මචෝ අද අපි කතා කරන්න හිතුවා පහුගිය සතියේ ලෝකෙම අවධානය යොමුවුණ ලංකාවේ අය හදපු සුපිරි Trend එකක ගැන. මේ වෙනකොටත් සුදාලා කතාව සම්පූර්ණයෙන්ම වගේ දන්නවා. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති අවසන් ODI තරගය නරඹන්න අපේ අය කහපාට ඇඳගෙන ගියා. ඉතින් ඒක වෙනම ආතල් එකක් වුණා. ලෝකය පුරා ඉන්න Cricket Fans ලාගේ අවධානයත් අපේ දිහාවට යොමු වුණා.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ වගේ අමාරු වෙලාවක අපේ රටට ආපු නිසා තමා ඔවුන්ට කෘතගුණ සලකන්න අපේ සුදාලා මෙහෙම කළේ. ඒ විතරද ඔයාලා දැනටමත් දන්නවා. ඒ නිසාම අපි මේ ට්‍රෙන්ඩ් එකේ වෙන්ම පැත්තක් ගැන චැට් එකක් දාන්න හිතුවා. මොකද මචෝ Cricket ප්‍රේක්ෂකයෝ විදියට අපි අමුතු දේවල් කරන්නේ මේ පළවෙනි වතාවට නෙවෙයි. සුදාලට මට කියන්න රටක් විදියට මොන ප්‍රශ්න තිබුණත් Cricket වලදී නම් අපි පිස්සු ආතල් බුවාලා සෙට් එකක්. ඒ නිසා අපේ Cricket Fans ගත්ත ආතල් ගැන ඉතිහාසයේ බලලා ඉමු.
මෑත කාලේ වෙච්ච සිද්ධි දෙකක් මතක් කරන්නම්. මතකද ලංකාවේ අවසාන වතාවට තිබ්බ ආසියානු කුසලාන තරගාවලිය. අර බංගලි අපිට නයි Dance දාපු සීන් කෝන් එක. ඒකෙදි Sri Lankan Cricket Fans ලා මාර ආතල් එකක් දුන්නා ඒ තරගාවලියෙදි. ඔයාලට මතකද? අන්තිම තරගයේදී අපේ කට්ටිය ඉන්දියාවට උදව් කරා. හැමදාම පරම හතුරෝ වෙලා හිටපු ඉන්දියන්කාරයෝ සීන් එකෙන් අන්දුන් කුන්දුන් වෙලා ගියා. බංගලි එක්ක තිබ්බ ඇරියස් එකට අපි එහෙම කළාට, අන්තිමේදී රෝහිත් ශර්මා සිංහ කොඩිය අරගෙන පිට්ටනිය වටේ ගියේ. ඉතින් මචෝ අපි එහෙම ආතල් වැඩකරන ජාතියක්.
ඔන්න ඔය කාලෙම අපේ අයට තව මාර ආතල් එකක් ආවා. මැච් බලලා පිට්ටනි සුද්දකරලා යන පිස්සුව. ඒ දවස්වල තරම් තදට නැතත්, තාමත් ලාවට ඉතුරුවෙලා තියෙනවා ඒ ගතිය අපේ අය ළඟ. ඔය සීන් එක නම් Trend වුණේ football Fansලා හින්දා. ඒ වගේම ඔලිම්පික් වගේ ක්‍රීඩා උළෙල වලින් ලැබුණු ආදර්ශ සීන් එකට බලපෑවා. කොහොමහරි බලන බලන මැච් එකේ අන්තිමට කුණු රොඩු ටික එක තැනකට එකතු කරලා තමයි අපේ අය ගෙදර ගියේ. සිරාවට එක පට්ට සීන් එකක් වුණා. රට වෙනස් වෙනවා ආකල්ප වෙනස් වෙනවා වගේ ලොකු ලොකු ටෝක් උත් අපි දුන්නා. ඒත් දැන් නම් ඒ වැඩේ ඒ කාලේ තරම් අපේ අයට මතක නෑ. ඒකත් ඉතින් අපේ හැටි තමා.
