2017 මැයි 13 වන සෙනසුරාදා

Gossip

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 101

බ්ලවුස් බ්ලොක් එක නළුවට යවලා

සිනමා ක්ෂේත්‍රයේ කවුරුත් හොඳින් දන්නා, කාගෙත් හොඳ හිත දිනාගෙන සිටින සිනමා මාධ්‍යවේදිනියක් පහුගියදා අලුත් තනතුරකට පත්වුණා. කාන්තා පුවත්පතක ප්‍රධාන කර්තෘවරිය ලෙසයි ඇය පත්වීම ලැබුවේ.

පත්වීම ලබලා දවස් දෙක තුනක් යනකම්ම මෙයාට වැඩ හොඳටම අධිකවෙලා.

සිනමාවෙ පැත්තයි කාන්තා පාර්ශ්වය ගැනයි අවධානය හරි හැටි යොමුකරගන්න කොච්චර මහන්සි වුණාද කිව්වොත් ඒ දවස් දෙක තුනේම ගෙදර කොම්පියුටරෙත් එළිවෙනකන් වැඩලු.

ඔන්න පහුවදා උදේ පාන්දරින්ම ඇයට ජනප්‍රිය නළුවෙකුගෙන් කෝල් එකක් ආවලු.

මොකද නංගි වෙලා තියෙන්නෙ? මේ දවස්වල වයර් මාරුවෙලාවත්ද?

අනේ ඇයි අයියේ මොකද වෙලා තියෙන්නෙ...?
ඔයා මට සාරි බ්ලවුස් බ්ලොක්ස් වගයක් ඊමේල් කරලා තියෙන්නෙ...

 

ටෙලිනාට්‍ය කතා මංකොල්ලය

වර්තමානයේ ගීත මංකොල්ලය ගජරාමෙට කරගෙන යනවනෙ. ඒකෙන් ඍජුවම පීඩාවට පත්වෙන පාර්ශ්වයට හැර වෙන කාටවත් ඒ ගැන කැක්කුමක් නැහැ.

ඔන්න දැන් අලුත්ම මංකොල්ලයක් පටන් අරන්. ඒ තමයි අනුන්ගෙ ටෙලිනාට්‍ය පිටපත් හොරකම් කිරීම.

ජනප්‍රිය තිර රචිකාවියක් හා අධ්‍යක්ෂකවරියක් මෙවැනි අවාසනාවන්ත සිදුවීමකට ඊයේ පෙරේදා මුහුණ දීලා.

ඇය වෙනත් නිර්මාණයක් සඳහා කාලය යොමුකළ නිසා ඇගේ කතාවේ තිර රචනාව ලියන්න තවත් අයෙකුට පවරලා.

ඔන්න දැන් ඒ වැඩේ වෙන කෙනෙක් නිෂ්පාදනය කරලා, තව කෙනෙක් අධ්‍යක්ෂණය කරන්න යනවලු. 

 

මම දවල්ට කෑවද අයියේ?

එක්තරා නවක නිළියකට පහුගිය කාලෙ පුදුම ලෙඩක් හැදිලා තිබුණලු.

ඩයලොග් හොඳටම කටපාඩම් කරනවා, ඒත් ටේක් එකට යනකොට වචන අමතක වෙනවා. බොහොම අමාරුවෙන් වැඩේ ගොඩ දාගන්නවා.

අමතක වෙන ලෙඩේ කොච්චර දරුණු වුණාද කියලා කට්ටියට තේරුණේ ළඟදි පේරාදෙණිය පැත්තෙ රූගත කිරීමක් අතරතුර.

කට්ටියට දවල් ආහාර ගන්න තිබුණෙ ළඟ තිබුණ රෙස්ට් හවුස් එකකින්.

ඔන්න ලන්ච් එකෙන් පස්සෙ ෂූට් එක පටන් ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි මේ කෙල්ල රෙස්ට් හවුස් එක පැත්තට දුවනවලු.

මොකෝ නංගි දුවන්නෙ. ඇයි ආයිත් බඩගිනි වුණාද?

අනේ මම දවල් කෑවද අයියේ...?

හැබැයි කට්ටිය මෙයාව බයිට් එකට අරන්, ලෙඩේ දැන්නම් හොඳ වෙලාලු.

 

AC බස් නවත්තන හැටි මෙන්න

ඔන්න පහුගිය දවසක දකුණු පළාතෙ අලුත්ම චිත්‍රපටයක රූපගත කිරීමක් තිබුණා. කොළඹින් තරමක් ඈත නිසා ටෙලිනාට්‍යවලට සම්බන්ධ ශිල්පීන් දෙතුන් දෙනෙක් දර්ශන තලයට කොළඹින් ආවෙ AC බස්වලින්.

දර්ශන තලය තිබුණෙ ටවුමෙන් ඈත නිසා එක්තරා නවක නළුවෙකුට ටවුමෙන් බැහැලා හැතැප්ම 4ක් විතර ආපස්සට පයින් එන්න වුණාලු.

හති දාගෙන එන නවක නළුවා දැකලා තවත් සහෝදර ශිල්පියෙක් ඔහුගෙන් වැඩි විස්තර විමසුවලු.

හපෝ අපි කොච්චර වැඩියෙන් සල්ලි දීලා AC බස්වල ආවත් ඒගොල්ලො පොඩි බස් හෝල්ට්වල නවත්තන්නෙ නැහැ. නගිනකොටම කියනවා ප්‍රධාන ටවුන්වල විතරයි නවත්තන්නෙ කියලා... ඔහු කතාව කියාගෙන යනවා.

අර ප්‍රවීණ ශිල්පියා ඔහුට අපූරු පිළිතුරක් දුන්නා.

නවත්තන්නෙ නැතුව නෙවෙයි. ඕගොල්ලන්ට බහින්න ඕන තැන්වල බස් එක නවත්තගන්න දන්නෙ නැහැ. ඒකයි වැරැද්ද? ඔන්න අහගන්න සිස්ටම් එක. AC බස්වල එනකොට බහින්න ඕන තැනක ඒක නවත්තන්නෙ නැත්නම්, කොන්දොස්තරට කියන්න ඔයාට වමනෙ දාන්න ඕනෙ බස් එක නවත්තන්න, නැත්නම් බස් එක ඇතුළෙ දානවා කියලා.

 

ක්ලීටස් ලීක් කළ කෙනා හොයනවලු

පහුගිය දවසක අපේ ජනප්‍රිය රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස්ට චැනල් මාරුවුණ කතාව මතක ඇතිනෙ.

ඒ කතාව චිත්‍රපට, ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ ලැව්ගින්නක් වගේ පැතිරුණාලු.

ක්ලීටස්ගෙන් මේ ගැන විමසන හැමෝගෙන්ම ඔහු එකම ප්‍රශ්නයක් අහනවලු.

එහෙනම් ඔයා නේද මේක පත්තරේට ලීක් කළේ... කියලා.

හැබැයි මේ වැඩේට වැඩියෙන්ම සැක කෙරෙන්නෙ ක්ලීටස්ගෙ හොඳම යාළුවෙක් වන තවත් ජනප්‍රිය නළුවෙක් කියලා තමයි අපට ආරංචි වෙන්නෙ.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00