ඔන්න මචෝ අද අපි අරගෙන ආවේ Mobile එක සම්බන්ධ තවත් Y Trend එකක්. සුදාලට මතක ඇති අපි මීට කලින් Mobile Apps ගැන Mobile Games ගැන Mobile Photography ගැන ලෝකය පුරා තියන Y Trend ගොඩාක් ගැන කතාකරලා තියෙනවා. අද කතාව ඒ ඔක්කොම එකට එකතුවෙන කතාවක් කියලා කිව්වොත් හරි. මේක මේ වෙනකොට ලෝකයේ තරුණ ප්‍රජාව අතර වේගයෙන් පැතිර ගිය ලොකූ Y Trend එකක්. දැනටමත් සහෝලාට මේ ගැන පොඩී අදහසක් ඇති. හරි කමක් නෑ. ඔන්න එහෙනම් අද කතාව Mobile Journalism ගැන.
සීන් එක ගැන කතාකරන්න ඉස්සෙල්ලා මේ ටික කිය මුලින්ම කියන්න ඕනෑ. මොකක්ද මචෝ වෘත්තීය ගෞරවය කියලා දෙයකුත් තියෙනවානේ. ඕනෑම කෙනෙක්ට අද නිදාගෙන හෙට උදේ නැගිටලා ජනමාධ්‍යවේදියෙක් වෙන්න නම් බෑ. ඒකට හොඳ පුහුණුවක් ඕනෑ මචෝ. ඒ වගෙමයි ලියන්න කියන්න හැකියාව තිබ්බ පලියට Journalist කෙනෙක් වෙන්නත් බෑ වස්තු. ඒ නිසා මොබයිල් ජර්නලිස්ම් නැතිනම් MoJo ගැන අපි කතා කරන්ෙන් පරිස්සමට.
මේ වෙද්දී ලෝකය පුරා MoJo භාවිත කරනවා සියලු මාධ්‍ය ආයතන. යුරෝපයේ ඇමරිකාවේ නම් දරාපූ BBC, CNN වගේ මාධ්‍ය ආයතනවල ඉඳලා ලංකාවේ පොඩි යූ ටියුබ් Chanel වල පවා Mobile Journalist භාවිත වෙනවා. මේක කොච්චර ප්‍රබල Trend එකක්ද කියනවා නම් සමහර තාක්ෂණික උපකරණවලට පවා මේ ඔස්සේ අභියෝගයක් එල්ල වෙලා තියෙන්නේ. මොකද Mobile එකෙන් ඒ වැඩ ඔක්කොම දැන ඉතා හොඳින් කර ගන්න ලෝකය පුරා මාධ්‍යවේදීන් පුරුදු වෙලා තියෙනවා.
ජනමාධ්‍යවේදියෙක් කියන්නේ කවුද? කියන ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් දෙන්න අමාරුයි සුදෝ. ඒත් සරලව මෙහෙම කියන්න පුළුවන්. තොරතුරු එකතු කරලා ඒවාගේ තියෙන ප්‍රවෘත්තිමය වටිනාකමක් හඳුනගෙන ඒවා ජනතාව අතර විධිමත්ව අරගෙන යන පිරිසක් තමයි මාධ්‍යවේදීන් කියන්නේ. ඒ තොරතුරු ඉදිරිපත් කරන්නේ 'ආටිකල්' විදියට, 'ෆොටෝස්' විදියට, 'ග්‍රුෆික්' විදියට, 'ඕඩියෝ' විදියට නැතිනම් 'වීඩියෝවක්' විදියට වෙන්න පුළුවන්. අන්න සුදාලට තේරෙන්න ඕනෑ. තොරතුරු එකතු කිරීම, සැකසීම, තොරතුරු ඉදිරිපත් කිරීම කියන කාරණාවලදී තමා Mobile Journalism කියන කාරණ ඉදිරියට එන්නේ.
ඉස්සර මේ ක්‍රියාවලියට උපකරණ විශාල ප්‍රමාණයක් භාවිත වුණා. ඒත් මේ වෙනකොට එක Mobile එක එකම උපකරණ විදිහට භාවිත කරලා මේ වැඩේ කරන්න පුළුවන් වෙලා තියෙනවා. අන්න ඒ නිසා තමා MoJo කියන ඒ Trend එක ලෝකය පුරා මාධ්‍ය ආයතන වේගයෙන් ආක්‍රමණය කරමින් යන්නේ. මේ ආක්‍රමණය විශාල වශයෙන් සිද්ධ වෙන්නේ මචෝ ඩිජිටල් සහ විද්‍යුත් මාධ්‍ය අවකාශ ඇතුළේ. ලංකාවේත් මේ වෙනකොට වැඩේ පටන් අරගෙන තියෙන්නේ. සුදාලා දැකලා ඇති සමහර මාධ්‍ය අයතන විසින්ම සීන් කෝන් එකට Promotion කරනවා.
මේකේ වාසි ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑ වස්තුලාට. ඔයා මාධ්‍යවේදියෙක් නම් ලෝකයේ කොතැනක, කොයි වගේ අවස්ථාවකට මුහුණ දීලා සිටියත් ඔයාට අවශ්‍ය ප්‍රවෘත්තිය ඉතා ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් ප්‍රවෘත්ති කාමරය වෙත ක්ෂණිකව ලබාදීමේ තමා වැදගත්ම. ඒත් මීට කාලෙකට කලින් ඒ වැඩේ කරන එක ලේසි නෑ. ඒ මචෝ දැන් අවස්ථාව මොන වගේ වුණත් ජංගම දුරකතනය පමණක් අතැතිව ඉන්න ඔයාට ඒ වැඩේ කරන්න පුළුවන්. විශාල වෘත්තීය මට්ටමේ කැමරා, කේබල්, තාක්ෂණික උපකරණ, චන්ද්‍රිකා සම්බන්ධතා, වගේ ගොඩාක් උපකරණ වෙනුවට ජංගම දුරකථනය ආදේශයක් වෙලා.
