2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

හෝ ගාලා සූදු කෙළින අපේ කොල්ලො

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 128

ඔන්න මචෝ අපි පොරොත්තු වුණා  World Cup එක ඉවර වෙන්න ඉස්සෙල්ල තවත් ක්‍රිකට් ගැන Y Trend එකක් දෙනවා කියලා. හැබැයි මේක එච්චර හොඳ හොඳ Trend එකක් නම් නෙවෙයි. මේක ක්‍රිකට්වලට සම්බන්ධ සූදු ගැන කතාවක්. හැබැයි මේක තරග පාවාදීමක් වගේ සීන් එකක් නම් නෙවෙයි. කාලයක් තිස්සේ තියෙන එක පිරිසක් අතර විතරක් ජනප්‍රිය සීන් එකක්. ඒත් ලෝකය පුරාම මේ සීන් මෙදාපාර World Cup එකේදී නැගලා ගියා. ඉතින් අපි සීන් එක මුල ඉඳන් ගලපමු.

අශ්වයන්ට ඔට්ටු අල්ලන පාට පාට ලයිට් දාපු සුපිරි සූදු පොලවල් සුදාලා දැකලා ඇති. ඒවගේ ඇතුළෙ සිද්ධවෙන දේවල් දන්නේ බොහොම ටික දෙනයි. ගොඩක් අයට ඒවා ගැන තියෙන්නේ කුතුහලයක්. හැබැයි සාමාන්‍යයෙන් හැමෝම හිතන්නේ ඕවගේ ඇතුළෙ ඔට්ටු අල්ලන්නේ අශ්වයන්ට විතරයි කියලා. එහෙම නෑ මචෝ දැන් ඒවා ගොඩක් දියුණුයි. පොඩි පොඩි පරිගණක ක්‍රීඩාවල ඉඳලා ක්‍රිකට් තරග දක්වා ඔට්ටු ඒවගේ තියනවා. මැච් එකක් තියෙන දවසට ඒ ඔය සූදු පොළවල්වල පුදුම විදියට සෙනඟ ඉන්නවා. හේතුව හිතාගන්න පුළුවන්නේ මචෝ.

මේවා ඇතුළට යන අපේ කට්ටිය කරන්නේ පොඩි චිට් එකක් තමන්ගේ ඔට්ටුව දාන එක. ඒක ටිකක් සංකීර්ණයි. නිකං මෙහෙම කියන්න පුළුවන් මචෝ. තරග දිනන පරදින එකට විතරක් නෙවෙයි. අද තරඟෙ වැඩියෙන්ම ලකුණු ගහන්නේ කවුද? වැඩියෙන්ම විකට් ගන්නෙ කවුද? වැඩිම හයේ පාර ගාණක් ගහන්නේ කවුද වගේ දේවල්වලට වුණත් ඔට්ටු අල්ලන්න පුළුවන්. අනාවැකි තුන හතරක් හරි ගියොත් හම්බවෙන ගාණ ලොකුයි. හැබැයි තමන් ක්‍රිකට් ගැන දන්නවා කියලා හිතාගෙන මේ තැන්වලට ගිහිල්ලා ඔට්ටු අල්ලන ගොඩක් අය පරදින එක තමයි වෙන්නේ. අතේ තියෙන තුට්ටුවත් නැතිවෙලා තමයි මචෝ මෙයාලා ගොඩක් දෙනෙක් ඔය දිලිසෙන බෝඩ් තියන සූදු පොළවල්වලින් එළියට එන්නේ.

කොහොම වුණත් ලංකාවේ බොහෝ ප්‍රසිද්ධියේ සිද්ධවෙන මේ වැඩේ නීති කනෙන් රිංගලා කරන වැඩක් කියලා තමයි පේන්න තියෙන්නේ. ඇත්තටම මේ වගේ දෙයක් කරන්න ලංකාවේ නීතිය නීතියෙන් අවසර තියෙනවද කියලා ඇහුවොත්, ඔන්න එතැනදි ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ වුණාට මේ වැඩේ බොහොම ජයට කෙරෙනවා. දුක කියන්නේ මචෝ ඉස්සර රේස් බුකිවලට ගියේ අංකල්ලා වුණාට ගමේ ටවුම්වල බැහැලා ඉන්න කොල්ලෝ දැන් මේ සීන් එකට යනවා. විශේෂයෙන්ම ලංකාව, ඉන්දියාව බංග්ලාදේශය, පකිස්ථානය වගේ අපේ කලාප රටවල්වල තාරුණ්‍යය මේ ක්‍රිකට් ඔට්ටුවලට ඇබ්බැහි වෙමින් ඉන්නේ. ඒ නිසා තමයි අපි කතාව පටන් ගත්තෙම කිව්වේ එක නරක Y Trend එකක් කියලා.

