මේ දිනවල ඉන්දියාවේ සහ හින්දි ගීතවලට ආදරය කරන ලොව බොහෝ රටවල බච්පන් කා ප්‍යාර් කියන ගීතය බෙහෙවින් ජනප‍්‍රියට පත්ව ඇති අතර එය මේ වනවිට ට්‍රෙන්ඩින්වලට පත්ව ඇති ගීතයක්ද වේ. සාමාන්‍ය පුද්ගලයින්ගේ සිට ජනප‍්‍රිය පුද්ගලයින් දක්වා මෙම ගීතයට අදාළ වීඩියෝ පට තම සමාජ මාධ්‍ය ගිණුම් හරහාද තම හිතවතුන් සමඟ බෙදාහදාගෙන ඇත. ළමා කාලයේදී යමෙකු කෙරෙහි ඇදීමක්, සිතුවිල්ලක්, ආකර්ෂණයක් හෝ ප්‍රේමයක් ඇතිවුවහොත් එය කිසිවෙක් කෙසේ අමතක කරන්නද? සාමාන්‍ය ජනතාව ආදරය කරනුයේ ජනප‍්‍රිය පුද්ගලයින්ටය. ඒත් හින්දි සිනමාවේ සිටින ප‍්‍රවීණයින්ට පවා ඔවුන්ගේ ළමාවියේ ප්‍රේමය අමතක කළ නොහැකි බව ඔබ දන්නවාද.? ඔවුන්ගේ රුචි අරුචිකම් ඉතාම සිත් ඇදගන්නා සුළුය. අන්න ඒ නිසා මේ ලිපියෙන් බොලිවුඩයේ නම රුන්දූ සිනමා තාරකාවන් කිහිප දෙනෙකුගේ කුඩා කාලයේ ආදරයන් ගැන අද අපි ඔබට මේ ලිපියෙන් කියන්නෙමු.
• ආලියා භාත්
ආලියා භාත් - රන්බීර් කියන්නෙ දෙදෙනෙක් නොව එක් අයෙක් බව මේ වනවිටත් බොලිවුඩ් සිනමාවට ආදරය කරන ඔබට අලුත් ආරංචියක් නෙවෙයි. ඒත් ආලියා කුඩා වියේදී පිස්සු හැදිලා වගේ ආදරය කළේ කාටද කියලා නම් මේ වෙද්දිත් ඔබ නොදන්නවා ඇති. ඇය කුඩා කාලයේ ආදරය කළ ආදරවන්තයා ශාහිද් කපූර් කිව්වොත් ඔබ පුදුමයට පත්වනු ඇත. ආලියා ෂාහිද්ගේ පළමු සිනමාපටය වන ඉෂ්ක් විෂ්ක් සිනමාපටය දුටුදා පටන් ශාහිද්ගේ රසිකාවියක් වූ අතර ඔහුට ආලියා බෙහෙවින් ආදරය කරන්න පටන් අරන් තියෙනවා. ආලියා ශාහිද් එක්ක සිනමාපට කිහිපයක චරිතයන්ට පණ පොවලත් තියෙනවා. තමන්ගේ ළමා කාලයේ ආදරය කළ ශාහිද් එක්ක එකට වැඩ කරන්න ලැබීම ගැන ආලියා ගොඩාක් සතුටට පත්වුණු බවත් ඇය වරක් ඉන්දියාවේ මාධ්‍ය හමුවේ කියා තියෙනවා. ආලියා ශාහිද් එක්ක ශාන්දාර් සිනමාපටයෙහි අපූරු චරිත නිරූපණයක් සිදු කළද ඒ සිනමාපටය ප්‍රේක්ෂකයින් අතරට නම් ගියේ නැහැ.
• සල්මාන් ඛාන්
සල්මාන් ඛාන්ගේ ආදර කතා ගැන බොලිවුඩ් සිනමාවට ආදරය කරන කිසිවෙකුටවත් රහසක් නෙවෙයි. සංගීතා බිජ්ලානී, අයිශ්වර්යා රායී, සෝමී අලි, කත‍්‍රිනා කයිෆ් ඇතුළු සිනමා තාරකා රාශියක් සමඟින් ආදරය කළ සල්මාන් ඛාන් කුඩා කාලයේදී ආදරය කරලා තියෙන්නේ රේඛාටය. ඇය ඔහුගේ පළමු ආදරය බව ඔහු වරක් ප‍්‍රකාශ කරලා තියෙනවා.