මේ පාර කහපාට ඇඳගෙන මැච් එක බලන්න ආපු සීන්කෝන් එක ගැන කියනවා නම් මචෝ, සෑහෙන්න කතා තියෙනවා. ඕක මුලින්ම මුහුණු පොතේ කිහිප දෙනෙක්ගේ අදහසක් විදියට එළියට ආවේ. පස්සේ ලංකාවේ තියෙන ප්‍රධාන ධාරාවේ රූපවාහිනී මාධ්‍යවේදියෝ ටිකක් සට පට ගාලා සීන්කෝන් එක Market කරන්න ගත්තා. ඉතින් එතකොට ඩෝන් පටෝරියන් ගාලා Social media කැළඹිලා ගියා. Cricket page, Group කරන ගොඩක් අය මේ වැඩේට මාර සප් එකක් දුන්නේ. සමහරු කියන විදියට මේ අස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සීන් එක හිට් කරන්න පොඩි ලයින් එකක් දුන්නාලු.
හැබැයි වස්තු හැමෝම එකවගේ මේ සීන්කෝන් එකට කැමති වුණේ නෑ. ලොකු ලොකු ක්‍රීඩකයොත් පොඩි පොඩි රෝන් ටෝක් දීලා තිබ්බා. ඒ අස්සේ සමහරු නම් කිව්වේ මේක පොලිටිකල් ගේම් එකක් කියලා. කහ ඇඳගෙන පිට්ටනියට යන්න ඕන වෙලාවක් නෙවෙයි මේක, කළු ඇඳගෙන පාරට එන්න ඕන වෙලාවක කියලා එයාලා කියලා තිබුණා. ඒ නිසාම ඔන්න සීන් එකට කලින් බුකියේ සංග්‍රාමයක් ඇතිවුණා. කහ පක්ෂපාතීන් සහ කහ විරුද්ධවාදීන් අතර. සුදාලාට කියන්න ඒකත් මාර ආතල් එකක් වුණානී. කොහොමහරි වැඩෙන් අවසානය ජයගත්තේ නම් කහ අඳිනවට පක්ෂපාතී සෙටාර් එක.
කහ ඇඳගෙන අපේ කට්ටිය පිට්ටනියට ගියපු හැටි. ඊටපස්සේ වෙච්ච සීන් කෝන්, ඕස්ට්‍රේලියානු නායකයා සිංහලෙන් ''ස්තුතියි'' කියලා කියපු ඒක, ඕස්ට්‍රේලියානු කණ්ඩායම පිට්ටනිය වටේ ගියපු එක, ඒ ක්‍රීඩකයෝ සමාජ මාධ්‍යවල සිදුකරලා තිබුණු ප්‍රකාශ, මේ වගේ ගොඩක් දේවල් අපි දැනටමත් දන්නවා. ඒ නිසා වස්තු ඒවා ගැන අපි දීර්ඝව කතා නොකර ඉමු හරිය. ඕස්ට්‍රේලියානුවන්ගෙන් වගේම ලෝකේ ගොඩක් අයගෙනුත් අපිට මේකට එක එක විදිය ප්‍රතිචාර හම්බවුණා. මේක දැකපු ඉන්දියානු සහ පකිස්ථානු Cricket Fans කියපු දේවල් ගොඩක් අය දන්නේ නැහැ. ඒ නිසා අපි පොඩ්ඩක් ඒ ගැන බලමු. ඒකත් මචෝ.
ඉන්දියාවේ වගේම පකිස්තානයේ එතකොට බංගලදේශයේ ගොඩක් Cricket Fans ලා ඉන්නවානේ. එයාලට Cricket ආගමක් වගේ. ඉතින් ලංකාවේ සීන් කෝන් එක දැකලා ICC Cricket Page සහ ESPN cricinfo Page එකේ මෙයාල මාර ටෝක් දීලා තිබුණනේ. සමහරු කියනවා ලෝකයේ බුද්ධිමත්ම පරිණතම ප්‍රේක්ෂකයෝ ඉන්නේ ලංකාවෙලු. ආතල් නේ, තවත් අය කියනවා තමන්ගේ රටට පස්සේ වැඩියෙන්ම ආදරේ ලංකාවේ ක්‍රිකට්වලටලු. එතකොට, ආර්ථික අර්බුදයක් ජයගන්නේ කොහොමද කියලා ලංකාවේ ක්‍රිකට් ලෝකෙට පෙන්නුවලු. පිස්සු කොරයි සුදෝ, ඒ අස්සේ මෙයාලාත් කමෙන්ට් කර කර කියනවා අනිත් රටවල අයට ලංකාවට එන්න කියලා. ඒක නම් මරු.
