2022 ජනවාරි 22 වන සෙනසුරාදා

නැති දෙයක් නැති අමුතු සාද

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 69

සුදාලට මතක ඇති අපේ Party ගැන එක එක ජාතියේ Y Trend කතා කළා. Beach Party, Face Book Party, After Party, Private Party වගේ ගොඩක් Party ගැන අපි මචාලා එක්ක කතා දාලා තියෙනවා. හැබැයි සුදු මාත්තියලා දන්නවා පහුගිය කාලේ කොරෝනා වසංගතය නිසා ඔය ඔක්කොම සාද ඇකිලිලා ගියා. ඒත් ඔන්න මචෝ ආයේ සීන් එක පොඩ්ඩ පොඩ්ඩ ඔළුව උස්සන Line එකක් තියෙන්නේ. After කොරෝනා Party Life කස්ටිය Back to Normal වෙලා වගේ සීන් කෝන් එකක් තියෙන්නේ. 

සංචාරක කර්මාන්තය හීනියට ඔළුව උස්සනවත් එක්ක තමා සාද සීන් එක ආයේ පටන් අරගෙන තියෙන්නේ. පහුගිය කාලේ Party Organize කරපු පොරවල් තමා ආයේ Private Party  විදිහට මේ දවස්වල වැඩේ Organize කරන්නේ. ගොඩක් වෙලාවට දකුණු වෙරළේ සුද්දන් හදපු සුපිරි නිවසක House Party විදිහට මේවා Organize වෙන්නේ. නැතිනම් විලා එකක්, පොඩි Restaurant එකක් වගේ තැනක වැඩේ කරන අයත් ඉන්නවා. Crowd එක මහ ගොඩක් නෑ. Fill දාන සෙට් එක නම් තාම ගොඩක් තමා set වෙන්නේ. ඉස්සර වගේ බුකියේවත් වෙබ් සයිට්වලවත් promote කරන්නේ නෑ. දන්න දන්න අය අතරේ විතරයි ලාවට සීන් එක යන්නේ. වැඩි කැටයම් දැම්මොත් වැඩේ අවුල් යනවා කියලා සියල්ලෝම දන්නවා.

ඔමික්‍රෝන් අයිස් කෝන් දාලා  හෙට අනිද්දා වෙනකොට සීන් එක ආයේ මහා පරිමාණයෙන් organize වෙනවා සිකුරැයි පැංචෝ. මොකද ටිකක් ලොකුවට සංවිධානය වුණු සාද කිහිපයක් ගැනත් ආරංචි ලැබුණා පහුගිය දවස්වල. මෙච්චර කාලෙකට Party සංස්කෘතිය ඇතුළේ තිබුණේ කංසා, අශ්, කුෂ්, ටැබ්ලට්, ස්ටෑප්, කොකේන්  වගේ මත්ද්‍රව්‍ය. ඒත් මේ වෙනකොට Party බැහැපු එල පරම්පරාවක් දරුණුවට අයිස්වලට හුරැවෙලා තියෙනවා මචෝ. ඒකේ ඊළඟ පියවර විදිහට හෙරොයින්වලටත් පුරුදු වුණු කොල්ලෝ කෙල්ලෝ ගැන අහන්න ලැබෙනවා. සිරාවට මචෝ මේක බොහොම භයානක Trend එකක්. වස්තුලාට හැමදාමත් කියනවා වගේ සීන් එකේ එක path එකක් තියෙනවා.. වැටුණොත් ගොඩ එනවා බොරු.

After කොවිඩ් Party සීන් එක සරලව කියන්නම්. මචෝ මුලින්ම කිව්වා වගේ මේ සීන් එකට ටික දෙනයි සෙට් වෙන්නේ.  සංවිධානය වෙන්නේ මෙහෙමයි. මහ මොළකාරයෙක් දෙන්නෙක් ඉන්නවා වැඩේට. එයාලා තමන් මිත්‍ර Party Filing තියෙන කොල්ලෝ සෙට් එකක් වැඩේට සෙට් කර ගන්නවා. ඊට පස්සේ place එකක් හොයාගන්න තමා බර දාන්නේ. මේ සීන් එක කොරෝනාවලින් පස්සේ ආයේ පටන් ගන්න නිසා සල්ලි, ටිකට් වගේ දේවල් නෑ. කස්ටිය එකතුවෙලා පුළුවන් විදිහට සල්ලි දාලා බෝතලයක් දෙකක් එක්ක, ඊට පස්සේ ඔය ස්ටෑම්, ටැබ්ලට්, බයිට්, අනම් මනම් ජාති ටිකක් ගන්නවා. අපි Party සීන් එක ගැන A to Z කියලා තියෙනවානේ මචෝ. Music නැතුව බෑ. DJ කෙනෙක් නැතිනම් අනිවා Bluetooth Sounds System එකක් ඕනෙමයි වස්තු සීන් එකට. 