සල්මාන් ඛාන්ගේ පළමු සිනමාපටය වන බීවී හෝතෝ ඵෙසී හි ප‍්‍රධාන නිළිය විදියට රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ රේඛා වීමත් ඉතාම සිත්ගන්නා කාරණයක්. සල්මාන් ඛාන් එම සිනමාපටයේ අතුරු චරිතයකට පණ පොවන බවත් ඔබ දැන සිටියාද? රේඛා සහ ෆාරුක් ශෙයික් මෙම සිනමා පටයෙහි ප‍්‍රධාන චරිතයන්ට පණ පොවනවා. රේඛා නිසා සල්මාන් මෙම සිනමාපටයෙහි කුඩා චරිතයකට පවා පෙනී සිටීමට භාරගෙන ඇති බව බොලිවුඩයේ තතු දත් අය පවසනවා.
• රන්බීර් කපූර්
රන්බීර් කපූර් එක් අයෙක් සමඟ පවත්වන ආදර සම්බන්ධතාවය අවසන් වෙන්නත් කලින් තවත් අයෙක් සමඟ ආදරයෙන් වෙළෙන කෙනෙක් විදියට තමයි බොලිවුඩයේ ජනප‍්‍රිය වෙලා තියෙන්නේ. ආලියා භාත් එක්ක ආදරයක් පටන් ගන්න කලින් ඔහු ආදරය ගැන බැරූරුම්ව හිතන්න පටන් අරගෙන තියෙනවා. රන්බීර් කපූර්, ආලියා භාත්, දීපිකා පදුකෝන් සහ කත‍්‍රිනා කයිෆ් එක්ක තිබුණු ආදර පලහිලව් ගැන බොලිවුඩයට හිතැති නොදන්න කෙනෙක් ඉන්න විදියක් නම් නැහැ.
එසේ වුවත් රන්බීර් කපූර් කුඩා කාලයේ පටන් මධුරී ඩික්සිත්ට පිස්සු වැටිලා වගේ ආදරය කළ කෙනෙක්. රන්බීර් කපූර් මධුරී ඩික්සිත්ට උන්මන්තකයෙක් වගේ ආදරය කරලා තියෙනවා. තමන් මධුරීට කොච්චර ආදරය කළාද කියනවා නම් ඇයව විවාහ කර ගැනීමට පවා සිහින දැක්ක බව වරෙක රන්බීර් ඉන්දියාවේ මාධ්‍යවලට පවසා තියෙනවා.
• කරීනා කපූර්
කරීනා කපූර්ට උමතුවෙන් රසික රසිකාවියන් ආදරය කරන අතර ඇයගේ දරුවන් වන තෛමූර් සහ ජහාන්ගිර් ගැන වගේම ඇයගේ සහකරුවා සායිෆ් අලි ඛාන් ගැනත් ඇයගේ රසික රසිකාවියන් උමතුවෙන් ආදරය කරනවා.
එහෙත් කරීනා කපූර් කුඩා කල උමතුවෙන් ආදරය කරලා තියෙන්නේ හොලිවුඩයේ කඩවසම් නළු ලියනාඩෝ ඩිකැප‍්‍රියෝහටයි. ලියනාඩෝගේ සෑම විලාසිතාවකින්ම තමන්ව ඔහුගේ වසඟයට ගත් බව ඇය ඉන්දීය මාධ්‍ය හමුවේ වරක් ප‍්‍රකාශ කොට තියෙනවා. ඇය ඔහුට උමතුවෙන් වගේ ආදරය කළ බවත් ඇය එහිදී වැඩිදුරටත් කියලා තියෙනවා.
• ශාරුක් ඛාන්
ආදරයේ රජු ලෙසින් හැඳින්වෙන ශාරුක් ඛාන්ට ගෞරී ඛාන් සමග ඉතාම රසවත් ආදර කතාවන් ඇති අතර තිරය මත ශාරුක්ගේ ආදර කතා සියල්ලම අති සාර්ථකත්වයට පත්ව තියෙනවා. දිල්වාලේ දුල්හානියා ලේ ජායෙංගේ, දීවානා, ඩර්, මොහොබ්බතේං, චල්තේ චල්තේ කියන සිනමාපට සදාකාලිකව ශාරුක්ගේ රසිකයින්ගේ මතකයේ රඳා පවතිනු ඇත. ශාරුක් ඛාන් කුඩා කාලයේ සිටම උමතුවෙන් වගේ ආදරය කරලා තියෙන්නේ මුම්ටාස් හටයි.