2022 ජුනි 26 වන ඉරිදා

අමුතු අමුතු උයන්නෝ...

 2022 ජුනි 26 වන ඉරිදා, පෙ.ව. 08:00 63

ඔන්න මචෝ අද අපි කතා කරන්න යන්නේ මේ දවස්වල ලෝකයේ ජනප්‍රිය වීඩියෝ වර්ගයක් ගැන. TikTok එකට ගියත් YouTube එකට ගියත් Facebook එකට ගියත් Instagram එකට ගියත් මේ වීඩියෝ දැනගන්න පුළුවන්. ඒ තමා සුදෝ Short Cookery Videos.

ඉතින් අපි මේ කතාරන Cookery Videos වැඩි වශයෙන් දැකගන්න පුළුවන් short video format එකෙන්. හෝ හෝ සුදාලා හිතයි මේක පට්ට පරණ Y Trend එකක්නේ කියලා. ඔව් ඇත්තටම මේ කතා කරන්න Cookery Videos අද ඊයෙ ලෝකෙ නිර්මාණය වෙන්න පටන් ගත්ත වීඩියෝ වර්ගයක් නම් නෙවෙයි.

සුදාලා දන්නවා, කෑම බීම රසට හදන විදිහ කියලා දෙන Cookery Shows දැන් දශක තුන හතරක ඉඳන්ම Television වල අපි දකිනවා. හැබැයි මේ කතා කරන්න යන්නේ ඒ ජාතිය වීඩියෝ ගැන නෙමේ. Television Cookery Shows වල තුන්වැනි පරම්පරාවට තමා මෙදා අයිති වෙන්නේ.

මේ Trend එක ගැන එහෙම කිව්වම තේරෙන්නේ නැත්නම් ලංකාවෙන්ම අපි උදාහරණයක් දෙන්නම්. සිරිමැදුර, රස සරණිය කියන්නේ television එකේ පළවෙනි පරම්පරාවේ Cookery Shows. එතකොට Ape Amma YouTube වගේ ඒවා අයිති වෙන්නේ දෙවැනි පරම්පරාවට. එතකොට තුන්වෙන් පරම්පරාව අයිති වෙන්නේ TikTok එකේ ජනප්‍රිය Charith Nipun වගේ අය.

විශේෂයෙන්ම TikTok කියන Social media platform එක ඇතුළේ අපි මේ කතාකරන ජාතියේ වීඩියෝවල උපත. දැනට Video වීඩියෝ මිලියනයක් ගණනක් දැකගන්න පුළුවන් Tiktok එක ඇතුළේ. මිනිත්තුවක වගේ වඩා අඩු කාලයක් ඇතුළේ කෑම ජාතියක් හදාගන්න ආකාරය Voice නැතුව මේ ගොඩක් වීඩියෝ වල පෙන්වනවා.

සින්දුවක් නම් Music එකක් Background එකේ Play වෙනවා. මෝඩ පෙන්නන හරි මුහුණ පෙන්නන් නැති හරි Cook කෙනෙක් නැත්තං Chef කෙනෙක් එහෙම නැත්නම් Housewife කෙනෙක් කෑම එකක් හදනවා. ඇත්තටම මේවා බලන් ඉන්න ආස හිතෙන වීඩියො මචෝ. කැපුවා කෙටුවා දැම්මා හැදුවා. ඒත් කෑම පිඟන් දැක්කම පිස්සු හැදෙනවා. පට්ට සරලයි වගේ පේන්නේ සුදෝ. ඒත් ඇත්තටම එහෙම නෑ.

හැබැයි මේ සීන්කෝන් එක කෑම හදලා හොයනවාට වඩා සල්ලි හොයන්න පුළුවන් වැඩක් වෙලා ඉවරයි. හැබැයි සීන් එක ට්‍රෙන්ඩින් යන්න ඕන. පට්ට Fan base එකක් හදගන්නත් ඕන. එනිසා රුල්ලට කරාට මේ සීන් එකෙක් හැමෝටම එක විදියට ගොඩ යන්න බෑ. වාසනාවක් වගේම මොනවා හරි විශේෂත්වයක් ඕනාමයි වැඩේ ගොඩ දාගන්න.

ඉතිං මචෝ අද වෙද්දී ලෝකෙ පුරා සෝෂල් මීඩියා Chef Stars ලා බිහිවෙලා. ඇත්තටම මේ අය කෑම හදන්න පුළුවන් වැඩ්ඩෝ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒත් එයාලා social media සෝෂල් මීඩියාවල නං පට්ට වැඩ්ඩෝ. Views මිලියන ගණන් Followers ලා මිලියන ගණන්. සිරාවටම මේක පිස්සුවක් මචෝ.