ඔන්න මේ කළමනා ටික හරි නම් වැඩේට එකතුවෙන place එකක කස්ටිය එකතු වෙනවා. Beach එකට ආසන්න Tourism තියෙන පැතිවල සුද්දන්ගේ සල්ලිවලින් හදපු මේකට ගැලපෙන place ඕනෑ තරම් තියෙනවා. ඔන්න ඊට පස්සේ කට්ටිය එකතුවෙනවා pot එකේ. ඊට පස්සේ අර බෝතලේ කඩලා වැඩ පටන් ගන්නවා. Music ලාවට දානවා. ටැබා ස්ටෑප් එන්නේ දෙවනුව. බෝතලේ ගහන ගමන් ඒ ජාතිත් පාවිච්චි කරනවා. Mobile එකක් Contact කරලා Music Track දැන් Play වෙනවා. බඩු වැඩ කරන එක ඔන්න අපි කලින්ම කියලා තියෙන විදිහට Music එක්ක මෙයාලාට තියෙන බැඳීමක් තමා මචෝ. මුළුමනින් එකිනෙකා අතර තිබුණු කතාබහ දැන් නෑ. ටෙක්නෝ මන්ත්‍රා හවුස් වගේ Music එක්ක කට්ටිය වෙනම ලෝකයකට ගිහිල්ලා ඉන්නේ. සමහරු නම් ඉතින් පොඩි ඩිස්කෝ ලයිට් එකක් එහෙමත් ගහගන්නවා. 

සුදාට මැවිලා පේනවා ඇති සීන් කෝන් එක. මහා පරිමාණ Party වල තත්ත්වය මීට වඩා ගොඩක් වෙනස්. කොහොම හරි සීන් එක ආයේ ලොකුවට කරළියට ආවේ පහුගිය දෙසැම්බර් 31 රෑ කිව්වොත් හරියට හරි. දැන් ඉතින් ෙහමිහිට වැඩේ පටන් අරගෙන තියෙන්නේ. අපි කිව්ව විදිහට මේ ජාතියේ මහා පරිමාණ සාද කිහිපයක් 31 රෑ ලංකාව වටේම් තිබුණා. ඉතින් ඒවායින් ප්‍රබෝධමත් වෙලා කට්ටිය තව සාද ලෑස්ති කරමින් ඉන්නේ. හෙට අනිද්දාට බලාගන්න පුළුවන් මේ සාදවල තත්ත්වය. ඔන්න අද කිව්වා කියලා මතක තියාගන්න මචෝ පාටි වැටලීම් ටිකක් අනිවාර්ෙයන් හෙට අනිද්දාට වාර්තා වෙයි එකෙන්ම මචෝ.

කොහොම වුණත් මේ චූටි සාද සීන් එක වගේ නෙවෙයි ලොකු සාද සීන් එක. ලංකාවේ ප්‍රසිද්ධ DJ බුවාලා මේවාට එන්නේ. ටැබ්ලට් ස්ටෑම් ඇතුළු සියලු මත්ද්‍රව්‍ය මේවායේ තියෙනවා. ඇත්තටම මේක ලොකු ආදායම් මාර්ගයක් මචෝ. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ වගේම ලොකු ලොකු ව්‍යාපාරිකයොත් මේ සීන් එක පිටිපස්සේ ඉන්නවා. ඒ වගේම සාද සංස්කෘතියට අදාළ රට පුරා ඉන්න පිරිස මේවා හොයාගෙන එන්නේ මචෝ. අපි කලින් මේ සීන් එක ගැන කතා කරලා තියෙනවා. ඒ නිසා වැඩි විස්තර ඕනේ නෑ.

ඉතින් මේක තමා සීන් කෝන් එක. බ්‍රෝ.. ලංකාවේ Party සංස්කෘතිය එක්කයි අලුත් මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය සිද්ධ වුණේ. අපි මුලින්ම කිව්වා වගේ දැන් මේක ලොකු Y Trend එකක් වෙන්න යන්නේ. ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් බඩු ගන්නේ කට්ටියක් එකතුවෙලා. Party එක, ගැන්සි එක එකතුවෙලා අලුත් මත්ද්‍රව්‍ය සංස්කෘතියක් දැන් හැදිලා ඉවරයි. සල්ලි දාලා අරගෙන බෙදාගන්නවා. සීන් එක හරිම භයානකයි. මුල් කාලයේ ඕවා සාද ඩ්‍රග්ස්. තනියමත් භාවිත කරන අය ඉන්නවා. අවුරුදු පහක් වගේ ඇතුළත සියල්ල සිද්ධ වුණේ. තාමත් Update වෙනවා.

ඉතින් සාද ලෝකය අලුත්වෙලා හෙට අනිද්දාට සීන් එක දියුණු තියුණු වුණාම අපි සුදාලට ඒකේ ඇතුළේ තියෙන අලුත් Trend කියන්නම්. පරිස්සමෙන් අවබෝධයෙන් ඉන්න මචෝ. තාම කොරෝනා ඉවර නෑ වස්තු. ඒකත් මතක තියාගන්න. එහෙනම් අදට ඇති සුදෝ.

I චමිඳු නිසල්