විරාජ්.. මොනවාද මේ දවස්වල තොරතුරු?
මේ දවස්වල අලුත් නාට්‍යයක වැඩ පටන් ගත්තා. ඒ වගේම සුපුරුදු පරිදි නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ රෑගත කිරීම් කරන ගමන් රටේ පවතින කොරෝනා ප්‍රශ්නයත් එක්ක පරිස්සමෙන් ජීවත් වෙනවා.
විරාජ්.. ඔබ Travel කියන දෙයට කැමති කෙනෙක්ද?
ඔව්. මම හරිම ආසයි Travel කරන්න.
ඔබ කුඩා කාලයේ සිට Travel කරන කෙනෙක්ද?
කුඩා කාලයෙදි නම් මම ලොකුවට ඇවිදින්න ගිය කෙනෙක් නෙවෙයි. නමුත් දැන් නම් මම මට විවේකයක් ලැබුණු හැම වෙලාවකම ඇවිදින එක තමයි කරන්නෙ.
මේ වනතුරු ඔබ කරපු Travel වලින් ඔබේ හිතට දැනිච්ච තැනක් තියෙනවාද?
එක තැනක් තියෙනවා. හැබැයි මම ඒ ගමන ගියේ Travel එකක් විදිහට නෙමෙයි. අහම්බෙන් සිදුවුණු දෙයක්. ඒ තමයි මීමුරේ.
අපි කැමතියි දැනගන්න ඔබ ඒ අහම්බෙන් ගිය ගමන ගැන?
මම ඒ ගමන අහම්බෙන් කියලා කිව්වේ මම මීමුරේට ගියේ ටෙලිනාට්‍යයක රෑගත කිරීම් සඳහා. නමුත් ඒ ගමට ගියාට පස්සේ ඒ ගමේ මිනිසුන් එක්ක විඳපු අත්දැකීම් සහ ඒ පරිසරයේ තියෙන අලංකාරයත් වගේම උදේම ඇසෙන සතුන්ගේ ශබ්දය සහ අධික සීතල වගේ දේවල් හින්දා වෙන්න ඇති මම මීමුරේ ගමනට ආසා කරන්නෙ. අනික ඒ ගමන අහම්බෙන් සිදුවුණේ දෙයක්නෙ.
මීමුරේ ගිය ගමනේදි ඔබට සිදුවුණු අමතක නොවන සිදුවීම් ගැනත් අපි කතා කරමු?
මම මීමුරේ ගියේ නාට්‍යයක රෑගත කිරීමක් සඳහා. හැබැයි මමයි හර්ෂණ බෙත්මගේ අයියටයි රෑගත කිරීම් සඳහා කොළඹින් යන වාහනය මඟහැරුණා. ඊට පස්සේ අපි දෙන්නට බස් එකේ තමයි මීමුරයට යන්න වුණේ. මීමුරයට යද්දි නුවරඑළියට කලින් තමයි බස් එකෙන් බහින්න ඕනෙ. නමුත් අපි දෙන්නටම බස් එකේදි නින්ද ගියා. අපි ඇහැරිලා බලනකොට නුවරඑළිය ආසන්නයටම අපි ඇවිල්ලා. ඊට පස්සෙ අපි දෙන්නා බස් එකෙන් බැස්සා. එතන තිබුණා හාඩ්වෙයාර් එකක්. ඒකෙ ෂීට් ගොඩගහලා තිබුණා. අපි දෙන්නා ඒක උඩ වාඩිවෙලා පැයක පමණ කාලයක් එතනට වෙලා හිටියා. හොඳම වැඩේ තමයි අපි දෙන්නම කොට කලිසම් දෙකක් ඇඳගෙන හිටියේ. ඒ පරිසරය අධික සීතලයිනෙ. කොහොම හරි හර්ෂණ අයියා ළඟ බෙඩ්ෂීට් එකක් තිබුණා. අපි දෙන්නා ඒකෙන් අත් කකුල් වැහෙන විදිහට පොරවාගෙන හාඩ්වෙයාර් එකේ ෂීට් උඩ පැයක් විතර ඉඳගෙන හිටියා අපිව එක්කගෙන යන්න එනකම්. ඒ අත්දැකීමනම් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.
විරාජ්.. ඔබ රංගන කටයුතුවල නිරත වෙන ගමන් Travelling සඳහා කාලය වෙන් කරවා ගන්නේ කොහොමද?
ගොඩක් වෙලාවට මම Travel කරන්නෙ රංගන කටයුතු සඳහා විවිධ පළාත්වලට යන ගමන්. මේ දවස්වලත් මම ගාල්ල පැත්තේ හික්කඩුව පැත්තේ තියෙන තැන්වලට යනවා. නමුත් මම Travel වලටම කියලා වෙනම කාලයක් වෙන්කර ගන්නෙ නම් නෑ.
