මචං සුදු පුතේ දෙන්නද පැණි බේරෙන Y Trend එකක්. අද කතාව Mobile Game එකක් ගැන. ඔය හැමෝම වගේ මේ වෙනකොටත් දන්න ලෝකය පැණි යායක් කරපු Candy Crush Game එක ගැන. ඉතින් අද අපි මේ ආතල් එක ගැන කතාකරමු.
ඇත්තටම මචෝ මේක පිස්සු හැදෙන Trend එකක්. අපේ සුදාලා දැකලා ඇති බස් එකේ කෝච්චියේ Candy Crush ගහන අය ඉන්නවා සෑහෙන්න අපේ රටෙත්. සමහරවිට සුදාත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. පුදුම වෙන්න එපා ලෝකය පුරා මිලියන බිලියන ගාණකට ඔය පිස්සුව තියෙනවා. හැබැයි ඉතින් Candy Crush ඇබ්බැහි තියෙන්නේ නාඹර තාරුණ්‍යට නම් නෙවෙයි. දැනට තියන තොරතුරු අනුව මචෝ, අවුරුදු 25ත් 45ත් අතර අයට තමා Candy Crush පිස්සුව උපරිමයෙන් තියෙන්නේ.
ඒකෙත් පට්ටම සීන්කෝන් එකක් තියෙනවා. කාන්තා පාර්ශ්වය තමා මේ සීන් එකට වැඩිපුර පිස්සුව වැටිලා ඉන්නේ. ඒක සිරා සිද්ධියක් මචෝ. ඔය කොටුවෙන් මරදානෙන් පටන් ගන්න කාර්යාල දුම්රියකට ගොඩවෙලා බලන්නකෝ. සුදාලට තේරෙයි. අපේ රටේත් අක්කලා ඇන්ටිලා දෙතුන් දෙනෙක් එක දුම්රිය මැදිරියක Candy Crush සෙල්ලම් කරනවා. පිරිමි අයත් නැතුවාම නෙවෙයි ඉතින්. හැබැයි ආත බූත වෙලා ලෝකය අමතක වෙලා ලංකාවේ කෝච්චිවල වැඩිපුර Candy Crush සෙල්ලම් කරන්නේ ලලනාවෝ තමා.
Candy Crush ගැන හැමෝම දන්න නිසා ලොකුවට ඒ ගැන වෙනම පැහැදිලි කරලා තේරුමක් නෑ. ඒත් තාමත් Candy Crush ගැන නොදන්න ෆ්‍රොන්තොලා වෙනුවෙන් චූටි සීන් ටිකක් කියන්නම්. ගේම් එක ගහන සීන් එක ගැන හරියට නොදන්න අයටත් මේ ටික වැදගත් වෙයි එකෙන්ම. Candy Crush Saga කියන්නේ 2012 අප්‍රේල් 12 වැනිදා King.com Limited ලා නිකුත් කරපු නොමිලේ ක්‍රීඩා කළ හැකි match-three puzzle video game එකක්.
Candy Crush වලදී ඔයා ඉස්සරහට එන පාට තුනක හෝ වැඩි ගණනක Candy ගැලපීම තමා කරන්න ඕනෑ. මේකෙ එක එක නීති අදියර ගණනක් තියෙනවා ඉතින්. මුලින් කිව්වා වගේ ඇබ්බැහි වෙන සුළුයි. Game එකේ අමාරුම තැන්වලදී ක්‍රීඩකයින්ට වඩාත් සීන් ඉවත් කිරීමට උපකාර කිරීමට විශේෂ ක්‍රියාදාමයන් මිලදී ගන්න පුළුවන්. ඒ ආදායම King ආයතනයට. මේ පිස්සුව තදවුණාම කට්ටිය සල්ලිවලට ලෝස් නෑ මචෝ. දැනට සීන් එකේ උච්චතම අවස්ථාවේ මේ විදිහට එක දවසකට ඇමරිකන් ඩොලර් මිලියනයකට ආසන්න මුදලක් හොයලා තියෙනවා කියලාත් වාර්තා වෙනවා. ඒක නම් පිස්සුවක්නේ සුදා.