මේ වීඩියෝවලට මිනිස්සු ඇබ්බැහි වෙන සුලුයි. එකපාරක් බැලුවොත් දෙපාරක් තුන්පාරක් අනිවාර්යෙන්ම බලන්න හිතෙනවා. ඒ කොහොම වුණත් සිරාම සිද්ධිය තමයි මේ සීන්කෝන් එකට කට්ටිය කොච්චර ආස වුණත් මේවල පෙන්නන කෑම ජාති ගෙදර හදනවා නම් බොහොම අඩුයි. චිත්‍රපටයක් බැලුවා වගේ තප්පර කිහිපයකින් සීන් එක බැලුවා රස වින්දා එතනින් ඉවරයි.

ඇත්තටම සුදෝ, සමස්තයක් විදියට ගත්තට පස්සේ සූප ශාස්ත්‍රය කියන මේ ශිල්පය දැන් මීඩියා විශාල ආදායම් මාර්ගයක්. ලංකාවේ අපිට නැතිවුණාට ඔයාල දන්නව, ඉන්දියාව ඇතුළු ලෝකේ ගොඩාක් රටවල කෑම බීම වෙනුවෙන්ම වෙන්වුණු විශේෂ රෑපවාහිනී නාලිකා තියනවා. ඒවලත් ජනප්‍රිය තරු ඉන්නවා. ඔය අපි ස්ටාර් තරග වගේ විශාල Competition තියෙනවා. ජාත්‍යන්තර මට්ටමෙන් මේවා බලන්න අපේ අයත් දැන් ටිකක් හුරුවෙලා.

අපි කතාකරන Cookery  short video කියන සීන් කෝන් එක කරළියට එන්නේත් මෙන්න මේ රෑපවාහිනී වැඩසටහන්වල බලපෑම නිසා. මුලින් YouTube එක ඇතුළට ඇවිල්ලා ටීවී එකේ වගේම වැඩසටහන් කරන එක තමයි කට්ටියගේ අරමුණ වුණේ. ඒත් කාලයත් එක්ක දෙකම එක වගේ වුණ නිසා. තවත් නිර්මාණාත්මක නිර්මාණාත්මක දේවල් ඉතින් ෆෝන් එකට එකතු වුණා. එකේ අවසාන පරිවර්තනය තමයි සුදෝ මේ අපි කතා කරන Cookery short videos.

මේ වීඩියෝ ගැන තවත් හොයලා බලන්න ඕනනම් අපි ප්‍රසිද්ධ Tiktok නම් ටිකක් කියන්නම්. burnt_pellet_bbq, simplefood4you, foodwtien, stoveandgarden, cookingwithshereen, eitan. ඔන්න අපි සුදාලා කැමති නම් මේ නම් google එකේ search කරල බලන්න. මේක කොච්චර පිස්සුවක් වෙලා තියෙනවද කියලා ඔයාලට දැනගන්න පුළුවන් වෙයි.

මේක තේරුම් ගන්න තවත් පුංචි සරල දෙයක් කියන්නම්. සුදාලා දන්නවා TikTok ඇතුළු සියලුම සමාජ මාධ්‍යවල hashtags භාවිත වෙනවා. එතකොට මචෝ TikTok මේ ජාතියෙ වීඩියෝස් දාද්දී භාවිත වන Tag දෙකකට මෙන්න මෙහෙම විව්ස් තියෙනවා. #cooking බිලියන 88.7 යි, #FoodTikTok බිලියන 78.2 යි.

ඉතිං මචෝ ඒ ගාණ ඇහුවම පස්සේ තවත් විස්තර ඕනේ නෑ. මාකටින් සීන්කෝන් එකක් වුණත් මේක බලන් ඉන්න ආතල් වැඩක්. උයන්න එක විතරක් නෙවෙයි විහිළු තහළු ගොන් ජෝක් ඕන තරම් මේවල තියෙනවා. ඔය නිකන් ඉන්න වෙලාවට ටික් ටොක් එක යූටියුබ් එක පැත්තෙ ගිහිල්ලා සීන් එක ගැන හොයල බලන්න. එහෙනම් මචෝ ලබන සතියේ අලුත් Y Trend  එකකින් හම්බවෙමු.

I නිසල්