මේ දවස්වල රටේ එහෙන් මෙහෙන් පොඩ්ඩ පොඩ්ඩ පේන සීන් එකක් තමා සරුංගල් සීන් එක. සව්කොළ එහෙම හොයාගන්න අමාරු නිසා ඉස්සරට සාපේක්ෂව නම් සීන් එක මෙදා සැරේ සරුංගල් ටික අඩුයි. ඒත් මචෝ මේ එන්නේ සරුංගල් වාරේ. අපි බලමු ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලා. කොහොම හරි අපි අද හිතුවා වෙනසකටත් එක්ක ''සරුංගල්'' ගැන Story යක් ගලපන්න. මොකද සරුංගල් කියන්නෙත් ලෝකෙම පිළිගත්ත පට්ට Trend එකක්.
බට පතුරු, ඉරටු, බිලී පිති, සව් කොළ, නූල් බෝල එකතු කරලා අපි පුංචි කාලේ හදාගත්ත සරුංගල් ඔයාලට මතක ඇති. තරගෙට සරුංගල් යවලා අපි විනෝද වුණා. ඇත්තටම සරුංගල් යවන කාලෙට ඒක අපි හැමෝම අතර Trend එකක් වෙනවා. පුංචිම දරුවෝ විතරක් නෙවෙයි තරුණයෝත් මේ වැඩේට උනන්දු එතකොට. ලොකුම සරුංගලය හදන්න, ලස්සනම සරුංගලය හදන්න කට්ටිය උත්සහ කරනවා. ඒක වෙනම ආතල් එකක් මචෝ. මේ අවුරුද්දේ පොඩ්ඩක් ඩාම් ඩූම් අඩුවෙලා තිබුණට අපේ රටේ ගොඩක් පළාත්වල තවමත් සරුංගල් Trend එක යම් මට්ටකට තියෙනවා.
කොහොම වුණත් ඇත්තටම මචෝ සරුංගල් කියන්නේ අලුත්ම අලුත් Trend නම් එකක් නෙවෙයි. මේක අවුරුද්දේ එක කාලයකට ලෝකෙපුරා ගොඩක් රටවල්වල දකින්න ලැබෙන සීන් එකක්. ඒ කොහොම වුණත් සරුංගල් ගැන මේ කතාවට පට්ට History යක් තියනවා. සරුංගල් දැකලා තිබ්බට, සරුංගල් හදාලා තිබ්බට, සරුංගල් යවලා තිබ්බා මේ සීන්කෝන් එක ඔයාලා දන්නෙ නෑ. ඒ නිසා විශේෂයෙන්ම අද ඒ කතාව සුදාට කියන්න අපි හිතුවා. අද Y Trend එකෙන් ආතල්ම විතරක් නෙවෙයි දැනුමටත් දෙයක් ඔන්න අපි එකතු කරනවා.
සරුංගලයේ කියන කියන්නේ මචෝ Made in China බ්‍රෑන්ඩ් එකක් පැංචො දන්නවාද? මේක පට්ට දිග කතාවක් අපි පුළුවන් තරම් කෙටියෙන් කියන්න නම්. දැනට අනාවරණය කරගෙන තියෙන විදියට මුලින්ම සරුංගලයක් නිර්මාණය වෙලා තියෙන්නෙ ක්‍රි.පූ.5 වැනි සියවසේදී විතර. සීන් එකට මුල්වෙලා තියෙන්නේ චීන ජාතික දාර්ශනිකයන් දෙන්නෙක්. මෝසි හෙවත් මෝ ඩී සහ ලූ බෑන්ය කියන්නේ එයාලට. මේගොල්ලෝ කුරුල්ලෙක් හැඩේ සරුංගලයක් හදලා දින තුනක් අහසේ පියාසර කෙරෙව්වා කියලා තමා චීන් ඉතිහාසයේ සඳහන් වෙන්නේ.
චීන ජාතිකයෝ මුල් මුල්කාලීනව සරුංගලය ආගමික වශයෙන් භාවනාව වෙනුවෙන් තමා භාවිත කරලා තියෙන්නේ. සරුංගල් යැවීම කියලා කියන්නෙත් භාවනාවක් ඔන්න අද දැනන්න ෆොන්තො. කොහොම හරි පස්සේ ධීවර ආම්පන්නයක් විදියටත් සරුංගල් භාවිත කරලා තියෙනවා මචෝ. ඒ විතරක් නෙවෙයි චීන වංශකතාවලට අනුව සරුංගලයේ කියලා කියන්නේ යුද උපකරණයක්. සරුංගල්වල නැගලා සමහරක් නගර ආක්‍රමණය කරන්න ගියපු සොල්දාදුවෝ ගැනත් කතා තියෙනවා. කොහොමද ඒක කරලා බලන්න යන්න නම් එපා.
