හින්දි සිනමා කර්මාන්තයේ ඉහළම නමක් දිනා ඉතාම දිගු ගමනක් ගොස් සිටින නළු නිළියන් පවා තවමත් තමන් කිසියම් සිනමාපටයක් හෝ චරිතයක් තෝරාගැනීමට ගත් තීරණය ගැන පසු තැවෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වෙයි. ඔවුන් ප‍්‍රතික්ෂේප කරන ලද එම සිනමාපට සහ චරිත කාලයක් යද්දී සුපිරි ගණයේ ජනප‍්‍රියට පත් වූ සිනමාපට වීමයි එයට හේතුව. ආමීර් ඛාන්, සල්මාන් ඛාන්, ශාරුක් ඛාන්, එයින් කිහිප දෙනෙක්. ඔවුන් ප‍්‍රතික්ෂේප කරන ලද සිනමාපට බ්ලොක්බාස්ටර් බවට පත්වෙලා තියෙනවා. තමන් ප‍්‍රතික්ෂේප කළ සිනමාපට අතිශයින් ජනාදරයට පත්වූ පසු තමන් ගත් තීරණය ගැන පසුතැවිලි වෙන හින්දි සිනමාවේ බැබැළෙන තාරකාවන් කිහිපයක් ගැන අද ඔබට මේ ලිපියෙන් කියවන්න හැකියාව ලැබෙනවා.
01. ඵෙශ්වර්යා රායී බච්චන් - හිරොයින්
මදුර් භණ්ඩාකර් ඔහු දැක්ක සිහිනයක් සැබෑ කර ගැනීමට හිරොයින් සිනමාපටය හින්දි සිනමාවට දායාද කිරීමට වඩා පටන් ගනිද්දීම ඔහු එහි ප‍්‍රධාන චරිතයට පණ පොවන්න තෝරාගෙන තිබුණේ ඵෙශ්වර්යා රායි බච්චන්වයි. ඒත් ඒ කාලයේදී ඵෙශ්වර්යා දරු පිළිසිඳ ගැනීමකට ලක්වෙලා කියලා ක්ෂේත්‍රය පුරා පැතිරිලා තිබුණේ. ඵෙශ්වර්යා ගැබ් ගැනීමට ලක්ව තිබෙන පුවත සත්‍යක් වූ විට ඵෙශ්වර්යා වෙනුවට හිරොයින් සිනමාපටය වෙනුවෙන් කරීනා කපූර් ඛාන්ට එම චරිතය හිමිවුණා. හිරොයින් සිනමාපටය බොක්ස් ඔෆිස් වාර්තා සියල්ලම බිඳ දැමූ සිනමා පටයක් වුණා.
02. සල්මාන් ඛාන් - බාසිගර්
බොලිවුඩයේ සුප‍්‍රසිද්ධ අධ්‍යක්ෂක අබ්බාස් මුස්තාන්ගේ බාසිගර් සිනමාපටය සඳහා ඔහුගේ මුල්ම තෝරාගැනීම වූයේ සල්මාන් ඛාන්ය. බාසිගර් සිනමාපටයෙහි සල්මාන්ට සෘණාත්මක චරිතයකට පණ පෙවීමට නියමිතව තිබුණු අතර ඒ නිසා සල්මාන් එම චරිතය ප‍්‍රතික්ෂේප කොට තියෙනවා. ඉන් අනතුරුව ශරුක් ඛාන් එම සිනමාපටය සඳහා සම්බන්ධ කරගෙන ඇති අතර ශාරුක් ඛාන් බාසිගර් සිනමාපටය හේතුවෙන් හින්දි සිනමාවේ ඉහළින්ම වැජඹෙන තාරකාවක් බවට පත් වූ අතර ඔහුගේ විෂිෂ්ට රංගනය වෙනුවෙන් ඔහුගේ මෙම සිනමාපටය වෙනුවෙන් සම්මාන රුසක්ද හිමිකර ගැනීමට හැකිවුනා. මම මේ සිනමාපටය කළා නම්....... එම සිනමාපටය අතිශයින්ම ජනප‍්‍රියට පත් වූ පසු සල්මාන් කියලා තියෙනවා.