ඔන්න මචෝ මේ සීන් එකේ අවාසි ගැනත් කියන්නම ඕනෑ. මේක පට්ට Trend එකක් වෙලා ලෝකෙ පුරා නැගලා යද්දී හැමෝම මාධ්‍යවේදියෝ වෙන්න පටන් අරගෙන. ඒක එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. සුදාලා ඔන්න අපිට කිණ්ඩි හිනාවක් දානවා. ඇයි අපි හැමෝටම පුළුවන්නේ කියලා. හැබැයි අපි මුලින්ම කිව්වා මතකද එක රුයකින් මාධ්‍යවේදියෙක් වෙන්න බෑ කියලා. ඒකට පුහුණුවක් තියෙන්න ඕනෑ. තොරතුරු හොයාගන්න, ඒවා විශ්ලේෂණය කරන්න, තොරතුරු ගැන ගවේෂණය කරන්න දැනුම තියෙන්න ඕනෑ. මාධ්‍ය ආචාර ධර්ම ගැන දැනුම තියෙන්න ඕනෑ. අන්න ඒ හැමදෙයක්ම තියෙනවා නම්, කෙනෙක්ට මාධ්‍යවේදියෙක් වෙන්න පුළුවන්. ඒ මුකුත් නැතුව Mobile එකක් තිබුණු පලියට මාධ්‍යවේදියෙක් වෙන්න නම් බෑ වස්තු.
තවදුරටත් විස්තර කරනවා නම් මචෝ සිද්ධවෙන හැම අනතුරකදීම අපරාධයකදී Mobile Journalist ලා වෙන්න යන ලක්ෂ ගාණක් මිනිස්සු ඔයාලා දැකලා ඇති. සමහරවිට ඒ වගේ වෙලාවට ඔක්කොම Journalist ලා වෙලා අර අපරාධයෙන් කරදරෙන් වින්දිතයාව ගලවා ගන්න කවුරුත් නැතිවෙනවා. සමහරවිට නොදැනීම විපතට වෙන්ඩ Journalist ලාත් ගොදුරු වෙනවා. ඉතින් මචෝ මේක බොහෝම භයානක තත්ත්වයක්. අන්න ඒ නිසා පුහුණු කියන දේ Mojo වලටත් ඉතාම වැදගත්.
පොඩි උදාහරණයක් කියන්නම් දැන කියාගන්න එක්ක. Mobile Journalism සම්බන්ධ වැදගත්ය වන Application ටිකක් ගැන. සුදාලා Mobile එකෙන් ගන්නම් වාලේ ගන්න වීඩියෝ එකක් Mobile Journalism වලට set වෙන්නේ නෑ. ස්මාට්ෆෝන් එකේ එන වීඩියෝ කැමරා ඇප් එකේ තියෙන (ෆීචර්ස්වල) අඩුපාඩුකම් වෙන්න පුළුවන්. කොහොම වුණත්, අන්න ඒ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් වෘත්තීය මට්ටමේ ඇප් එකක් ඕනෑ. ඒ වගේ App එකක් ගෙවලා තමා ගන්න වෙන්නේ.
තව එකකද වෙනකොට කෙනෙක්ට ඔහේ ගත්තු ඕනෑම ඡායාරෑපයක් මචෝ සංස්කරණය කරලා, (ෆිල්ටර්ස්) දාලා ලස්සනට හදාගන්න පුළුවන්. සුදාලත් එහෙම කරනවා නේද? හැබැයි මොබයිල් ජර්නලිස්ම් වලදී එහෙම ෆොටෝ එකක් දැඩිව සංස්කරණය කරලා (ෆිල්ටර්ස්) දාලා වෙනස් කරන එක සදාචාරාත්මක නැහැ. ඒක Photo Journalism වල සාමන්‍යයෙන් උගන්වන දෙයක්. අන්න ඒ නිසා සුදෝ මොබයිල් ජර්නලිස්ට් කෙනෙක්ට අවශ්‍ය වෙන්නේ, හොඳ ප්‍රබල හැකියාවන් තියෙන, මැනුවල් කොන්ට්‍රෝල්ස් තියෙන කැමරා ඇප් එකක්. Adobe Lightroom වගේ එකක් මචෝ. ඒවාත් ඉතින් සල්ලි දීලා ගන්න ඕනෑ.
ඔන්න වස්තුලාට පැහැදිලි ඇති ලොකයේ පට්ට Trend එකක් වෙලා තියෙන Mojo වල සැබෑ තත්ත්වය. සරලයි කියලා හිතුවට මේක සරල නෑ මචෝ. ලංකාවේ වැඩේ වැරදි විදිහට සමහරු ප්‍රචාරණය කරනවා. අන්න ඒකත් හේතුවක් කරගෙන තමා අද අපි මේ කතාව ගැලපුවේ. ඉතින් මචෝ උනන්දු නම් ඉගෙනගෙන හරියට කරන්න. MoJo වල ආතල් නැත්තේ නෑ.
නිසලෙ
සේයාරූ I අන්තර්ජාලයෙන්