චීන්නු නම් සරුංගල් හදන්න වැඩිපුර භාවිත කරලා තියෙන්නේ උණ බට සහ සිලික් රෙදි. ඔය ජාතිත් එකටම චීනේ පට්ට ප්‍රසිද්ධයි නේ මචෝ. වැඩේ කියන්නේ චීන සරුංගල් කතාව ක්‍රිස්තු පූර්ව ගණන්වලටම යන එක. ඒ කියන්නේ වස්තු තේරුම් ගන්න ක්‍රිස්තුස්වහන්සේ උපදින්න කලින් ඉඳන් සරුංගල් සීන් එක ලෝකේ Trend එකක් වෙලා. කොහොමද ඉතින් අහස තරණය කරන්න මිනිස්සුන්ට ඒ කාලේ ඉඳන්ම පට්ට පිස්සුවක් තිබුණනෙ. ඔය ගුවන් යානා සීන්කෝන් එක පටන් ගන්නත් සරුංගලයේ භෞතික විද්‍යාව හේතු වුණා කියලා සමහරු කියනවා.
චීනුන් නිර්මාණය කරපු සරුංගල් පස්සේ කලේ කාම්බෝජය, තායිලන්තය, ජපානය සහ කොරියාව වගේ රටවලත් ව්‍යාප්ත වුණා. පස්සෙ කාලෙක ඉන්දියාවටත් ගියා. ඉන්දියාවෙන් පස්සේ හිමිට බටහිර පැත්තටත් සරුංගල් සීන් එක බෝ වෙලා තියෙනවා. අද වෙද්දි සරුංගලයේ කියලා කියන්නේ මුළු ලෝකයටම අයිති ලස්සන සීන් කෝන් එකක්. කොටින්නම සංස්කෘතිකාංගයක්. ඇෆ්ගනිස්තානය වගේ රටවල ජාතික ක්‍රීඩාවක්. ඒ කොහොම වුණත් අදටත් ලෝක සරුංගල් අගනුවර විදිහට හැඳින්වෙන නැඟෙනහිර චීනයේ වෙයිෆැන්ග් නුවර. වෙයිෆැන්ග්වල පැවැත්වෙන වාර්ෂික සරුංගල් සැණකෙළිය ලොකේ ප්‍රසිද්ධම සරුංගල් සැණකෙළියක් මචෝ.
''සරුංගල් සැණකෙළි'' වර්තමාන ලෝකයේ සරුංගල් සම්බන්ධව තියෙන සුපිරිම Trend එක තමා ඕක. වෙයිෆැන්ග්වල පැවැත්වෙන වාර්ෂික සරුංගල් සැණකෙළිය සැණකෙළිය තමයි ලෝක ප්‍රධානම සරුංගල් සැණකෙළිය. ''Kite king'' සරුංගල් රජු කියන විරුදාවලිය වෙනුවෙන් තමයි මේකෙදි මිනිස්සු තරග කරන්නේ. රටවල් 40කින් 50කින් මේ තරගකරුවෝ මේ සැණකෙළියට එනවා. මේ නගරය සරුංගල් කෞතුකාගාරය කුත් තියෙනවා. මල්වෙඩි සංදර්ශන චීන සාම්ප්‍රදායික නැටුම් ගැයුම් ගොඩක් දේවල් මේ සංදර්ශනය අංග විදිහට දැකගන්න පුළුවන්.
ඉතින් මචෝ ලංකාවත් සරුංගල් සැණකෙළි ගොඩක් පැවැත්වෙනවා. සුදාලා දන්නවා ගෝල්ෆේස් එක කියන්නේ ලංකාවේ සරුංගල් පාරාදීසිය. මේ දවස්වල ඒ අරගල කෙරුනට පහුගිය අවුරුදුවල දැවැන්ත සරුංගල් සැණකෙළිය පැවැත්වුණා. හැමදාම දකින්න ලැබුණේ සරුංගල්. අපේ රටේ තිබුණු ඒවට දැවැන්ත සරුංගල් සැණකෙළි කියලා කිව්වට චූටි අවුලක් තියනවා වස්තු. මොකද ලෝකෙ තියෙන සරුංගල් සැණකෙලිය ගැන කතාව ඇහුවොත් පිස්සු කොරයි. ඉන්න ඒක තවත් ලාවට කියන්නම්.