ඔබ ඇවිදින්න යන්න කැමති වැඩිපුර කාත් සමඟද?
මගේ හොඳම යාළුවො කිහිප දෙනෙක් ඉන්නවා. ඒ හොඳම යාළුවො එක්ක ඇවිදින්න යන්න තමයි මම කැමති. මොකද ඒ ගමන හරි සුන්දරයි. ඒ සියලු දෙනා විනෝදයට කැමති කට්ටිය. ඒ නිසා මම වැඩිපුර කැමති මගේ හොඳම යාළුවන් කිහිප දෙනා සමඟ Travel කරන්න.
ඔබගේ හොඳම යාළුවන් සමඟ ඔබ ගිය ගමනකදි වෙච්ච අමතක නොවන සිදුවීමක් ගැනත් අපි කතා කරමු?
අපිට සංගීත කණ්ඩායමක් තියෙනවා %ෙඝා්ෂා^ කියලා. ඒ සංගීත කණ්ඩායමේ කට්ටිය එක්ක තමයි මම ගොඩක් වෙලාවට Travel කරන්නෙ. දවසක් අපි කට්ටිය නුවරඑළියේ Travel එකක් කළා. නුවරඑළියේ ගිහිල්ලා අපිට යන්න පුළුවන් වුණේ ග්‍රෙගරි වැව ළඟට විතරයි. අපි දවස් දෙකක් එහේ හිටියා. ඒ හිටපු දවස් දෙකේදිම අපි ග්‍රෙගරි වැවට යනවා. ආයෙත් අපි නැවතිලා ඉන්න තැනට එනවා. ඒ ගමනෙදි කරපු එකම දේ එච්චරයි. මට මතක විදිහට ඒ කාලෙදි රටේ කිසියම් හෝ ප්‍රශ්නයක් නිසා තමයි අපිට ඒ සිදුවීමට මුහුණ දෙන්න වුණේ. කොහොම හරි ඒ ගමන පුරාවටම අපි කළේ ගෙගරි වැව බලපු එක විතරයි.
විරාජ්.. ඔබ Travel කියන දේ දකින්නෙ කොහොමද?
අපි අපේ නිදහස් කාලය තුළ විඳිය යුතු උපරිම විනෝදය, උපරිම සතුට පරිසරයත් එක්ක විඳින්න ඕනෙ. ඒ දේ පරිසරයත් එක්ක විඳින්න නම් අපි Travel කියන දේ අනිවාර් යෙන් කරන්න ඕනෙ. ඒ වගේම Travel කියන දේ කෙටියෙන්ම කිව්වොත් අපේ අනාගතය සාර්ථක කර ගන්න වර්තමානයේ අපගේ නිදහස වෙනුවෙන් ලැබෙන උපරිම තෘප්තියයි.
ඔබ කවදාවත් නොගිය, නමුත් කවදා හෝ යනවාමයි කියලා හීන දකින තැනක් තියෙනවද?
ඔව්. මගේ හීනයක් තියෙනවා ලෝකයේ කොහේ හරි රටක තියෙන කාන්තාරයකට යන්න.
ඇයි ඔබ කාන්තාරයකට යන්න එච්චරටම කැමති?
මොකද ලංකාවෙදි විඳින්න බැරි එකම අත්දැකීම තමයි කාන්තාරයක් බලන්න යන එක. ඒ හේතුව නිසා තමයි මම කාන්තාරයක් බලන්න යන්න ආසාවෙන් ඉන්නෙ.
Travel කරන අයට වගේම Travel කරන්න ආසාවෙන් ඉන්න අයට මොන වගේ පණිවුඩයක්ද ඔබ දෙන්නෙ?
Travel කියන්නෙ හොඳ වගේම නරක පැත්තකුත් තියෙන දෙයක්. හොඳ පැත්ත ගැන කතා කළොත් අපේ මනසේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කර ගැනීම වගේම සුන්දර මතක එක් කර ගැනීම සහ අපගේ නිදහස් කාලයට දෙන්න පුළුවන් උපරිම තෘප්තිය තමයි හොඳ විදිහට ගත්තොත් මම දකින්නෙ. නරක විදිහට ගත්තොත් අපි Travel කරන්න ගිහිල්ලා කිසිම පරිස්සමක් නැතිව මත්ද්‍රව්‍ය සහ නොසැලකිලිමත්ව කටයුතු කරනවානම් ඒ දේ මම දකින්නෙ නරක පැත්තක් විදිහට. අනිත් දේ තමයි Travel එකක් කරද්දි හැමදාම එකම තැනට නොයා අලුත් අලුත් තැන්වලට යන ගමන් සැලකිලිමත්ව තමන්ගේ ජීවිතයටත් ආදරය කරන ගමන් Travel කරන්න කියලා මම සියලු දෙනාගෙන්ම ඉල්ලනවා.