03. සල්මාන් ඛාන් - චක්දේ ඉන්ඩියා
කාන්තා හොකී ගැන කියැවෙන චක්දේ ඉන්ඩියා සිනමාපටය සඳහා මුලින්ම සල්මාන් ඛාන්ව යොදා ගැනීමට නියමිතව තිබුණත් සල්මාන් ඛාන්ට ඒ වෙනුවෙන් දින ලබාදීමට නොහැකිවීම හේතුවෙන් ඒ සඳහා ශාරුක් ඛාන් ඒ සිනමාපටයේ චරිතයට පණ පොවන්නට යොදාගෙන තිෙයනවා. මෙම සිනමාපටය බොක්ස් ඔෆීස් වාර්තා තැබුවා පමණක් නොව සම්මාන රුසකටද පාත‍්‍ර වුණා. චිත‍්‍රපට විචාරකයින්ද මෙම සිනමාපටයේ ශාරුක් ඛාන්ගේ රංගනයන් අගය කළ අතර ශාරුක් ඛාන් මෙතෙක් කළ සිනමාපටවලින් හොඳම එකක් බව ඔවුන් පවසනවා.
04. අමීර් ඛාන් - ඩර්
බොලිවුඩයේ ජනප‍්‍රිය අධ්‍යක්ෂ යාෂ් චොප්රාට ඩර් සිනමාපටය වෙනුවෙන් අජේ දේව්ගන් යොදා ගැනීමට අවශ්‍යව තිබුණද අජේ දේව්ගන් දීර්ඝ කාලයක් යනතුරු එම සිනමාපටයට කිසිදු ප‍්‍රතිචාරයක් ලබා දී නොමැත. ඉන් අනතුරුව යාෂ් චොප්රා ආමීර් ඛාන්ව එම සිනමාපටයට තෝරා ගත්තද ආමීර් ඛාන් එම සිනමාපටයේ චරිතයන්ට පණ පොවන එක ප‍්‍රතික්ෂේප කොට තියෙනවා. අවසානයේදී එම සිනමාපටයද ශාරුක් ඛාන්ට ලැබුණු අතර ඩර් සිනමාපටයෙහි ශාරුක් දුෂ්ටයාගේ චරිතයට පණ පොවන බව ඔබ දන්නවා. ඩර් සිනමාපටය බොක්ස් ඔෆිස් වාර්තා පිහිට වූ අතර ශාරුක්ගේ හොඳම රංගනය ඩර් සිනමාපටය තුළින් ෙප්‍ර්ක්ෂකයින්ට
දැකගත හැකිවිය.
05. රිතික් රෝෂන් - දිල් චාහතා හෛ
බොලිවුඩයේ තරුණ අධ්‍යක්ෂවරයෙක් වූ ෆර්හාන් අක්තර් දිල් චාහතා හෛ සිනමාපටයෙහි සිද්ධාර්තගේ චරිතය ලිව්වේම රිතික් රෝෂන්ව හිතේ තියාගෙනයි. එහෙත් රිතික් ඒ චරිතයට පණ පොවන එක ප‍්‍රතික්ෂේක කළා. ඉන් අනතුරුව එම චරිතයට පණ පෙවීමට අභිෂේක් බච්චන්ට යොමුකළද ඔහුත් එම චරිත නිරෑපණය ප‍්‍රතික්ෂේප කළා. අභිෂේක්ගෙන් අනතුරුව එම චරිතයට පණ පොවන්න ආමීර් ඛාන්ට ආරාධනා කොට තියෙනවා. ඒත් ඊට පෙරාතුව ෆර්හාන් විසින් ආමීර් ඛාන් සහ ආක්ෂය ඛන්නාගේ චරිතයන් මාරු කොට ආක්ෂය ඛනා සිද්ධාර්ත්ගේ චරිතය සඳහාත් ආකාෂ් මල් හෝත‍්‍රාගේ චරිතයට පණ පෙවීමට ආමීර් ඛාන්වත් යොදාගත් අතර ෆර්හාන් අක්තර් සහ රිතික් රෝෂන් කාලයකට පසුව සින්දගී නා මිලේගී දොබාරා සිනමා පටයෙහි රංගනයෙන් ඒකට පෙනී සිටි බව ඔබට මතක ඇති.
06. කරීනා කපූර් ඛාන් - කහෝනා ප්‍යාර් හෛ
කහෝනා ප්‍යාර් හෛ කියන බ්ලොක් බ්ලාස්ටට් සිනමාපටයෙන් අමීෂා පටෙල්ව එක රුයකින් තරුවක් බවට පත් කළා. එහෙත් මේ සිනමාපටයේ අමීෂා පණපෙවූ චරිතයට මුලින්ම ආරාධනා කළේ කරීනා කපූර් ඛාන්ටයි. කරීනා එම චරිතය භාරගත් අතර දින කිහිපයකට පසු සිනමාපටයෙහි රෑගත කිරීම් ආරම්භ කොට තියෙනවා. සිනමා පටයෙහි වැඩි අවධානයක් යොමුවෙන්නේ රිතික් රෝෂන්ට බව ඒ වෙද්දී කරීනා අවබෝධ කරගෙන ඇති අතර එයින් කෝපයට පත්වෙලා කරීනා එම සිනමාපටයෙන් ඉවත්වෙලා තියෙනවා. ඉන් අනතුරුව අමීෂා පටෙල්ට එම චරිතයට පණ පොවන්න අවස්ථාව ලැබුණු අතර අමීෂා එම චරිතයට පණ පොවන්න ඉතාම සතුටෙන් භාරගෙන තියෙනවා. කහෝනා ප්‍යාර් හෛ කියන්නේ අදටත් බොලිවුඩයේ හැදිලා තියෙන්නේ ආදරණීය සිනමා පටවලින් එකක් බව කිව යුතු කාරණයක් නොවන බව ඔබම දන්නවා.
