2022 ජුනි 12 වන ඉරිදා

ලෝකෙ වටේ ක්‍රිකට් ඔට්ටු

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 183
කාලෙකට පස්සේ Bad Y Trend එකක් ගැන කතා කරන්නයි යන්නේ. අපේ ෆොන්තොලා දන්නවා මේ දවස්වල ලංකාවේ හැමෝටම ක්‍රිකට් උණ. මේකත් ඉතින් ක්‍රිකට්වලට සම්බන්ධ Trend එකක්. මේ දවස්වල Cricket එක්ක Trend වෙන සූදුවක් ගැන තමා මේ කතා කරන්න යන්නේ.
 
අපේ සුදාලා දන්නවා ඔය පාට පාට 'ලයිට්' පත්තු වෙවී දුවන අශ්වයෝ ඉන්න නීතියක් සූදූ පොළවල ක්‍රිකට් ඔට්ටුවල ජයටම නැගලා යනවා. මීට කලින් දවසකත් අපි ඔය ගැන කිව්වා. ඒ වැඩේ පට්ට නීතිවිරෝධීයි. ඒත් තාමත් වෙනවා. කොහොම හරි මේ කියන්න ලෑස්ති වෙන්නේ වස්තුලට ඒ සීන් එක නෙවෙයි. Digital ලෝකේ අන්තර්ජාලය ඇතුළේ සිද්ධවෙන ඔට්ටු සීන් එකක් ගැන. ම්ම්.. ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය වගේ අපේ කලාපයේ මේ සීන් එක නැගලා යනවා. ඇත්තටම පට්ට Trend එකක් වෙලා.
 
මේ සීන් එක මොන වගේද කියලා වස්තුලාට මුලින්ම පැහැදිලි කරන්නම්. නැත්නම් ඔට්ටුව අල්ලනවා කියලා කිව්වම වෙනම අදහසක්නෙ ඔළුවට යන්නෙ අපේ පැංචොන්ගේ. අපේ අසල්වැසි ඉන්දියාව තමයි මේකෙ ප්‍රධානියා. ඒ ඇයි කියලා කිව්වොත් සුදාලා පුදුම වෙයි. ඉන්දියානු නීතිවිරෝධී ක්‍රිකට් ඔට්ටු වෙළෙඳපොළේ වටිනාකම විතරක් අමෙරිකානු ඩොලර් මිලියන 150 ක් විතර වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ එක තරගයකට ඩොලර් මිලියන  200 ක් විතර ඔට්ටු  ඇල්ලෙනවා. ඒක කොහොමද සුන්දරා? ඒක කොහොමද මචෝ? ඩම් වෙලා ඩූම් වෙලා යනවා නේද?
 
මේ ඔට්ටු ඇල්ලීම අන්තර්ජාලය ඇතුළේ. වෙබ්අඩවි සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා මේ ඔට්ටු සීන් කෝන් එකට. ජාත්‍යන්තර වශයෙන් පිළිගත්තු ක්‍රීඩා ඔට්ටු අල්ලන Web වලත් දැන් ක්‍රිකට් අනිවාර්ය අංගයක් වෙලා. ඒකට හේතුව හිතාගන්න පුළුවන්නේ. වස්තු මේ ඔට්ටු පිස්සුව පහුගිය අවුරුදු තුන හතර ඇතුළේ පට්ට Trend එකක් වෙලා ලෝකය පුරා. ඉන්දියාව තමා අංක එක. ඒත් අපේ රටෙත් වැඩේ ජයට නැගලා යනවා. ගොඩක් කට්ටිය සද්ද බද්ද නැතුව මේ ඔට්ටු සීන් එකට adult වෙලා ඉන්නවා. මේක සිරා සිද්ධියක් බ්‍රෝ.
 
අපේ මචංලා Facebook එක පැත්තේ cricket post වල යට අමුතු Comment තියෙනවා දැකලා තියෙනවාද? ඔයා ඒ වගේ Page වලට Comment කරලා තියෙනවා. ඔයාට Reply Comment එහෙමත් ඇවිල්ලා ඇති ඔය විදිහට. විශේෂයෙන්ම ICC, ESPN Cricinfo වගේ Page වල මේ සීන් එක තියෙනවා. Comment හරහා Fake Profile එකකින් ඔට්ටු වෙබ් සඳහා මේ විදිහට ආරාධනා කරන්නෙ අපි කතා කරන මේ සීන් එකේ ඉන්න සෙට් එක. එතකොට ඔය Cricket තරග Live දෙන Facebook, YouTube Chanel වල Live Comment වල හොඳට මේ සීන් එක බලාගන්න පුළුවන්. අපිට ආරංචි විදිහට ලංකාවේ ඔට්ටු සීන් එකට කට්ටිය සෙට් වෙලා තියෙන්නේ මේ ඔස්සේ.
 
දැන් සුදාලට කුතුහලයක් ඇති කොහොමද මේ සීන් එකේදි ඔට්ටුව ඇලෙන්නේ කියලා. ඒක ටිකක් සංකීර්ණ වැඩක් මචෝ. සරලවම කිව්වොත් ක්‍රිකට් තරගවලදී, කඩුලු අතර සබඳතා, ජයග්‍රාහකයා  පරාජිතයා, මුළු ලකුණු, ඉහළම ලකුණු ලබාගන්න පිතිකරු, වැඩිම විකට් ගන්න පන්දු යවන්නා, ඉනිමේ ලකුණු, ලබාගත් කඩුලු, අර්ධ ශතක සහ ලබාගත් ශතක යනාදිය එකී මෙකී ගොඩක් දේවල් මත ඔට්ටු අල්ලන්න පුළුවන්. පන්දුවෙන් පන්දුවට ඔට්ටු අල්ලන්න පුළුවන් සීන් කෝන් තියෙනවා කියලා කියනවා සමහරු.
 
