ඔන්න මචෝ අද අපි කතා කරන්නෙ Food Festival කියන ට්‍රෙන්ඩ් එක ගැන. පහුගිය සතියෙ ලංකාවේ තැන් කිහිපයකම Food Festival තිබුණා. ඒකම තමා ඉතින් මේ සීන්කෝන් එක ගැන කතාවත් දාන්න හිතුවේ. සුදාලා ගොඩක් දෙනෙක් මේ වෙන කොටත් දන්නවා Food Festivals එකක් කියලා කියන්නේ මොකක්ද කියලා එක.
ලංකාවෙ නම් කොහේ හරි නගරයක පාරක් වහලා, නැත්නම් Beach එකක් ඒරියා එකක් වෙන්කරගෙන ඒ ඒරියා එකේ කෑම කඩ ගොඩාක් දාලා, ලයිට් දාලා, DJ එකක් ගහලා තව Entertainment සීන් ගොඩාක් Create කරලා තමා Food Festival එකක් සංවිධාන කරන්නේ. ගොඩක් වෙලාවට මේ Event සංවිධානය කරන ආයතන කණ්ඩායම් ඉන්නවා මචෝ. ඒනිසා අවුරුද්දකට වතාවක් පවත්වන ජනප්‍රිය festival කිහිපයකුත් දැන් ලංකාවෙ අපිට තියෙනවා. සුදාලා ගිහිල්ලා නැත්නම් Food Festival එකකට ගිහිල්ලා බලන්න ඒක වෙනම සැර ආතල් එකක්.
එහෙම වුණත් මචෝ කොළඹ මීගමුව ඇතුළු ප්‍රධානම නගර කිහිපයක විතරයිFood Festivals කියන Event සංවිධානය වෙන්නේ. ඒ නිසාම මේ සීන් එක ගැන අවබෝධයක් නැති අයත් ඕනෑ තරම් ඉන්න පුළුවන්. ඒත් ඔය කානිවල් වගේ සීන් එකකට එක වතාවක් හරි ඔයා ගිහින් තියනවා නම් මේ සීන්කෝන් එක ඔයාට තේරුම් ගන්න අමාරු වෙන්නේ නෑ වස්තු. අලුත් නමක් වුණාට මේ Trend එක අපේ ලංකාවේ සුදාලට ඇත්තට අලුත් නෑ. පොෂ් පීපල්ස්සා ඩිජිටල් මියුසියස් අලුත් කෑම ජාති නොතිබුණාට ඒ කාලේ ඉඳන් මේ Trend එක අපේ ඇඟේ තිබුණා හරිය.
කොහොම හරි Food Festivals ආහාර සැණකෙළි කියන්න සීන් එක අද ඊයේ ලෝකෙ හඳුනගත්ත සංකල්පයක් නෙවෙයි මචෝ. මේක ගොඩක් පරණ සීන් කෝන් එකක්. Food Festivals කිව්වාම නිකින් පොෂ් සීන් වගේ දැනුමට ලෝකේ හැම රටකම ආගමික සංස්කෘති උත්සව එක්ක Food Festivals එක එදා ඉඳන්ම බැඳිලා තිබ්බා එකෙන්ම. ලංකාවේ අපේ සුදාලාට තේරෙන විදියට කිව්වොත් ''සිංහල අලුත් අවුරුද්ද, තෛයිපොන්ගල්'' කියලා කියන්නේත් එදා ඉඳන්ම අපිට තිබුණු Food Festivals තමයි වස්තුවේ. ගමේ පන්සලේ සල්පිල් පස්සේ ආපූ කානිවල් ඇතුළේ Food Festivals තිබුණා.
ඒ වුණත් වස්තු අද අපි දකින සීන් එක Cult එකක් Trend එකක් විදිහට එළියට එන්නේ යුරෝපයේ. අපේ වගේම අස්වැන්න නෙළුවට පස්සේ යුරෝපයේ ගම් බිම්වල එක එක ජාතියේ උත්සව තිබ්බා. අපේ වගේ ආගමික සංස්කෘතික සීන් ඒ උත්සව ඇතුළේ හරිම අඩුවෙන්. ඒ නිසාම මේ සීන් එක වේගයෙන් Update වෙලා Modern Version එකක් නිර්මාණය වුණා. ඉතින් ඊට පස්සේ සීන් එක Global වුණා.