07. කරීනා කපූර් ඛාන් - කල් හෝ නා හෝ
ජනප්‍රිය අධ්‍යක්ෂක කරන් ජෝහර්ගේ කල් හෝ නා හෝ සිනමාපටයෙහි නෛනාගේ චරිතය මුලින්ම ලැබෙන්නේ කරීනා කපූර් ඛාන්ට. එහෙත් කරීනා කරන්ගේ මෙම සිනමාපටයෙහි වැඩ කිරීම ප‍්‍රතික්ෂේප කළ අතර ඔවුන් දෙදෙනාගේ මිතුදමද ඒ හේතුවෙන් පළුදු වෙලා තියෙනවා. අද වනවිට මේ දෙන්නා නැවතත් හොඳම යහළුවන් බවට පත්වෙලා තියෙනවා. කරීනා ප‍්‍රතික්ෂේප කළ නිසා එම චරිතය සඳහා ප‍්‍රීති සින්ටා තෝරාගෙන තියෙනවා. අදටත් කල් හෝ නා හෝ සිනමාපටය ඇයගේ සිනමා දිවියේ හොඳම සිනමපටය විදියට ප‍්‍රීති සලකනවා.
08. සල්මාන් ඛාන් - කල් හෝ නා හෝ
කල් හෝ නා හෝ කියන හින්දි සිනමාපටය මුළු ලෝකයේම හදවත් ස්පර්ශ කළ සිනමාපටයක් වන අතර එය බොලිවුඩයේ තැනුණු විශිෂ්ටම සිනමාපටවලින් එකක්. මුලින්ම සල්මාන් ඛාන් මෙම සිනමාපටයෙහි ප‍්‍රධාන චරිතයට පණ පෙවීමට තෝරාගෙන සිටියද සල්මාන් විසින් ශාරුක් ඛාන් එම සිනමාපටයෙහි සිටින නිසා කල් හෝ නා හෝ සිනමා පටයෙහි චරිතයට පණ පොවන එක සල්මාන් ඛාන් ප‍්‍රතික්ෂේප කරලා තියෙනවා.
09. ශාරුක් ඛාන් - ලගාන්
අධ්‍යක්ෂ අශුතෝෂ් ගෝවාරිකර් විසින් ලගාන් සිනමාපටය සඳහා මුල සිටම ආමීර් ඛාන් තෝරාගෙන තිබුණද අධ්‍යක්ෂවරයා විසින් එම සිනමාපටය කාලයක් යනතුරු වැඩ ආරම්භ කළේ නැහැ. සිනමා පටයෙහි වැඩ ආරම්භ කරද්දී අශුතෝෂ් එම සිනමාපටය සඳහා ශාරුක් ඛාන්ව යොදා ගැනීමට උත්සාහ කළද ශාරුක් ඒ ගැන උනන්දුවක් දක්වා නැහැ. ඉන් අනතුරුව අශුතෝෂ් ආමීර් ඛාන් යොදා එම සිනමා පටයෙහි රෑගත කිරීම ආරම්භකොට තියෙනවා. ලගාන් සිනමාශාලාවලට පැමිණි ගමන් සියලුම සිනමාපට අභිබවා සාර්ථකත්වයට පත් වූ අතර දශක දෙකක් අඛණ්ඩව ඔස්කාර් සම්මාන සඳහාද නිර්දේශ වූ
හින්දි සිනමාවේ විශිෂ්ටම සිනමාපටයක් ලෙස ලගාන් සිනමාපටය හඳුන්වන්න පුළුවන්.
10. ශාහීද් කපූර් - මට්රූ කී බිජලී කා මංඩෝලා
අධ්‍යක්ෂක විශාල් භරද්වාජ්ගේ මට්රෑ කී බිජලී කා මංඩෝලා සිනමාපටය මුලින්ම ශාහීද් කපූර්ට යොමු වුවද පසුව ආමීර් ඛාන්ගේ බෑණනුවන් වන ඉම්රාන් ඛාන් සහ අනුෂ්කා ශර්මා මෙම සිනමාපටය සඳහා තෝරා ගෙන තියෙනවා.