2022 අප්‍රේල් 10 වන ඉරිදා

හෝ ගාලා නැගලම යන Telegram

 2022 අප්‍රේල් 10 වන ඉරිදා, පෙ.ව. 10:00 732

මේ දවස්වල ලංකාවේ ගොඩක් දෙනෙක් එක App එකක් Download කර ගත්තා සට සට ගාලා. මචෝ ඒකේ නම Telegram. මීට ටික කාලෙකට කලින් මේ ඇප් එක Trend එකක් වෙයි කියලා අපි අනාවැකියක් කිව්වා... සමහර සුදාලට මතක ඇති. කොහොම හරි වස්තු පහුගිය දවස්වල තිබුණු ඔය අරගල සීන් කෝන් එක හින්දා Telegram එකපාරට මෙහෙම Hit වුණේ. දැන් ඉතින් Telegram ගැන නොදන්න කෙනෙක් නෑ. WhatsApp එකේ වගේම Telegram වලත් ලොකු පොඩි චරිත ඔක්කොම දැන් ඉන්නවා. ඉතින් අපි ආයේ Telegram සීන් එකේ දිග දිග පළල සහ මේක මෙච්චර ජනප්‍රිය වෙන්න හේතු පොඩ්ඩක් හොයා බැලුවා.

පැංචෝ... අපි කලින් දවසක මේ App එක ගැන හඳුන්වලා දුන්නා. ඒ නිසා ලොකුවට මේ ගැන පැහැදිලි කරන්න ඕනේ නෑ. Telegram කියන්නේ messaging App එකක්. ඒ කියන්නේ වස්තු WhatsApp, Viber, Messenger වගේ App එකක්. පොඩි පොඩි අමතර වැඩ කෑලි ටිකක් තියෙනවා. මම හිතන්නේ සුදාලා ඒ ගැන දැනටමත් දන්නවා ඇති. හැබැයි මේ Telegram සීන් සීම් එක පහුගිය කාලේ සෑහෙන්න ලෝකේ වගේම ලංකාවෙත් Trend වෙන්න සිරා හේතුව අපේ පැංචෝ පැංචියෝ ගොඩක් දෙනෙක් දන්නේ නෑ. ඒක චූටි ඉතිහාස කතාවක් තියනවා වස්තු.

Telegram කියන්නේ Russia App එකක්. දැනට අවුරුදු නවයකට විතර කලින් මේක සල්ලි දලා Develop කරෙත් Russian ඩයල් එකක්. කොහොම හරි සීන් එක සමාන්‍ය විදිහට තිබ්බට 2018 පට්ට කේස් එකක් ගියා වස්තු. 2018 දී රුසියාවෙන් එළියට යන්න Telegram සමාගමට සිද්ධවුණා. ඒක වුණේ මෙහෙමයි මචෝ. Telegram කියන්නේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන App එකක්. මුල ඉඳන්ම මෙයාලා වැඩ කළේ තෙවැනි  පාර්ශ්වයකට මේ App එකේ Information ගන්න බැරි වෙන්න. ඒ නිසාම තමා Telegram වලට App Market එකේ පොඩි හරි අවධානයක් යොමුවෙලා තිබුණේ.

ඉතින් මචෝ මෙයාලා මේක පාවිච්චි කරා end-to-end encryption කියලා Technology එකක්. ඒකෙන් තමා App එක Use කරන අයගේ තොරතුරු පිට යන එක වැළකුණේ. කොහොමත් මචෝ රුසියානු රජය මේ end-to-end encryption එකේ key එක Telegram සමාගමෙන් ඉල්ලුවා. ඒත් සමාගමේ පොරවල් ඒක ලබාදීම ප්‍රතික්ෂේප කරලා. රුසියාවේ Telegram තහනම් කරන්න ගිහිල්ලා හෙන සීන්කෝන් ටිකක් වුණා. අන්තිමට Telegram ලා තමන්ගේ Servers ටිකයි සමාගමයි UAE වලට අරගෙන ගියා.

කොහොම හරි මේ News එක නිසා Telegram ගැන හැමෝම දැනගත්තා. ඔය ඇමරිකාවේ Servers තියෙන ගොඩක් Social media ගැනයි. ඒවගේ තොරතුරු American Government එක පාවිච්චි කරන එක ගැනයි ලෝකය පුරා පට්ට සැකයක් තිබ්බා. අන්න ඒ නිසාම Telegram පට්ට විදිහට Trend වුණා. ඔය ලංකාවේ අරගල සීන් කෝන් එකේදී කට්ටිය Telegram Group හදාගෙන Organism වුණා කියලා Media වල හිටන් කිව්වා සුදාලට මතක ඇති. එහෙම සීන් එකක් වුණා නම් ඒක හේතුව වස්තුලාට දැන් පැහැදිලි වෙන්න ඕනෑ. හැබැයි ඒකෙන් මේකෙන් වුණේ ලංකාවේ සෑහෙන්න ප්‍රමාණයක් Telegram පාවිච්චි කරන්න පටන් ගත්තු එක.