ඇත්තටම මචං මේක මේ විදියට පට්ට පිස්සුවක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ Bad Trend එකක් හැදිලා. IPL වලදී කට්ටියට මේ පිස්සුව තද වෙනවා. ඒ වගේම ටිකක් ලොකු ICC Event වලදීත් එහෙමයි. කොහොම වුණත් හැම තරගයක් සම්බන්ධවම ඔට්ටුව අල්ලන්න පුළුවන්. අතේ තියෙන පිච්චියට සොරි ඩොට් කොම් වෙන මේ සීන් එකට අපේ රටේ ක්‍රිකට් පිස්සෝ සෙට් එකත් අහුවෙලා තියෙන එක ගැන නම් පට්ට දුකයි මචෝ. ඊටත් වඩා දුක මේ සීන් එක වේගයෙන් කට්ටිය අතර Trend වෙන එක.
 
ඉස්සර නම් වස්තු Cricket ඔට්ටු කියලා කිව්වාම සුපිරි සල්ලිකාරයෝ තමයි සීන් එකේ හිටියෙ. තරග පාවාදීම් වගේ සීන් ගැනත් කියැවුණේ ඒකයි. ඒත් මේ වෙනකොට රුපියල් 50, 100 ඉඳන් ඇල්ලෙන ක්‍රිකට් ඔට්ටු නිසා තත්ත්වය සංකීර්ණ වෙලා සුන්දරා. සුදාලාට කියන්න මේ සීන් එක ප්‍රවර්ධනය කරන්න වෙබ්අඩවි ගාණක සිංහලෙන් ලිපි පවා තියෙනවා. ලංකාවේ නීතිය අනුව නම් මේක සම්පූර්ණයෙන්ම නීතිවිරෝධීයි. ඉන්දියාවෙත් ක්‍රීඩා සඳහා මේ ඉල්ලුම අනුමත කරන්නේ නෑ. ඒත් කිසි අවුලක් නැතුව සෙටාර් එකක් මේක කරගෙන යනවා.
 
මෙයාලා කියන විදියට ක්‍රිකට් සම්බන්ධ ඔට්ටු ඇල්ලීමේ අවස්ථා ගොඩක් තිබීම ජයග්‍රහණ සම්භාවිතාව වැඩි කරනවලු. ඒ නිසා තමයි ගොඩක් දෙනෙක් සීන් එකට enter වෙන්නෙ. අනිත් එක තරගකාරී බව මේ සීන් එක ඇතුළේ වැඩියිලු. අලුත් කෙනෙක්ට වුණත් සීන් එකට ඇවිල්ලා සෙට් වෙන්න පුළුවන්ලු. මේ හේතු සෑහෙන්න ප්‍රමාණයක් මෙයාලා කියනවා. හැබැයි මගේ පැංචෝ පැංචියෝ හොඳට මතක තියාගන්න මේ කෙහෙල්මලට සෙට් වුණොත් නම් ආයෙ ගොඩ ඒමක් නෑ.
ක්‍රිකට්වලට තියෙන ආසාවට ක්‍රිකට් ගැන පොඩි දැනුමක් තියෙන නිසා අපේ සමහරු මේ වැඩේට සෙට් වෙනවා. ලංකාවේ එකතුවෙලා ඉන්න ගොඩක් අය එහෙමයි. අනිත් එක තමන්ගෙ ඔට්ටුවක් හරි ගිහිල්ලා කීයක් හරි අතට ආවොත් මෙයාලා හිතන්නේ ලෝක කුසලානේ දිනුවා වගේ කියලා. යාළුවෝ ඒකේ සල්ලිවලින් ආතල් දාලා දවසින් දෙකින් ඔට්ටු දිනපු සල්ලි කුඩු පට්ටම් කරලා ආයෙ ආතල් හොයාගෙන යනවා. අවසානෙදි සේසතම හමාර කරගෙන තමයි මෙයාලට නවතින්න වෙන්නේ. ලංකාවේ අපි මේ පටන්ගැන්මේ මචෝ.
 
කොහොම වුණත් කියන්න තව දෙයක් තියෙනවා. සුදාලා විශ්වාස කරන එකක් නෑ චීනය සිංගප්පූරුව වගේ රටවල පවා ක්‍රිකට් ඔට්ටු අල්ලනවලු. මොකද සුදු කප්පිත්තන්ට හොඳට සෙල්ලම් දාන්න පුළුවන් ක්‍රීඩාවක් තමයි ක්‍රිකට් කියලා කියන්නේ මංචෝ. ඒ කොහොම වුණත් අපේ සුදාලා මේ Trend එකෙන් නම් පරිස්සම්වෙලා ඉන්න. මේ වගේ ටිකට් පිස්සුව තියෙන ඔයාලව ඉබේටම මේ සීන් එකේ ගොදුරක් වෙන්න පුළුවන්. ඕන් අපි කිව්වා වස්තු. මේ ගියා. 
ලබන සතිය හම්බවෙමු.. !
 
I නිසල්