අවසන් කටයුතු දිල්ලියේදී......... ඔහ්........ චේතන් භගත් මගේ ආදරණීය ලේඛකයගෙ අලුත්ම නවකතාවක් මෑතකදී මගේ අත්ල මැද්දෙ තුරුල් වෙමින් තිබුණා. ආදර කතා සුන්දරයි අවසානය ඛේදවාචකයකින් කෙළවර නොවෙන තාක්කල්.. ඒත් අපි හැම කෙනෙක්ම එන්නෙ ඉරණමක් අයිති කරගෙන....... ඒ ඉරණම අපි කා එක්ක ජීවිතය ගැට ගහගෙන හිටියත් තනි තනිව විඳගත යුතුයි..........
අවසන් කටයුතු දිල්ලියේදී තුළින් හමුවෙන්නෙත් ඒ වගේ ආදරවන්තයින් දෙදෙනෙක්.... ඒ දෙන්නා අතරේ කොච්චර ආදරයක් බැඳීමක් තියෙනවාද කීවොත් ඉන්දියාවේ තියෙන තමන්ගෙ සැමියා වෙනුවෙන් ඉටු කරන චාරිත්‍රයක් ඇය තම පෙම්වතා වෙනුවෙන් ඉටු කරනවා. ඒ පැය ගණනක් නිරාහාරව සිටිමින් උපවාස කරමින් පෙනෙහෙරෙන් සඳ බැලීමේ චාරිත්‍රය....... අනතුරුව ඒ පෙනෙහෙරෙන්ම තම සැමියාගේත් මුහුණ බලනවා. ඔහු එනතුරු ඇගේ සුවිසල් නිවෙසේ වහලය මතට නැගෙන්නේ ඇය සඳත් ඔහුත් දකින්න මොහොත එනතුරු නොඉවසිල්ලෙන්....... එහෙත් ඇයට මුණගැසෙන්නේත් සඳවත් ඔහුවත් නෙවෙයි මරණය.......... ඒ කොහොමද? කවුද කොහොමද ඇයට ඇගේ ජීවිතය අහිමි වෙන්නෙ........ ඒ අබිරහස පසුපස දුවයන ඇගේ ආදරවන්තයගේත් ඔහුගේ මිතුරාගේත් කතාව තමයි අවසන් කටයුතු දිල්ලියේදී නවකතාව තුළින් දිගහැරෙන්නේ........
මොහොතක් මොහොතක් පාසා කුතුහලය තුළ පාඨකයා ගිල්වමින් හරි අපූර්ව භාව රසයක් උද්දීපනය කරමින් මේ නවකතාව ගලාගෙන යනවා....... හිතමිතුරුකම්, ආදරණීය ගැටගැහීම්, සහෝදරකම් මේ සියල්ල ගැඹුරේ කොයිතරම් නපුරු විදිහට කොයිතරම් කටුක විදිහට වෛරය පලිගැනීම් සම්මිශ්‍රණය වී තියෙනව ද කියලා මේ නවකතාව ඔස්සේ සියුම් ලෙස මතු කරනවා.........
බැඳීමක් ඇති තැන තියෙන්නේ ආදරය විතරක්ද?
ආදරය ඇති තැන තියෙන්නේ ආදරය විතරක්ද?
ප්‍රේමය ඇති තැන තියෙන්නේ ප්‍රේමය විතරක් ද?
නැත්නම් ඒ එක්ක ගැටගැහිච්ච සුන්දර දේවල් විතරක්ද? නැහැ තවත් අසුන්දර දේවල් හුඟාක් ඒත් එක්ක ගැටගැහිලා තියෙන්න පුළුවන්....
ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ
රිසි වූ කෙනෙකුට පූජා කරන්න
ලෝභ සිතින් තොර පිදුව මනාවේ
පෙරළා බිඳකුත් ලබනට නොසිතා
ප්‍රේමය හෝ ආදරය කවර සමාජ භූමිකාවක් තුළදී හමුවුණත් එය මේ ආකාර වෙනවා නම් එය හරි සුන්දරයි
වෛරය බෙදා වෙන්කිරීම් ආදරය ප්‍රේමය අස්සෙ තැවරෙද්දී එතැන හරි වේදනාකාරියි...
ඒත් ආදරය ආදරය ලෙසින් පමණක් සහ ප්‍රේමය ප්‍රේමය ලෙසින් පමණක් මුණගැසෙන තැන් ජීවිතයේ හරි විරලයි.
ඒත් ඒ බව දැන දැනම ජීවිතය වෙනුවෙන් ආදරය නොසොයන කෙනෙක් මේ ලෝකයේ නැති තරම්... කවදා කොතැනකදී කොයි විදිහට හමුවුණත් මේ ආදරය කියලා දැනෙද්දී ආදරය ළඟ නොබැඳෙන කෙනෙක් නැති තරම්... ඒත් හැම ආදර කතාවකම අවසානය සොඳුරු නොවන යථාර්ථය අවසන් කටයුතු දිල්ලියේදී නවතකාව ඔස්සේ හරිම චමත්කාර විදිහට දිගහැරලා තියෙනවා.