ඇත්තටම සුදාලා Telegram පාවිච්චි කරනවා නම් දන්නවා මේ සීන්කෝන් එකේ Chatting විතරක් නෙවෙයි තවත් ගොඩාක් දේවල් තියනවා. Telegram Group තමා ලොකයේ දැන් වැඩිපුරම ජනප්‍රිය. සුදාලා කියන්න Telegram Group එකකට ලක්ෂ 2 ක් විතර සෙටාර් එකක් වුණත් බස්සන්න පුළුවන් එකෙන්ම. ඒ නිසා තමා මේ Group මෙච්චර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මචෝ. විශේෂයෙන්ම Marketing සීන් එකට මේක මාර උදව්වක් වෙලා තියනවා. ඒ වගේම Telegram Chanel. මචෝ ඕනම කෙනෙක්ට Telegram Chanel එකක් පටන් ගන්න පුළුවන්. ඒක වෙනම ආතල් එකක්. Telegram Chanel එකක් හදාගෙන පොරක් වගේ ඉන්න කැමති අයත් ඉන්නවා මචෝ ලෝකේ වටේම. ඇත්තට Telegram ඇතුළේ කෙටි පණිවුඩ සහ කෝල්ස්වලට අමතරව, ටෙලිග්‍රෑම් පරිශීලකයින්ට ඡායාරූප වලින්, වීඩියෝ, සංගීතය, zip ගොනු, මයික්රොසොෆ්ට් වර්ල්ඩ් ලේඛන වගේ ගොඩක් දේවල් හුවමාරු කරගන්න පුළුවන්. Telegram Chanel ඔස්සේ මේ දේවල් හුවමාරු කරගන්නවා කට්ටිය වස්තු.

ඇත්තටම Telegram වල අනික් Massaging App වලට වඩා පොඩි පොෂ් ගතියක් තියනවා මචෝ. ඒත් මේ සීන් එකේ අඳුරු පැත්තකුත් තියනවා. ඒකත් ඉතින් එකෙන්ම කියන්න වෙනවා වස්තුලාට. වෛරී පණිවිඩ පතුරුවා හැරීම, නීතිවිරෝධී කාමුක දර්ශන, අපරාධකරුවන් අතර සම්බන්ධතා සහ මත්ද්‍රව්‍ය, තහනම් භාණ්ඩ සහ සොරාගත් පෞද්ගලික දත්ත වගේ නීති විරෝධී දේවල් මේ හරහා හුවමාරු වෙන්වා, වෙළඳාම් වෙනවා. එහෙම වෙනවා කියලා ලෝකය පුරා ආරක්ෂක අංශ තහවුරු කරලා තියනවා. ඒ කියන්නේ වස්තු අර අපි කිව්ව පෞද්ගලික ආරක්ෂා මෙක ඇතුළේ අයුතු විදිහට භාවිත කරනවා නරක මිනිස්සු.

දැන්නම් මේක ඇතුළේ පොඩි පොඩි පාලන ක්‍රම දාලා තියෙවා කියලා සමහරු කියනවා. ඒත් නීතිවිරෝධී කාමුක දර්ශන ඉවත් කිරීම සහ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට Telegram එකට ප්‍රායෝගික වැඩ පිළිවෙක් නෑ කියලා සමහරු චෝදනා කරනවා. ඒ නිසාම සමහර රටවල් Telegram භාවිතාව සම්බන්ධ සීමා පනවන්න උත්සහා කරනවා මචෝ. බ්‍රසීලය පකිස්තාන චීන වගේ රටවල් දැනමත් මේ ගැන සීන් එකේ ඉන්නේ. සමහරු කියන විදිහට, ත්‍රස්තවාදයට වගේම මත්ද්‍රව්‍ය ජාවාරමටත් Telegram උදව් වෙනවා. එ නිසා Telegram ආරක්ෂාකාරී නෑ.

අපි දැන් ලංකාවේ Telegram Trend ගැන ගැන බැලුවොත් News, Media, Marketing වගේ වෙනුවෙන් දැන් Telegram සෑගෙන දුරට භාවිත වෙනවා. විශේෂයෙන්ම ඔය Films ගැන වගේම එක එක Entertainment දේවල් තියෙන Web අනිවා Telegram Group එකක් නැත්නම් Chanel එකක් භාවිත කරනවා. ඇත්තටම් මචෝ හරියට හොයලා බැලුවොත් මේ Trend එක්ක ඔය අරගල සීන් කෝන් එකටත් කලින් ලංකාවේ තිබුණා. Update Youth එක තමා වස්තු සීන් එකේ හිටියේ. ඉතින් මචෝ පැහැදිලියිනේ හොඳ වුණත් නරක වුණත් Telegram තමා දැන් ලංකාවේ App Trend එක.

එහෙනම් අදට ඇති වස්තුලා .. ජයවේවා .. !

I නිසල්