හැබැයි අපේ රටේ නැතිවුණාට අර ආගමික සංස්කෘති සීන් එකත් තියාගෙන Modern වෙලා ජාත්‍යන්තර අවධානය දිනාගත්තු Food Festivals ලෝකය පුරා තියෙනවා. ඒ වගේම Tourism වෙනුවෙන් ආසියාවේ අප්‍රිකාවේ වගේම දකුණු ඇමරිකාවේත් මේ Festivals භාවිත කරනවා ලස්සනට. ඉතින් වස්තුලාට කියන්න ලෝකේ සමහර නගර ගම්මාන Food Festivals නිසාම ජනප්‍රිය වෙලා. Food Festival Tourism කියන්නේ වෙනම කතාවක් දන්න පුළුවන් මාතෘකාවක් මචෝ. වස්තුලාට තේරෙනවානේ සීන් කෝන් එකේ නිධාන කතාව, අපි A to Z අපි කිව්වා.
ලංකාවේ Food Festivals ගැන යන්තන් හරි දන්නවා වුණාට ලෝකේ Food Festivals ගැන අපේ ගොඩක් මචලා මචීලා දන්නේ නෑ. Food විතරක් නෙවෙයි Drink දෙකම මේ සීන් එකට අදාළයි. ලෝක ප්‍රසිද්ධ Food And Drink Festivals දෙක තුනක් ගැන වස්තුලාට කියන්නම්. එතකොට සීන් එක තව Interesting වෙයිනේ මචෝ.
Wildfoods Festival මේක තියෙන්නේ නවසීලන්තයේ දකුණු දූපතේ බටහිර වෙරළ තීරයේ Hokitika ලස්සන නගරයේ. මාර්තු මැද භාගයේදී තමයි Festival එක පැවැත්වෙන්නේ. Wild Food කිව්වාම තේරෙනෙවානේ මේකේ තියෙන්නේ පිස්සු හැදෙන කෑම ජාති. සුදාලා මේ සීන් එකට ගියොත් ඔයාලා නොහිතන දේවලුත් අමුවෙන් කන්න පුළුවන් වෙයි හරිය.
Salon de Chocolate මේක චොකල්ට් Festival එකක් සුදෝ. තියෙන්නේ ඉක්වදෝරයේ. ජූනි මැද ලෝකය පුරා ඉන්න චොකොහොලිගේ අවධානය දිනාගන්නේ මේ උත්සව තමා. ලෝකේ හොඳ චොක්ලට් මේකේ තියනවා. මේකට ගියොත් ඉතින් නොමිලේ චොකලට් ටිකක් කාලා චොකල්ට් මූර්ති හදලා නැත්නම් බලා එන්න පුළුවන්. හැබැයි ලොකු පෝලිමක් තියනවා වස්තුවේ.
ඉතාලිය කියලා කියන්නේ පිට්සාවල උපතනේ මචෝ. සැප්තැම්බර් මාසේ එක සතියක ඉතාලියේ නේපල්ස්වල තියෙනවා Pizzafest කියලා festival එකක්. විශ්වාස කරන්න මචෝ ඒකි පීසා වර්ග ලක්ෂයක් විතර තියනවා. මේක වෙනුවෙන් ලක්ෂ පහකට 5 කට වඩා වැඩි පිරිසක් සහභාගි වෙනවා කියලත් කියනවා. මේක සම්පූර්ණයෙන්ම පිට්සා ගම්මානයක්.
මේ වගේ Food Festivals බර ගාණක විස්තර ඕනෑ නම් සුදාලාට කියන්න පුළුවන්. එහෙම කරන්න අමාරු නිසා නම් ටිකක් කියන්නම්. වස්තුලා ගූගල් දෙයියොන්ගෙන් අහලා විස්තර දැනගන්න.
Taste of Chicago (USA)
Castagnades chestnut festival (Ardeche, France)
Dumpling Festival (Hong Kong)
National Cherry Festival (Traverse City, Michigan)
Vegetarian Festival (Phuket, Thailand)
ඉතින් මේ වෙනකොට අපේ පැංචන්ට පැංචියන්ට හොඳටම තේරෙන්න ඕනෑ අපි තමා මේ සීන් එකේ ළදරුවෝ කියලා. හැබැයි අපි ළඟ තියෙන දේවල් එක්ක බැලුවාම ලෝකයට දෙන්න Food Festival එකක් නිර්මාණය කරගන්න පිට බැරි නෑ වස්තු. Tourism දියුණු කර ගන්න විදිය මේ දවස්වල කට්ටිය බොහොම සැරට කතාකරන හින්දා ඔන්න අපේ යෝජනාවක් තියෙනවා. පටන් ගන්නකො අපටම කියලා Food Festival එකක්. මොකද මේක දැන් ලෝකෙ අංක එකේ trend එකක්.
I නිසල්