩකාරිය මගේ සහෝදරිය වීම ගැන මම ලැජ්ජා වෙනවා කියලා ඔහු කියා තියෙනවා.
කාලසටහන තමයි හෙණේට හිටියේ
04. ඵෙශ්වර්යා රායි බච්චන්
ඵෙශ්වර්යා රායි තමන්ගේ වැඩ ගොඩාක් අවංකව පක්ෂපාතීව කරන කෙනෙක්. ඇය තමන්ගේ කළ යුතු වැඩ කිසිම හේතුවක් නිසාවත් කල් දමන්නේ නැහැ. ඇයගේ ඒ ස්වභාවය හේතුවෙන් විශාල ව්‍යාපෘති බොහොමයක් ඇයගෙන් ගිලිහී ගිය අතර ඇය ඒ පිළිබඳව මේ වෙද්දී පසුතැවිලි වෙනවා. වර් ඛාන් සිනමාපට උළෙලේදී ඇය මාධ්‍ය වෙත මෙන්න මෙහෙම කියලා තියෙනවා. නියමිත කාලසටහනට අනුව වැඩ කිරීම හේතුවෙන් ඇයට බොහෝ අවස්ථාවන් අහිමි වූ බව ඇය කියනවා. මමත් අනිත් ප‍්‍රසිද්ධ අය වගේ ආක‍්‍රමණශීලී කෙනෙක් වෙන්න තිබුණා. එහෙම වුණානම් කාලසටහන ඉබේම හැදෙනවා.
කොච්චර ආසා වුණත් අපි- අපිට මඟඇරුණා
05. දීපිකා පදුකෝන්
අසමසම සුන්දරත්වයේ සහ සුපිරි රංගන කුසලතාවයේ හිමිකාරිනියක් වන දීපිකා පදුකෝන් යාශ් චොප්රා එක්ක වැඩ කිරීමට නොහැකිවීම ගැන කනගාටු වෙනවා. දීපිකා කර්මාන්තයේ ඇති හොඳම සන්නාම සියල්ලම එක්ක වැඩ කොට ඇතත් යාෂ් චොප්රා එක්ක සිනමාපටයක වැඩ කිරීමට නොහැකිවීම ඇයගේ ජීවිතයේ ලොකුම පසුතැවීමට හේතුව බව ඇය පවසා තියෙනවා. මේ ගැන දීපිකා ඇයගේ වචනයෙන් මෙන්න මෙහෙම කියලා තියෙනවා. ‘‘මම යාශ් ජීත් එක්ක වැඩ කරන්න කැමැත්තෙන් හිටිය තරමටම එතුමත් මට කැමැත්තෙන් හිටියා.
උපාධිය කරගන්න බැරි වුණාට හරි දුකයි
06. කරීනා කපූර් ඛාන්
කරීනා කපූර් ඛාන් තමන්ගේ අධ්‍යාපනය පිළිබඳව පසුතැවීමකින් ඉන්න කෙනෙක්. මුම්බායිහි රජයේ නීති විද්‍යාලයෙන් උපාධියක් ලබාගැනීමට ඇයට අවශ්‍ය වූ නමුත් ඇයට එය කරන්න නොහැකි වෙනවා. කරීනා අදටත් ඒ ගැන දැඩි පසුතැවීමකින් ඉන්නවා. ගුවන් විදුලි වැඩසටහනක් අතරතුර ඇය ඒ ගැන මෙන්න මෙහෙම කියලා තියෙනවා. ‘‘අද වෙනකොට අධ්‍යාපනය කියන එක ගොඩාක් වැදගත් වෙනවා. මට මගේ උපාධිය සම්පූර්ණ කරන්න තිබුණා කියලා මම හිතනවා. මට පස්සේ රංගනයට එකතු වෙන්න තිබුණා. ඒත් මම ඒක මුලින් කළා. මට උපාධිය කරලා ඉවරවෙලා රඟපාන්න එන්න තිබුණා කියලා දැන් තමයි මට තේරෙන්නේ. මම හැමදාම ඒ ගැන හිතලා පසුතැවෙනවා.
මම හිටියනම් ඒකත් හබක්
07. ට්වින්කල් ඛන්නා
ජනප්‍රි නිළියක් සහ නිෂ්පාදිකාවක් වන ආක්ෂය කුමාර්ගේ බිරිඳ වන ට්වින්කල් ඛන්නා හට කුච් කුච් හෝතා හේ සිනමාපටයෙහි ටීනාගේ චරිතය සඳහා තෝරාගත්තද හේතු කිහිපයක් හේතුවෙන් ඇයට එම සිනමාපටයෙහි රංගනයෙන් දායක වීමට නොහැකි වූ අතර කුච් කුච් හෝතා හේ සිනමාපටය බොක්ස් ඔෆිස් වාර්තා තබද්දී ඇය බෙහෙවින් කලබලයට පත්ව තියෙනවා. ඇය ඒ ගැන බෙහෙවින් පසුතැවීමකින් සිටියදී මෙන්න මෙහෙම කියලා තියෙනවා. ‘‘මම ඒ සිනමාපටයේ හිටියේ නැති එක හොඳයි. මම නැති නිසා ඒ සිනමාපටයේ සුන්දරත්වය වැඩියි. මම ඒ සිනමාපටයේ හිටියනම් මගේ අනිත් සිනමපටයන් වගේ ඒකත් අසාර්ථකත්වයට පත්වෙන්න ඉඩ තිබුණා.