ලංකාවේ එච්චර ජනප්‍රිය නැති ලෝකේ අතිශය ජනප්‍රිය social media platform එක මොකක්ද? අන්න ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න තමා මචෝ අද අපි ලෑස්ති වෙන්නෙ. නම කිව්වම නම් ගොඩක් දෙනෙක් දන්නවා. ඒත් ඉතින් සිරාවට අපේ සුදාලා ගොඩක් දෙනෙක් මේක පාවිච්චි කරලා නම් නෑ. මචෝ.. ඔයා ඉංග්‍රීසි චිත්‍රපට එහෙම බලනවා නම්, පිටරටවල මිනිස්සු එක්ක social media ගනුදෙනු කරනවා නම්, මේ ගැන නොදැන ඉන්න විදිහකුත් නෑ. එහෙනම් සුදෝ අද කතාවට එකතු වෙමු. මේ කතාව snapchat කියන මේ වෙනකොට ලෝකයේ පට්ට ප්‍රසිද්ධ Y Trend එක ගැන.
Chatting ඒ කියන්නේ මචෝ පණිවිඩ හුවමාරු කර ගැනීම මූලික පරමාර්ථය කරගෙන තමයි snapchat App එක නිර්මාණය වෙලා තියෙන්නේ. හැමදේකටම වඩා මේකෙ වැදගත් Video සීන් එක තමා වස්තු. Video වගේම Text Massage ඔස්සේත් යාළුවෝ එක්ක, පවුලේ අය එක්ක ගනුදෙනු කරන්න මේකෙන් පුළුවන්. ඒ වගේම අනිත් social media platforms වල මේ දවස්වල hit වෙලා තියෙන story සීන් එ්කට මුල මේක මචෝ. කොහොම වුණත් වස්තු Video Chat වලට තමා මේ Snapchat ගොඩක් කෙල්ලො කොල්ලො භාවිත කරන්නේ. තව සීන් කෝන් ගොඩක් තියෙනවා හරිය. අපි ඒ ගැන හෙමිහිට කතා කරමු පැංචෝ.
මේ වෙනකොට Social Media සම්බන්ධ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලට අනුව Snapchat තියෙන්නේ 10, 11 වගේ ස්ථානවල. හැබැයි මේ වෙනකොටත් සීන් එක American Culture එකත් එක්ක සෑහෙන්න බද්ධවෙලා තියෙන්නේ. අපි මුලින්ම කිව්වෙ ඉංග්‍රීසි චිත්‍රපටවල එහෙම Snapchat ගැන කතා වෙනවා කියලා. ආ ආ.. ඒක තමා හේතුව. USA වල කරපු සමීක්ෂණයකට අනුව American young generation එකෙන් 69% ක් Snapchat භාවිතයට ඇබ්බැහිවෙලා ඉන්නවා. ඒකෙනුත් වැඩි හරිය නාඹර යොවුන් වියේ ඉන්න අය කියලා කිව්වොත් හරි මචෝ. යුරෝපයෙත් මේ වගේ තත්ත්වයක්ම තමයි තියෙන්නේ. විශේෂයෙන්ම Colleges, High School, Campus ඇතුළේ මේක වෙනම සංස්කෘතික කෑල්ලක් වෙලා සුන්දරා.
සීන් කොන් එකේ ඉතිහාස කතාව පැත්තට පොඩ්ඩක් ඔළුව දැම්මොත්.. Snapchat පටන් අරගෙන තියෙන්නේ 2011 දී. ඊවාන් ස්පීගල් සහ රෙජි බ්‍රවුන් කියන ස්ටැන්ෆර්ඩ් සරසවියේ සිසුන් දෙදෙනෙක් තමා මේක නිර්මාණය කළේ. ඒ වුණාට Snapchat නිර්මාණය වගේම ඒකේ මුල් අයිතිය ගැන ඓතිහාසික ප්‍රශ්න තියෙනවා කියලත් කියනවා. වෙනත් social media platform එක්ක මෙයාලා පැටලිලා තියෙනවා.
ඒ වගේ එක කතාවක් තමයි Snapchat වේගවත් වර්ධනය දැකපු ෆේස්බුක් සමාගම 2013 වසරේදී ඩොලර් බිලියන 3කට මේක මිලට ගැනීමට කැමැත්ත පළ කරපු සීන් එක. නමුත් Snapchat නිර්මාතෘවරුන් තමන්ගේ ඇප් එක විකිණීමට කැමති වුණේ නැහැ. ඉතින් ඒ සීන් ගැන නඩු පවා ගිහිල්ලා තියෙනවා වස්තු. කොහොම වුණත් මුල් කාලේ මේකෙ තිබුණේ ඡායාරෑප හුවමාරු කර ගන්න සීන් කෝන් එකක්. පස්සේ තමා Video සීන් එකට මෙයාලා Enter වුණේ. කොහොම වුණත් මිලියන පන්සියයකට වඩා වැඩි පිරිසක් මේ වෙද්දී Snapchat භාවිත කරනවා.
