• කොවිඩ් කාලයේදී වැඩිපුරම හිත ගියේ මොනවාටද?
කොවිඩ් කාලයේදී වැඩිපුරම හිත ගියේ සංගීත අධ්‍යක්ෂණ කටයුතුවලටයි. වෙනදාටත් වඩා ඒ වෙනුවෙන් ලොකු කාලයක් ලැබුණා. ඒ වගේම මගේ බිරිඳ හංසිනීට ගීතයක් නිර්මාණය කළා. ඒ වගේම චිත්‍රපට ගොඩාක් නැරඹුවා. ඒ ඔස්සේ බොහෝ දේවල් ඉගෙනගන්න පුළුවන් වුණා. ඔය අතරේදී කෙටි චිත්‍රපට දෙකක් වෙනුවෙන් තිර පිටපත් දෙකක් රචනා කරන්නත් මේ කොවිඩ් නිවාඩු කාලයේදී මට පුළුවන් වුණා. ළඟදීම ඒ කෙටි චිත්‍රපට දෙක නිර්මාණය කරලා You Tube එකෙන් පෙන්නන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.
• ජීවිතේ අහන්න ආස කරන සිදුංව මොකක්ද?
ඇත්තම කිව්වොත් ජීවිතේ එහෙම ආයෙ ආයෙත් ආස කරන ගීත බොහෝමයක් තියෙනවා. එවැනි අහන්න ආස කරන ගීත අහන්න වෙලාවක් තැනක් කියලා නැහැ. මම ඒ ගීත උදේ, සවස, රෑ හැම මොහොතෙම අහනවා. සමහර ගීත පහුකාලීනව එපාවෙන තරමටම ඒ ගීත එක දිගටම අහනවා. ලාංකීය, බටහිර හෝ භේදයකින් තොරව මම ගීත රසවිඳිනවා. මම යොහානිගේ ලොකු රසිකයෙක් නොවුණත් මෑත කාලයේදී ඇය ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතය නිතරම ඇහුවා. ඒකේ හින්දි ගීතයත් නිතරම ඇහුවා.
• යහළුවන් මුණගැහුණාම මේ දවස්වල වැඩිපුරම කතා කරන මාතෘකාව?
යහළුවන් මුණගැහුණම මම කලාව සම්බන්ධයෙන් කතාකරන්න ආසයි. චිත්‍රපට, ගීත, නවකතා යන ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ගැඹුරෙන් කතා කරන්න ආසයි. මම හැම මොහොතකම එවැනි දේවල් සම්බන්ධයෙන් විද්වත් කථිකාවකට සූදානම් කෙනෙක්. ඒ දේවල් නිතරම කතා කරන මගේ යහළුවන් කීපදෙනෙක්ම ඉන්නවා. ඔය අතරේ නව පරපුරේ හොඳ රංගන ශිල්පියෙක් වන දිනූෂ දිසානායක, ඒ වගේම මගේ යහළුවා වන ගායක හර්ෂ ධනුජ්, වගේම හංසිනී එක්කත් මම බොහෝ දේවල් කතා කරනවා.
• පුංචි කාලේට යන්න ඇත්නම් යන්න ආසාකරන කාලය?
පුංචි කාලයට යන්න ඇත්නම් මම ආස අවුරැදු පහළොවයි, විස්සයි අතර කාලයට යන්නයි. ඒ මගේ නව යොවුන් විය කාලයයි. එහෙම ගියොත් ගත්ත සමහර තීරණ වෙනස් කරගන්න තිබුණා. ඒ වගේම යාළුවොත් එක්ක බස්වල ගියපු, යාළුවොත් එක්ක විනෝදයෙන් ගතකරපු සුන්දර කාලයත් තමයි ඒක.
• ආස කරපු සෙල්ලම?
මම ක්‍රීඩාවන් නරඹන්න නම් ලොකු කැමැත්තක් නැහැ. විශේෂයෙන් ක්‍රිකට්, රගර් වගේ ක්‍රීඩාවක් නරඹන්නට මගේ ලොකු කැමැත්තක් නැහැ. නමුත් මම පාපන්දුවලට හරි ආසයි. ඒ ක්‍රීඩකයින්ට හරි ආසයි. පාපන්දු ක්‍රීඩකයින්ගේ විලාසිතාවලට හරි කැමතියි. ඒ පාපන්දු ඇඳුමට හරි කැමැතියි.
• කැමතිම වාහනය?