මේ අස්සෙම තව සිරාම සීන් එකක් අපි දැක්කම. පකිස්ථාන පොරක් කියනවා ටෙස්ට් මැච් එකට පකිස්තානය ලංකාවට ආවම කොළපාටින් අපිව දකින්න ආසයිලු. අපේ කට්ටිය නම් ඒකට Ha Ha රියැක්ට් දලා තිබ්බා. හැබැයි අපේ බුකියෙ තවත් මාර පෝස්ට් එකක් ශෙයා වුණා. ඒකෙ කියලා තිබ්බේ අපි වෙනුවෙන් පෙනී ඉන්න පකිස්ථාන් බායිලාට එහෙම කරන්න එපා කියලා. සුදාලට කියන්න එකේ පුංචි ඇත්තක් තියෙනවා. අපි කලින් වතාවක් ICC Facebook Page එක ගැන Y Trend එකක් දුන්නා මතකද? එදත් අපි කිව්වා මේ පාකිස්තාන සෙට් එක ලංකාවට පට්ට Love කියලා. ඉන්දියාවත් එක්ක තියෙන ඇරියස් එක නිසා තමා එයාලා එහෙම කරන්නේ. ඒත් ඒකේ වෙනම ලල් එකක් තියනවා.
මෙයාලා තමා නිතරම කියන්නේ ක්‍රිකට්වලින් තමන්ගෙ රටට පස්සේ ලංකාවට තමා වැඩිපුරම ආදරේ කියලා. එහෙනම් කහ ඇඳගෙන මැච් එක බලන්න ගිය සුදු පුතාලා දුවලා ලෑස්ති වෙනන්න කළගුණ සලකන්න. අඩේ කොළපාට ඇඳගෙන නොගියත් බෝඩ් ලෑල්ලක් හරි උස්සගෙන යන්න ඕන පුතී, ඊළඟ Pakistan match වලටත්. නැත්නම් චාටර් ඈ... ඔන්න කිව්වා.
මෙන්න මේ සීන් එක හින්ද ඉන්දියාවත් අපෙන් මොනවා හරි බලාපොරොත්තු වෙනවා. තනි ඇහැට ඇඬෙනවා මචෝ ඒ Comment දැක්කම. මේ දවස්වල අපිට කන්න බොන්න අඳින්න දෙන්න ඉන්දියාවෙන්නේ ඉතින්. සිරාවට ඉන්දියන්කාරයෙක් කමෙන්ට් එකක් දාලා තියෙනවා අපිත් එනවා ළඟදීම ආසියානු කුසලානදී හම්බවෙමු කියලා. මොනව කියන්නද බ්‍රෝ මේවට. ආතල් කියලා හිනාවෙමු. එච්චරයි හරිය.
ඔන්න ඕවා තමා මචෝ කහ කතාව අගට අපිට හම්බවුණ ආතල්. තව තියෙනවා ඔක්කොම කියන්න බෑ. හැබැයි මේ කතා මොනා උනත් කහ සීන්කෝන් එක නිසා ලෝකෙන් ලැබුණු අවධානය වගේම ගෞරවය සුළුකොට තකන්න බෑ පැංචෝ විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු ජාතිකයෝ අපිට ස්තුති කරලා Comment කරලා තිබුණා. සාමාන්‍යයෙන් එයාලා එහෙම කරන්නේ නෑ.
ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ කියපු කතා අපේ අය මේ වෙන කොටත් දන්නවා. කොහොම වුණත් කහ කුරුල්ලෝ කරපු දේ මරු. රෙක්ස්පට් ඈ. ඒත් ඉතිං අපි දන්නවා එයාලා කහ ඇන්දේ ඕස්ට්‍රේලියාවට ස්තුති කරන්නටත් වඩා අපේම රටට ගෞරවයක් අරගෙන ඉන්න උවමනාවට කියලා. ඒ නිසා අපි ඒවා ගැන කතා නොකර ශේප් එකේ ඉමු. කොහොම හරි ඒ තරගාවලිය දිනපු එක නම් අපේ රටේ අයට මොහොතකට ආයිත් ලොකු සැනසීමක් වුණා. අවසානයේ Trend හදන්න අපේ අයගේ තියන දක්ෂතාවයත් මේ සීන් එකෙන් ඔප්පු වුණා.
I නිසල්