සීන් එක පටන්ගත්ත මුල් කාලේ 2014 දී මිලියන 93කට අධික සෙටාර් එකක් Candy Crush Saga ක්‍රීඩා කරකර ඉඳලා තියෙනවා. එතකොට මාස තුනක කාලයක් තුළ ආදායම ඩොලර් මිලියන 493කට වඩා වුණාලු. Mobile App එකක් විදිහට නිකුත්වෙලා අවුරුදු පහකට පස්සේ Candy Crush Saga Download බිලියන 2.7කට වඩා වැඩිවෙලා. 2021දී මෙයාලගේ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 556ක් විතර වෙලා තියනවා සුදෝ. එතකොට King සමාගම කියන විදිහට ගේම් එකේ වටිනාම විතරක් ඩොලර් බිලියන 7ක් විතර වෙනවලු. චුට්ටක් කල්පනා කරලා බලන්න වස්තු. ඒ සල්ලිවලින් තෙල් නැව් කීයක් නම් ගන්න පුළුවන්ද අපිට.
සුදාල දන්නවා Facebook එකේ ඔයාලා Candy Crush සෙල්ලම් කරන යාළුවෝ කොච්චරගෙන් Request එනවා කියලා. සමහරුන්ට නම් මේක පට්ට වදයක් වෙලා තියෙන්නේ මචෝ. ඒත් මචෝ Facebook එක නිසා තමා Candy Crush ඔච්චරම නැගලා ගියේ. Request සීන් එකක් පට්ට Promotion එකක් මෙයාලා කර ගන්නවා එකෙන්ම. අද වෙනකොට Candy Crush කොච්චර පිස්සුවක් වෙලා තියනවාද කියලා කියනවා නම් ඇඳුම් වර්ග, විලාසිතා, කෑම වර්ග ගොඩක් Candy Crush නිසා වෙළඳපොළට ඇවිල්ලා තියෙනවා. ගූගල් පැත්තෙ හොයලා බලන්නකෝ.
ඒ විතරක් නෙවෙයි Game එක හැක් කරන්න ජිල්මාට් ලක්ෂ ගණනක් අන්තර් ජාලේ තියෙනවා. ඒවා උගන්වනවා වෙනම කට්ටියක්. ආතල් සීන් එකක් තියෙනවා වස්තු ඒ ගැන කියන්න. Candy Crush ගහනකොට අවස්ථා පහක් තියෙනවා දිනන්න. පහම පැරදුනොත් ස්වංක්‍රීයව ටික වෙලාවකට ගේම් එක නතර වෙනවා. ඒක මනසට යම් විවේකයක් ඕනෑ නිසා දාපූ සීන් එකක් කියලා කියන්නත් පුළුවන්. හැබැයි සමහර Candy Crush පිස්සු ඩයල් මෙහෙම වුණාම තමන්ගේ Mobile Phone එකේ වෙලාව වෙනස් කරලා Game එකට ගේමක් දෙනවා. ඉතින් මේ වගේ පිස්සු වැඩ කිඩත් Candy Crush ලෝකයේ සෑහෙන්න තියෙනවා වස්තු.
කොහොම වුණත් මේ Candy Crush කියන්නේ ප්‍රචණ්ඩත්වය වගේ දේවල් නැති ක්‍රීඩාවක්. ඒත් මචෝ මේ ඇබ්බැහිය ඇතුළේ ඇති වෙන්න පුළුවන් මානසික ගැටලු ගැන නොකියා බෑ. සමහර වෙබ් අඩවිවල මේ ගැන ලොකුවට කතා කරලා තියනවා. පෞරුෂත්ව ආබාධ තිබෙන අය මේ වගේ ගේම්වලට යොමුවීම එක්ක ඒව මානසික රෝග විදිහට වර්ධන වෙන්න පුළුවන්ලු. මානසික ආතතියට විසඳුමක් විදිහට මේක සරල Game එකක් කියලා හිතාගෙන භාවිත කිරීම නිසාත් භයානක ප්‍රතිඵල සමහරුන්ට අත්වෙලා තියෙනවා.
ඉතින් මචෝ Candy Crush Saga කියන්න වෙනකොට එකක් වර්ෂන් ගොඩක් තියනවා. ඒ වලට වෙන වෙනම කතාන්දරත් තියෙනවා. ඒ ඔකොම කතා කියන්න නම් වෙලාව මදියි වස්තු. අන්තිමට කියන්න ඕනෑ කොච්චර ආතල් වුණත් ඕනෑම ඇබ්බැහියක් අපිට හොඳ ප්‍රතිඵල නම් අරගෙන එන්නේ නෑ. ඉතින් ඒක සීන් එක ලෝකයම වෙලා ගත්තු මේ පට්ට Trend එකටත් අදාළයි. ඒ නිසා ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොඳ නෑ. ඉතින් ඒක දැනගෙන Candy Crush ආතල් එක ගන්න අපේ සුදාලා මතක තියාගන්න.
I නිසල්