මම වාහන පස්සේ දුවන මනුස්සයෙක් නෙමෙයි. නමුත් මම BMW වර්ගයේ සහ Ferrari වර්ගයේ වාහනවලට හරි කැමැතියි. විශේෂයෙන් BMWi8 වාහනයක් දැක්කොත් මම පැදගෙන එන වාහනය නවත්තලා ඒ දිහා බලන් ඉන්නවා. Ferrari වාහනයක් දැක්කත් මම ටක්ගාලා හැරිලා බලනවා. හැබැයි ඒ වාහන මම කවදා හරි ගන්නවා කියලා හිතන්නේ නැහැ. නමුත් මම ඒ වාහන දෙකට ආසයි. ඇත්තටම ගන්න තිබ්බත් හොඳයි.
• ලංකාවේ යන්න ආස කරන තැනක් තියෙනවාද?
මම ලංකාවේ යන්න ආසම කරන්නේ හික්කඩුවටයි. මම හතර පස් වතාවක් හික්කඩුවට ගිහින් තියෙනවා. එතැනට ගියාම බලන්න තියෙන දේවල්, එහේ ඉන්න මිනිස්සුන්ගෙ හොඳකම, දේශීය උරැමයක් වුණ කොරල්පර වගේ දේවල් බලන්න පුළුවන්කම ලැබීම වගේම ඒ මුහුදු වෙරළ වගේ දේවල් නිසා හික්කඩුවට යන්න මම හරි ආසයි. මම ඒ වගේම නුවරඑළිය, නුවර, මීගමුවටත් ආසයි.
• යන්න ආස කරන රට?
මම ඇමෙරිකාවට ආසයි. නිව් යෝර්ක් නගරයේ පොඩ්ඩක් ඇවිදගෙන යන්න තිබුණා නම් මම ආසයි. ඒ වගේම නවසීලන්තයේ තිබෙන ස්වභාව සෞන්දර්ය බලන්න යන්නත්, හිම වැටෙන ඕනෑම රටකට යන්නත් ආසයි.
• කාට හරි තෑග්ගක් දෙන්න ලැබුණොත් ඔයා වැඩිපුරම දෙන්නේ?
බොහෝ වෙලාවට මම ඇඳුම් තෑගි දෙයි. ඇඳුම් කියන දේ අනිවාර්යයෙන්ම අඳින නිසා ඇඳුමක් දේවි. ඊට අමතරව ඒ පුද්ගලයාගේ කැමැත්ත අනුවත් දෙන තෑග්ග තීරණය වේවි. අතේ තියෙන මුදල හැටියට ගන්න පුළුවන් හොඳම තෑග්ග මම අරන් දෙනවා.
• කාගෙන් හරි තෑග්ගක් ලැබුණොත් ඔයා ආස කරන තෑග්ග?
මම එහෙම තෑගි බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි. කෙනෙක් සතුටින්, කැමැත්තෙන් දෙන ඕනෑම පොඩි තෑග්ගකට වුණත් මම කැමතියි. හැබැයි ගිටාර් එකකට නම් මම මාර ආසයි.
• කන්න වැඩියෙන්ම කැමති කෑම?
මම කිරිබතුයි, උම්බලකඩ සම්බෝලයි කන්න ආසයි. ඒ වගේම හාල්මැස්සෝ තෙල්දාලා පරිප්පුයි බතුයි කන්න ආසයි. සොසේජස් ප්‍රේස්ට්‍රි කන්නත් මම ආසයි.
• ජීවත් වෙන්න කැමැති....?
මාව කාටවත් එපා නොවන පුද්ගලයෙක් විදිහට ජීවත් වෙන්න ආසයි. කාට හරි මාව එපාවෙයිද, මාව කරදරයක් වෙයිද කියන බයක් මගේ හිතේ තියෙනවා. ඒ වගේම මම මෝඩයෙක් විදිහට පේන්නේ නැතිව මාව මිනිසුන් දකිනවාට මම කැමතියි. සංගීත අධ්‍යක්ෂණයේදී, ගායනයේදී, රංගනයේදී මේ මනුස්සයා මේකට සුදුසු කෙනෙක් කියල හිතන කෙනෙක් වෙන්න මම කැමතියි. ඒ සම්බන්ධව අවශ්‍ය කරන දැනුම, අත්දැකීම් එකතු කරගෙන කවදාහරි දවසක හොඳ නිර්මාණකරැවෙක් වෙන්න කැමතියි.