දැනට ලෝකෙ තියෙන දැවැන්තම සරුංගල් සැණකෙළිය පැවැත්වෙන්නේ අපේ අසල්වැසි ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයෙ. ප්‍රධාන එක චීනයේ දැවැන්ත එක ඉන්දියාවෙ හරිය. සුදාලා විශ්වාස කරන එකක් නෑ ප්‍රාන්ත රජය සැණකෙළියට දවස් දෙකක් නිවාඩු දෙනවා. ගොඩක් වාර්තාවල වාර්තාවල කියවෙන විදිහට රටවල් 42 කින් විතර පිරිස් ගුජරාටි සරුංගල් සැණකෙළියට එනවා. ඒ විතරක් නෙවෙයි මිලියන දහයක් විතර ජන සහභාගීත්වයක් මේ සැණකෙළි සමයට තියෙනවා කියලයි කියන්නේ. බොලිවුඩ් සුපිරි තරු නැටුම් ගැයුම් ඉන්දියානු සංස්කෘතිකාංග මේක එහෙම් පිටින්ම පිස්සු හැදෙන සරුංගල් සැණකෙළියක්.
මේ වගේ සැණකෙළි නිසාම සරුංගල් tourism වලටත් ලොකු හේතුවක් වෙලා තියෙනවා ලෝකේ සමහර තැන්වල. උදාහරණයක් විදිහට මචෝ බාලි දූපත් වන පැවැත්වෙන සරුංගල් සැණකෙළිය පෙන්වා දෙන්න පුළුවන්. සුදාලා දන්නවා ලෝකයේ ආකර්ෂණීයම සංචාරක වෙරළවල් බාලි දූපත්වල තියෙනවා. බාලී %සනුර්^ වෙරළේ වාර්ෂිකව පැවැත්වෙන බාලි සරුංගල් සැණකෙලිය ඇත්තටම සංස්කෘතික උත්සවයක් වගේ. අස්වැන්න සරු කරදෙන ලෙස හින්දු දෙවිවරුන් වෙත පණිවිඩ යැවීම තමා මේ උත්සයේ අරමුණ. මේ සැණකෙළිය සරුංගල් ජාති තුනක් තියෙනවා. මාළුවෝ හැඩයේ වගේ කුරුල්ලෝ හැඩයේ සරුංගල් ප්‍රධානයි. මීටර් 100ක් දිහ Pecukan කියලා තවත් එක සරුංගල් ජාතියක් තියෙනවා. ඒක තරගෙට යවන්න 70ක් 80ක් විතර කණ්ඩායමක් ඉන්න ඕනා මචෝ. ඉතින් මේ සීන් එක බලාගන්න ලෝකෙ පුරා සංචාරකයෝ බාලි දුපත්වලට මේ කාලෙට එනවා. දැන් නං සීන් එක සෑහෙන්න modern වෙලා තියෙන්නේ.
ලෝකේ වගේ සරුංගල් සැණකෙළිය ගොඩක් තියෙනවා. ජපානයේ ටෝකියෝ වල ''ජාතික චෙරි කුසුම් සැණකෙළියට'' සමගාමිව පැවැත්වෙන බ්ලොස්ම් සරුංගල් සැණකෙළිය. ජපානයේ උචිනාදා වෙරළේ පැවැත්වෙන සුප්‍රකට උචිනාදා සරුංගල් සැණකෙළිය. අපිට අමතක කරන්න බෑ. මේවට අමතරව යුරෝපයේ වගේම ඇමරිකානු මහද්වීපයේත් අද වෙනකොට සරුංගල් සැණකෙළිය දහස් ගාණක් දැකගන්න පුළුවන්. ඇත්තටම සරුංගල් සැණකෙළි පවත්වන්නේ නැති රටවල් තියෙන්නේ බොහොම ටිකයි තියෙනේ. සරුංගල් යැවීම තහනම් කරපු අයත් මේ අතර ඉන්නවා. ඒක වෙනම කතාවක් පස්සේ දවසක කියන්නම්.
ඉතිං මචෝ සරුංගල් සම්බන්ධව ලෝකෙ තත්වෙ ඕක තමා. 80, 90 දශකවල ළමා කාලය ගත කරපු අය තමා ලංකාවේ සරුංගලේ අසිරි සිරිය අවසාන වශයෙන් දැක්වේ. සිරාම Trend එක තිබ්බෙ ඒ කාලේ. දැන් තාක්ෂණයත් එක්ක මුහුවෙච්ච ලෝකෙ දරුවන්ට සරුංගල් එක්ක විනෝද වෙන්න කාලයක් නෑ මචෝ. ඒත් ඒක අපිට නම් පේන්නේ ඛේදවාචකයක් විදිහට. සුදාලා පුළුවන් නම් දරුවන්ට සරුංගලයක් දෙකක් හදලා දෙන්න. මොකද සරුංගලේ කියලා කියන්නේ අපේ ඉතිහාස කතාවෙන්වත් ජීවිත කතාවෙන් වත් එහෙම ලේසියෙන් මකලාදාන්න බැරි ලස්සනම ලස්සන මතකයක්.
I නිසල්