බිම්සරාගේ රංගන හැකියාව මුලින්ම පටන් ගත්තේ මියුසියස් විද්‍යාලයෙන් නේද?
ඔව්.... මගේ ආරම්භය මියුසියස් විද්‍යාලයේ වේදිකාව. අපි අවුරුද්දකට සැරයක් සිංහල ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම වේදිකා නාට්‍ය පෙන්නුවා.
පාසල් වේදිකාවේදී ලැබුණු සුවිශේෂී අවස්ථා මොනවාද?
මම අටවසරේ ඉඳිද්දි ඉස්කෝලෙට රියාමනී හත්තෙට්ටුව මිස් අපිට උගන්නන්න ආවා. මිස්ගේ අයියා තමයි ගාමිණී හත්තෙට්ටුවගම සර්. ඉතින් ඒකෙන් මට ගාමිණී සර් යටතේ ඉගෙන ගන්න ලැබුණා. වැඩිපුරම ඉගෙන ගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. සර්ගෙන් ලැබුණු පන්නරය අදටත් හැමදාමත් මට රංගනයේදී ගොඩක් වටිනවා.
කාලයක් මෙහෙම වේදිකාවේ හිටපු බිම්සරා එකපාරටම ඇයි වේදිකාව අතහැරියේ?
ඔව්... මම A/L කළේ ගණිත අංශයෙන්. ඊට පස්සේ මම ඉගෙනුමට ලන්ඩන් ගියා. ඒ නිසා හැම දෙයක්ම නතර කළා. 2009 අවුරුද්දේ මම ආයෙත් ලංකාවට ආවා. ඒ ඇවිත් ඉංග්‍රීසි වේදිකාවට සම්බන්ධ වුණා.
මුලින්ම කළ ටෙලිනාට්‍ය මොකක්ද?
ආනන්ද අබේනායක කළ අප්පච්චි ටෙලිනාට්‍යයය.
මෙවර රාජ්‍ය සම්මාන උළෙලේදී ඔබ හොඳම සහය නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණා. හුඟක් සතුටු ඇති.
ඔව්... ඒ රාජිත දිසානායකගේ නැතුවම බැරි මිනිහෙක් වේදිකා නාට්‍යයෙන්. ඒක මම හරිම ආසාවෙන් රඟපාපු වේදිකා නාට්‍යයක්. රාජිත කියන්නේ ඉතා දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගේ අධ්‍යක්ෂණයෙන් රඟපාන්න ලැබීමත් එක්තරා වාසනාවක්.
චන්ද්‍රරත්නම්ගේ According to Matthew චිත්‍රපටයේ Father Matthew ගේ බිරිය ඔබ?
ඔව්... ඒකේ මම රඟපෑවා. ඉංග්‍රීසි චිත්‍රපටයේ හැමදෙයක්ම කරලා ඉවරයි. ඒ චිත්‍රපටයට සිංහල හඬකැවීමත් කරලා චිත්‍රපටය මැයි මාසෙ බොහෝදුරට තිරගත වේවි. ඒක සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණ වුණු චිත්‍රපටයක්.
ඇයි එච්චර වයස චරිතයකට හා කීවේ?
මාව මුලින්ම තෝරාගෙන තිබුණේ වෙනත් චරිතයකට. ඊට පස්සේ චන්ද්‍රරත්නම් මහතා කිව්වා මේ වගේ චරිතයක් තියෙනවා වයසක චරිතයක්. ඒක කරන්න පුළුවන් නම් වයස්ගත කරලා ඒක රඟපාන්න කියලා. ඇත්තටම මම ඒකට කැමති වුණා.
ලස්සන මූණ එකපාරටම වෙනස් කරද්දී අනේ අයියෝ කියලා හිතුණේ නැද්ද?
කීපසැරයක්ම එක එක විදිහට වයස්ගත කර කර ඒ අය මට ගැළපෙන මේක්අප් එක කළා. ඒක හරි අපූරැ අවස්ථාවක්. ඉන්නවට වඩා මාව සම්පූර්ණයෙන්ම වෙනස් කළා.
ඔය චිත්‍රපටය හරහා ඔබට ජැක්ලීන්ව මුණගැසුණා. ඇය කොහොම කෙනෙක්ද?