ඉස්සෙල්ලා කිව්වා වගේ මේ වෙනකොට සුදාලා Facebook එකේ Instagram එකේ Tik Tok එකේ දකින Short Story Videos වල ආරම්භය සිද්ධ වෙන්නෙ Snapchat ඇතුළෙ කියලා තමයි කියවෙන්නේ. ඒ කියන්නේ වස්තු සිරස් වීඩියෝ ආකෘතිය මෙයාලා තමා Social Media ඇතුළට ගෙනල්ලා තියෙන්නේ. ඒත් Instagram, Tik Tok වගේ social media platforms ඇතුළේ තමා සිරස් වීඩියෝ ආකෘතිය ජනප්‍රිය වුණේ. නමුත් Instagram Story වල ජනප්‍රියත්වය නිසාම Snapchat වල ගමනට බාධාවක් ඇතිවුණයි කියලත් ක්ෂේත්රයේ කතාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔය වීඩියෝවලට එක එක filters භාවිත කරන සීන් කෝන්, වීඩියෝ ඇතුළේ අකුරු රෑප දාන සීන් කෝන් එහෙමත් social media වලට ගෙනාවා කියලා කියන්නේ Snapchat ලම තමයි.


Snapchat රහස්‍යභාවය ආරක්ෂා කරන සමාජ ජාලයක් විදිහටත් ජනප්‍රියයි. ඒ කියන්නේ මචෝ ස්වයංව විනාශ වන පණිවිඩ මේ හරහා යවන්න පුළුවන්. ඒ වගේම screenshot ගැනීම සම්බන්ධවත් මේකේ ඇතුළේ තද නීති රීති තියෙනවා. තත්ත්පර දහයෙන් විනාශ වන විදියට වීඩියෝ ඡායාරෑප හුවමාරු කර ගැනීමේ හැකියාව මේකෙ තියෙනවා. විශේෂිත දෙයක්... ඒ කියන්නේ මචෝ ඔයා යවන ඡායාරූපයක් හෝ වීඩියෝවක් අනෙකා දැකීමෙන් අනතුරුව එය නැවත බැලීමට නොහැකි වන සේ මැකී යනවා. එයාට ආපු පණිවිඩය ඔයා බැලුවේ නැත්නම්, එක දින 30ක කාලයක් නොමැකී රැඳී පවතිනවා.
කොහොම වුණත් මේ එක්ක තමා Snapchat වල අඳුරු පැත්ත ගැන කතා කරන්න වෙන්නේ. සුදාලාට කියන්න ලෝකෙ අතිශය ජනප්‍රිය සමාජ ජාලයක් වුණත්, වයස අවුරුදු 12ට වැඩි අයට භාවිත කරන අනුමත කරලා තිබුණත්, මේක තුළ ගොඩක් නරක දේවල් සිද්ධ වෙනවා. මේකෙ තියෙන ආරක්ෂාකාරී බව නිසාම "sexting” සඳහා Snapchat භාවිත කිරීමට යෞවනියන්ගේ විශාල පෙළඹීමක් තියෙනවා කියලා මේ වෙද්දි හෙළිදරව් වෙලා තියෙනවා. මේ හේතුව නිසාම Snapchat ලාට එරෙහිව අමෙරිකාවේ යුරෝපයේ දෙමව්පියන්ගෙන් චෝදනා ගොඩක් ඉදිරිපත් වෙලා තියෙනවා.
අපි මුලින්ම කිව්වනේ ලංකාවේ මේ වෙද්දි එච්චර Snapchat ජනප්‍රිය නැහැයි කියලා. ඒ වුණාට මචෝ ලංකාව ඉන්දියාව වගේ රටවල Snapchat ජනප්‍රිය වීම මේ වෙද්දි ආරම්භ වෙලා තියෙන්නේ. ඉන්දියාවේ නම් ඉතා වේගයෙන් ජනප්‍රිය වෙනවා කියලා වෙබ් අඩවි හෙළිදරව් කරනවා. තායිලන්තය, පිලිපීනය, ඉන්දුනීසියාව වගේ රටවල නම් මේ වෙනකොටත් මේ සීන් එක සෑහෙන්න ජනප්‍රියයි. හැබැයි මචෝ හොඳ අරමුණකින් වෙන වැඩක් නම් නෙවෙයි මේක. Omegle ගැන පසුගිය සතියකදි අපි කිව්වා. ඒ වගේ Random Chat වලදී ගොඩක් ආසියාතික තාරුණ්‍ය උත්සාහ කරන්නේ සුදු ජාතික තරුණියන්ගේ Snapchat Use Name ලබාගන්න. ආරක්ෂාකාරීව වැරදි ගනුදෙනුවක් කරන්න තමයි මේ අයගේ උත්සාහය.
I නිසල්