2022 මැයි 22 වන ඉරිදා

විකාර අස්සේ හොඳ හොඳ Tik Tok

 2022 මැයි 22 වන ඉරිදා, පෙ.ව. 10:00 103

ඔන්න මචෝ අද අපි කතා කරන්න යන්නේ TikTok  සම්බන්ධ Y Trend එකක් ගැන. මීට කලිනුත් අපි TikTok ගැන කතා කරලා තියෙනවා. හැබැයි සුදෝ අද කතාව ටිකක් විතර වෙනස්. මේ කතා කරන්න යන්නේ, මේ දවස්වල පට්ට Famous වෙලා  තියෙන TikTok challenge ගැන. සමහරවිට අපේ මචාලා මචීලා දැනටමත් මේ වීඩියෝ කෑලි දැකලා ඇති.

TikTok ගැන ඉතින් අමතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනී. Short Videos හරහා කට්ටිය ආතල් එකක් ගන්න මේ වෙනස්ම Social media platforms එකක්. සිරාවට මේකේ අනිත් Social media platforms වලට සාපේක්ෂව වැඩිපුර ඉන්නේ Younger generation එක. ඉතින් මචෝ මේක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Y Trend සෑහෙන්න තියෙන තැනක්. කොටිම්ම TikTok එක කියලා කියන්නේ පිස්සුලන්තයක්. සමහරුන්ට නම් මේක එච්චර දිරවන්නෙ නෑ.

TikTok එකේ දකින්න තියෙන Videos එක එක category වලට දාන්න පුළුවන් අපිට. අන්න එහෙම category කරන කොට තමයි TikTok Challenges කියලා ජාතියක් අපිට හම්බ වෙන්නෙ. Social media platforms වල සාමාන්‍යයෙන් Challenges දකින්න ලැබෙනවා. අපේ පැංචින්ට මතක නම් ඔය අයිස් බකට් Challenge එක එහෙම කාලයක් නැගලා ගියා. ඒවට නම්  පොඩි meaning එකකුත් එකතුවෙලා තිබ්බා තිබ්බා. කොහොම වුණත් මේ වෙද්දී වැඩිපුරම Challenges දකින්න ලැබෙන්නේ TikTok එකේ තමා වස්තු.

TikTok Challenges ගොඩක් වෙලාවට හිතාමතා සැලසුම් කරලා හඳුන්වා දෙන ඒවා නෙවෙයි. කවුරු හරි කෙනෙක් මොකක් හරි අභියෝගාත්මක දෙයක් කරලා TikTok එකේ වීඩියෝ එකක් නිකුත් කරනවා. ඒක දැකලා ආකර්ෂණය වෙන තවත් කෙනෙක් ඒ දේ කරනවා. දෙතුන් දෙනෙක් කරද්දී ඒකට hashtag # එකක් නිර්මාණය වෙනවා.

උදාහරණයක් විදියට කිව්වොත් මචෝ ඔන්න කියාගන්න අමාරුයි දිග වචන ඛණ්ඩයක් කවුරුහරි එක හුස්මට කියනවා. මේක පට්ට සීන්කෝන් එකක් කියලා බලලා ඉන්න කවුරු හරි හිතනවා. ඉතින් එයත් ඒ වැඩේම කරලා TikTok දානවා. ඊට පස්සේ මේක රුල්ලක් වෙනවා. hashtag # යටතේ මේ Challenge එකට නමකුත් මේ අතර ලැබෙනවා. ඒකට ගැලපෙන Music Track එකකුත් සෙට්වෙනවා. ඊට පස්සේ මුළු ලෝකෙම කට්ටිය ඒක කරනවා.

Challenge එකක් කියලා කිව්වට මේකට තෑගි හෙම නම් ලැබෙන්නේ නෑ වස්තු. හැබැයි තමන්ගේ TikTok Profile එක Famous කරන ගන්න නම් මේ වැඩෙන් පුළුවන්. සාමාන්‍යයෙන් මේ category එකේ videos කට්ටිය බලනවා වැඩියි. ජනප්‍රිය චරිතයක් TikTok Challenge එකක් කරොතින් ඒක Famous වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මොකද එයාලගේ Fans ලා අනිවාර් යෙන්ම ඒ Challenge එක පට්ට උනන්දුවකින් බාරගන්නවා. මේක වෙනම ආතල් ලෝකයක් මචෝ.