ජැක්ලීන් එක දර්ශනයකදී මුණගැහුණා හැරෙන්න දර්ශන තලයෙන් පිටතදී ඇයව මුණ ගැහෙන්න මට අවස්ථාවක් ලැබුණේ නෑ. ජැක්ලීන් හරිම බිසී නිසා එයාගේ දර්ශන එක දිගටම ෂූට් කරලා ඒ ඉවර වුණු ගමන් ඇය ආපසු ගිහින්. ඒ නිසා ළඟින් ඇසුරු කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ.
ලොකේෂන් එකේදී ජැක්ලීන් කොහොමද...?
ජැක්ලීන් ආපු වෙලාවේ ඉඳන්ම හරිම විනෝදයෙන් ඉන්නේ. එයා හයියෙන් හිනාවෙනවා. පුදුමාකාර සතුටකින් ඇය ඉන්නේ. මොකක් හරි දෙයක් කියලා නිතරම මහ හයියෙන් හිනාවෙන එක ඇගේ පුරුද්දක් වගේ.
Alston Koch හා බිම්සරාට රඟපාන්න ලැබුණා. Alston ගැන මොකද හිතුණේ?
Alston එක්ක ජැක්ලින්ට වඩා දර්ශන තලයෙ වැඩිපුර රඟපාන්න මට අවස්ථාව ලැබුණා. එයා ලාංකික බර්ගර් කෙනෙක්. එයා ලංකාවේ එක්කෙනෙක්. ගොඩක් කාලයකට පෙර ඔහු ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිහින්. ඔහු හොඳ ගායකයෙක්. Alston හරිම මිත්‍රශීලියි.
සැබෑ ජීවිතයේදී ෆාදර් මැතිව් වගේ කෙනෙක්ගේ බිරිය වෙන්න ලැබුණොත් බිම්සරා කැමතිද?
නෑ.... ඇත්තටම මම කැමති නෑ.
කොහේද මේ චිත්‍රපටය රූගත කළේ?
ගොඩක් දර්ශන තිබ්බේ හොරණ ආශ්‍රිතවයි. කුඹුකේ වලව්වේ තමයි මේක රූගත කිරීම් කළේ.
බිම්සරා අපි ප්‍රේමය ගැනත් කතා කරමු නේද?
ප්‍රේමය.... ප්‍රේමය ගැන මට තියෙන්නේ දැන් කම්මැලි වටපිටාවක්. කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා. නමුත් මේ වෙලාවේ මම ප්‍රේමය ගැන හිතන්නේ නෑ. කසාද බඳින්නම ඕනේ කියලා මට අදහසකුත් නෑ. දැනට එහෙම බඳින්න හිතෙන කෙනෙක් මුණගැහිලත් නෑ. ඒ නිසා ඒක ගැන තියෙන උනන්දුව දැන් හරි අඩුයි.
දැන් තියෙන්නේ මොන උනන්දුවද?
දැන් මගේ වෘත්තිය කලා වෘත්තියයි. කරපු රැකියාවෙන් මම අයින් වුණා. දැන් වෘත්තිය වශයෙන් රංගන ශිල්පිනියක්.
ඒත්... බිම්සරාව දකින්න ලැබෙනවා හරි අඩුයිනේ?
ඔව්. මම ගොඩක් තෝරනවා. කතාකරපු හැම අවස්ථාවක්ම මම බාරගත්තේ නෑ. හැමදෙයක්ම මම බදා ගත්තෙත් නෑ.
බිම්සරාගේ ගාණ සැරයිද?
සමහරු එහෙමත් හිතනවා. මම ගාණක් ඉල්ලුව නම් ඊට වඩා ගොඩක් අඩු ගාණක් කියන අවස්ථාත් තියෙනවා. ඒත්... මම වෘත්තියට ආදරෙයි. මම වැඩක් බාරගත්තොත් ඒකට උපරිමයෙන් මගේ රංගනය ලබලා දෙන්න උත්සාහ කරනවා. ඒ නිසා සමහරවිට සමහරුන්ට මගේ ගාණ සැර ඇති.
බිම්සරාව නිතර දැක්කේ නැතිවුණාට ඔය කටහඬනම් නිතරම ඇහෙනවා නේද?
ඔව්... මම වෙළෙඳ දැන්වීම්වලට හඬ කැවීම් කරනවා. ඇඩ්‍රස් නෑ ටේලර් එක කළේ මම. ෆිල්ම්වලට සම්බන්ධ තැන්වලදීත් සමහර තෝරාගත්ත කීප තැනකදීත් මම නිවේදන වැඩත් කරනවා.
Text – Dishani / Pic – Sumudu