සූදු පොළවල්වලට ගිහිල්ලා ඔට්ටු අල්ලන එක විතරක් නෙවෙයි තාක්ෂණය භාවිත කරලා ක්‍රිකට් ඔට්ටු ඇල්ලීමත් මේ දවස්වල නැගලා යනවා. FB එකේ ක්‍රිකට් ගැන උනන්දුවක් තියෙන කෙනෙක් නම් සුදාලා මං මේ කියන දේ අනිවාර්යයෙන් දැකලා ඇති. ක්‍රිකට්වලට සම්බන්ධ ලංකාවේ ඉන්දියාවේ තියෙන ලොකු ලොකු Page වල Group වල Post වල යටින් අමුතු නම් තියන අය Comment දනවා. ඒ වල තියෙන්නේ එක එක WhatsApp, Trigram Group වල Website වල නම්. අලුත්ම ප්‍රොෆයිල් හදාගෙන ඇවිල්ලා මේ දාන්නේ මොනවද?  ඇත්තටම මේ සිද්ධ වෙන්නේ ඔන්ලයින් ඔට්ටු අල්ලන තැන්වලට එන්න කියලා ආරාධනා කිරීමක්.

මේ වෙද්දි සෝෂල් මීඩියා පදනම් කරගෙන online සූදුව ලොකුවට වෙනවා. විශේෂයෙන්ම ඉන්දියාවේ අය තමයි ක්‍රිකට්වලට සම්බන්ධ මේ සූදු ක්‍රියාන්විතය කරන්නේ. මේ ගොඩක් දැන් නීති විරෝධී. සමහරු කරන්නේ වංචාව. ලංකාවේ අය මේ ඔන්ලයින් වැඩේට නම් අහුවෙනවා අඩුයි. ඒත් online සූදුවට හුරුවෙච්ච ලංකාවේ නැහැයි කියලා කියන්න අපිට බෑ. ක්‍රිකට්වලට මිලියන ගණන් වලින් ඔට්ටු අල්ලන අයත් අපේ රටේ ඉන්නවා. රහසේ මේ ව්‍යාපාරය කර හම්බකරගන්න අයත් අපේ රටේ ඉන්නවා. නීතිය අවභාවිත කරලා මේ වගේ ව්‍යාපාර පවත්වාගෙන යන ජනප්‍රිය අයත් ඉන්නවා.

අවසානයේ මේ ටිකත් කියන්න ඕන. අපි නීතිය වගේ දේවලුත් අද කතා කරානේ අන්න ඒ නිසා. ක්‍රීඩා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි බලපත්‍රලාභී ඔට්ටු ක්‍රියාකරැවන් නැහැ. ඒත් පොදුවේ ගත්තම ක්‍රිකට් වලට විතරක් නෙවෙයි වොලිබෝල්, පාපන්දු, ටෙනිස් රග්බි වගේ ක්‍රීඩාවලටත් ඔට්ටු දැමීම ලංකාවේ සිද්ධ වෙනවා. ලංකාවේ මේ වැඩේ තහනම් වුණාට ලෝකෙ පුරා පිළිගත්ත ඔට්ටු ඇල්ලීමේ ක්‍රියාවලියක් තියෙනවා. ඒවා කරන්නෙ අපේ අය නෙවෙයි. ඒ නිසා ක්‍රීඩා ඔට්ටු ඇල්ලීමට උනන්දුවක් දක්වන අපේ ඩයල් තහනම් නොකළ සමාගම්වල සේවාවන් භාවිත කරන අවස්ථා තියෙනවා. එකට නීතියෙන් අවහිරයක් නැහැයි කියලා තමයි එයාලා කියන්නේ.

ඒත් අපි කියන්න ඕනේ පහුගිය දවසක දී ශ්‍රී ලංකා පොලිස්සිය නිවේදනය කරලා තිබ්බා රේස් බයි රේස් බලපත්‍ර ලබාගෙන ක්‍රීඩා ඔට්ටු ඇල්ලීමේ නිරත වීමට ශ්‍රී ලංකා නීතිය නීතියෙන් අවසර නැහැ කියලා. කොහොම වුණත් මචෝ මේක trend එකක් විදියට රට වටේම සිද්ධ වෙනවා. ඔන්ලයින් වැඩෙත් නැගල යනවා. දුක තමයි අපේ තාරැණ්‍යය මේකට වේගයෙන් ඇබ්බැහි වෙන එක. අද කිව්වා කියල මතක තියාගන්න තව අවුරැදු හත අටක් යද්දී මේක අපේ රටට ලොකු ප්‍රශ්නයක් වෙනවා සුදෝ.