මේ දවස්වල ලංකාවේ අපේ අය අතර Famous වෙලා තියෙන TikTok අභියෝග කිහිපයක් තියෙනවා. Office සෙට් එකක් එක එක විදිහට විහිළු සද්ද දම දමා හිනා නොවී ඉඳීම එක Challenge එකක්. එතකොට ගුඩුස් අරින්නේ නැතුව ස්ප්‍රයිට් බෝතලයක් බොන එක තව Challenge එකක්. මේ වගේ ලංකාවේ ප්‍රසිද්ධ TikTok Challenge කීපයක් තිබුණත් ලෝකෙට සාපේක්ෂ වන අපි  ඉන්නේ ටිකක් පිටිපස්සේ ඉන්නේ ටිකක් පිටි පස්සෙන්. දැන් අපි බලමු ලෝක මට්ටමෙන් මේ අවුරුද්දේ ජනප්‍රියම TikTok Challenges ටිකක්.

VHS Filter කියන Challenge එක මේ අවුරුද්දේ හරියට ජනප්‍රිය වුණා. මේකට Tag එක වුණේ #vhstape. සුදාලාට මතකද? ඉස්සර වෙච්ච VHS Tape වල Record කරපු Videos වල කැඩි කැඩී යන ගතිය. එතකොට ප්‍රේම් එකයි වෙලාවයි පෙන්නන සීන් එක. අන්න ඒ විදියට වීඩියෝ හදන්න පුළුවන් Filter එකක් පහුගිය කාලේ Tiktok එකට ආවා. එතකොට සාමාන්‍ය විදියට තමන්ගේ වීඩියෝ එකක් පටිගත කරපු දෙමව්පියෝ එකියකට තමන්ගේ දරුවකු වීඩියෝ එකක් VHS Filter දාල Edit කරා. හරියට ඒක තමන්ගේ පොඩි කාලේ වීඩියෝ එකක් වගේ එතකොට. ඉතින් මේක Challenge එකක් විදිහට පට්ටෙට Trend වුණා.

පට පට ගාලා ඇඳගෙන ඇඳගෙන ඉන්න ඇඳුම මාරු වෙන TikTok Videos සමහරවිට අපේ සුදාලා දැකලා ඇති. මේකත් TikTok Challenge එකක්. මේකට නම ලැබිලා තිබුණේ Touch It Challenge කියලා. Tag එක #touchitchallenge. මේකෙදි වෙන්නේ “Touch It” Song එක background එකේ Play වෙද්දී ඒකේ  Busta Rhymes උඹලට ඇඳුම් මාරු වෙන එක. ගෑනු ළමයින්ට තමන් ළඟ තියෙන සුපිරි ඇඳුම් ටික ලෝකයට ප්‍රදර්ශනය කර ගන්න මේකෙන් කර ගන්න මේකෙන් මාර අවස්ථාවක් ලැබුණා. මේ hashtag එකට මිලියන 447ක් භාවිතා වෙලා තියනවා කියලා කිව්වොත් සුදාලා විශ්වාස කරනවාද?

මේ වගේ Challenges විශාල ප්‍රමාණයක් තියෙනවා මචෝ. ඇත්තටම මෙතන අපිට ඔක්කොම විස්තර කරන්න අමාරුයි. අපි සුදාලා කැමති නම් ගූගල් දෙයියන්ගෙන් විස්තර අහලා බලන්න නම් කිහිපයක් මම කියන්නම්.

Passing the Phone
Tags: #passingthephone #passthephone
Sleepy Day Challenge
Tags:#sleepyday
Pet Portrait
Tags: #petportrait
Snapshot Challenge
Tags: #snapshotchallenge

ඔන්න හොයලා බලන්න කිව්වට කරලා බලන්න කියලා නම් අපි කිව්වේ නෑ. ඇත්තටම මේ ගොඩක් ඒවා විකාරයි තමා. ඒත් හොඳට හොයලා බැලුවම තේරුමක් තියෙන දේවලුත් යාන්තමට වගේ තියනවා. ඉතින් මචෝ අපි කලිනුත් කිව්වනේ TikTok කියන්නේ අමුතුම ලෝකයක්. මේකෙ ඇතුළෙ තියන දේවල් ඊට පිටින් ඉන්න අයට තේරුම් ගන්න අමාරුයි.

I නිසල්

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00