2017 මැයි 13 වන සෙනසුරාදා

Massa - මොන මල්ද? කෙහෙල් මල්ද?

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 117

මැස්සා මේ දවස්වල පදිංචිවෙලා ඉන්නෙ ඉස්සෙක් වගේ කොල්ලෙක්ගේ ගෙදරක. අම්බානක පුල් ෆිට් කොල්ලෙක් නිසා මැස්සා ඉතින් ඌත් එක්කම තමයි ගමන බිමන. 

 

මේක ඇවිල්ලා වෙසක් පෝය දවසේ වෙච්ච සිද්ධියක්. 

හල්මිල්ලාර ගම එස්සත් තරුණ කැල ප්‍රථම වරට සංවිධානය කෙරෙන මහා  සිසිල් පැන්  දන්සල, අයිස් ක්‍රීම් දන්සල සහ දුන්තෙල් බත් දන්සල කියන ඒවට සහභාගි වෙන්න තමයි මට සිද්ධ වුණේ.

කොල්ලේ සෙට් එක දන්සල දුන්නා දොඹෙන්. මොනවනද කියන්නෙ සමහරැ කාලා ඔතාගෙනත් ගියා. 

ඈ බං මාර කේස් එකනේ...

ඇයි?

මේ ගමේ උන් මළාට ජීවිතේට බත් දැකලා නැද්ද බං...

ඇයි?

ඇයි කියන්නෙ බලපන්කෝ දැන් අපිට කන්නවත් බත් ඇටයක් නෑනේ...

එහෙම කිව්වෙ දන්සල දීපු කොල්ලෙක්. ඇත්තටම උන් දීලා තිබුණේ උන්ට කන්න තියෙන ඒවත් එක්කම දීපු නිසා. 

දැන්  ඉතින් මොකද කරන්නේ?

මොනවා කරන්නද අපිත් යමන්ලා දන්සලක් හොයාගෙන

ඒ පාර කොල්ලො ගැන්සිය ඔන්න බයිසිකල්වල නැගලා වන්දනාවේ ගියා. වන්දනාවේ කිව්වට දන්සල් වන්දනාවේ යන එකක්. 

යනවා යනවා යනවා දන්සල් නෑ... අන්තිමට බැරිම තැන කොල්ලො ටික පාර අයියේ ඉන්න අංකල් කෙනෙක්ව හම්බ වුණා.

අංකල් දන්සල් නැද්ද මේ පැත්තෙ?

ආහ්... තියෙනවා පුතා. නියම දන්සලක් තියෙනවා 

කොහෙද?

ඔහොම අතුරු පාරෙන් යන්න කිලෝමීටර් හයක්. හන්දියක් හම්බ වෙනවා. එතන තියෙනවා දන්සලක්..

දැන් ඉවරයිද දන්නෙ නෑ...

මොන පිස්සුද. ඒක දවස් හතරක් තිස්සේ දෙනවා. කිසි අඩුවක් නෑ

යමල්ලා... 

අපි යන්න ගත්තා. ඒත් ඉතින් කිලෝ මීටර් 6ක් දුර වැඩි නැද්ද කියලයි කට්ටිය කතා වුණේ 

අඩෝ ඒ වගේද යකෝ හොඳට දුන්තෙල් බත් පාරක් දාලා එන එක. යමල්ලා කම්මැලි නොවී...

කොල්ලො ටික අධෛර්යමත් වුණේ නෑ. ගැන්සියම ගියා. මාත් උන් එක්ක ගියා. උන් කන බත් එකේ වහලා හිටියත් මොකද කියලා හිතුණා.

කොහොම හරි ඔන්න කිලෝමීටර් හය යනකොට හම්බ වුණා දිග පොලිමක්

කිරි අප්පට මේකද බං දන්සල

ඔව්නේ...

මේ පෝලිම ගොඩක් දිගද?

ආහ්...

අප්පා...

ඇයි?

අන්න බලපල්ලා දිග කිලෝ මීටර් භාගයක් විතර තියෙනවා...

දැන් ඉතින් ආපු එකේ කාලාම යමු. 

අපි බයික් ටික පැත්තකින් දාලා පෝලිමට ආවා. 

මාර බඩගිනියි බං

කමු කමු ඔහොමහිටපන්...

ඒක නෙමෙයි හාල් මැස්සෝ බැදුමක් එහමෙ නැද්ද දන්නෙ නෑ...

පිස්සුද යකෝ පෝය දවසේ දන්සල්වලට මස් මාලු ගන්නෙ නෑ

මස් මාලු නෙමෙයි...

එහෙනම්...

හාල් මැස්සෝකියන්නෙ කරවලනේ...

නොදකින්. උම්බලකඩවත් හොඳ නෑ...

ඔය අතරේ එකෙක් කලන්තේ දැම්මා. බඩගින්නෙ බයික් පැදිම තමයි හේතුව. දැන් ඒ කොල්ලව ගොඩ දාගෙන සෑහෙන්න වෙලා හිටිය කියපන්කො. ඔන්න පෝලිම එන්න එන්න එන්න අඩු වෙනවා. අඩු වෙලා අඩු වෙලා අපි පෝලිමේ ඉස්සහට ආවා. 

අත් හෝද ගනිල්ලා...

ඔව්... ඔව්... හොඳට අත් හෝද ගන්න නැත්තන් පව් සිද්ධ වෙනවා...

කොල්ලෙක් හැමෝටම අත් හෝද ගන්න කිව්වා. අපි අත් හෝදගෙන පෝලිමේ  ඉස්සරහට ගියා. 
කෝ අත් අල්ලන්න...

ඇයි?

අත් අල්ලන්න ඉතින් දාන්න...

ඇයි අතටද දෙන්නෙ?

ඔව්...ඔව්... 

අතට දුන්නම ටිකක් අමාරුයිනේ කටට දාගන්න

ඇයි උඹ මල් කනවද?

මල්?

ඔව්...

මොන මල්ද? කෙහෙල් මල්ද?

යකෝ මල් මල්... මේ පාට පාට මල් මේක මල් දන්සලක්.

දන්සලේ එකා කිව්වා. එතනදි ඉතිරි හතර දෙනත් කලන්තෙ දැම්මා. 

මම
හොස්ස ළඟින් ගිය මැස්සා