2022 අගෝස්තු 07 වන ඉරිදා

දැන් කෝ කොන්ගෝ?

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:00 200

පහුගිය කාලේ ඩිජිටල් ලෝකෙ Y Trend ගැන අපි දිගින් දිගටම කතා කළා. ඒ හින්දා Real life එකේ ආතල් කෑල්ලක් දිහාවට මේ පාර අපි අවධානය යොමු කරනවා වස්තු. අද කතාව කොන්ගෝ බොංගෝ ඩොල්කි එක ආලත් ගන්න අවසන් පරම්පරාව ගැන.

මේක බරපතල කතාබහක් නම් නෙවෙයි මචෝ. ඔයාලා දන්නවා අපේ රටේ සාමාන්‍යයෙන් ලාවට සාදයක් දාද්දී කොංගෝ පාරක්, ඩොල්කි පාරක්, බොංගො පාරක් අනිවාර් යෙන්ම වදිනවා. කීපදෙනෙක් එකතු වෙලා ලස්සනට අත්පුඩි පාරක් එක්ක සින්දු කියනවා. ඒක නම් සුදෝ මේ අදක ඊයෙක පටන් ගත්ත සීන් කෝන් එකක් නම් නෙවෙයි. දැන් සෑහෙන්න කාලයක ඉඳලා මේක ලංකාවේ අපේ තාරුණ්‍යය අතර මේ සීන්කෝන් එක පට්ට Y Trend එකක

මේ සීන් එකේ ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා නොකර බෑනේ පැංචෝ. මොකද වස්තු අපි හැමදාම ඕනම සීන් එකක ඉතිහාස කෑල්ලත් ලාවට හරි ගලපනවානෙ. ශ්‍රී ලංකාවේ අපිට ඉතිහාසයේ ඉඳන් තිබුණේ ගැට බෙර, යක් බෙර, දවුල්, තම්මැට්ටම්, උඩැක්කි වගේ වාද්‍ය භාණ්ඩ. පහු වෙන්න වෙන්න තට්ටු බට්ටු දාන වාද්‍ය භාණ්ඩ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි හරහා අපිට ලැබිච්ච ඒවා. බයිලා කපිරිඤ්ඤා සීන් හරහා තමා ඔය ඇඟ නටවන තාල අපේ අය අතරට ආවේ.

ඔය කොන්ගෝ බොංගෝ වගේ ඒවත් කොහොම වුණත් පිටරැටියන්ගෙන් අපිට ලැබිච්ච දායාද තමා. ගොඩක් වෙලාවට මේ වල නම් මුල් ආභාෂය අප්‍රිකානු කියලා තමයි කියන්නේ. පස්සේ කාලේ සංචාරක කර්මාන්තයත් මේ වගේ වාද්‍යභාණ්ඩ ලංකාවේ ප්‍රචලිත වෙන්න ලොකු හේතුවක් වුණා. පස්සෙන් පහු සීන්කෝන් එක සම්පූර්ණයෙන් අපේම වුණා ඉතින්.

ඉන්දියාව පැත්තෙ තබ්ලා සීන් එකත් එක්ක තමයි ඩොල්කිය නම් අපේ අය අතරට ආවේ. දැන් දශක හතරකට පහකට කලින් ඉඳන්ම ඩොල්කි පාරක් එක්ක පැදුරු පාටියක් දාන සංස්කෘතියක් අපේ රටේ ගොඩනැගිලා තිබ්බා. හැම ගමකම හිටියා හොඳට ඩොල්කිය ගහන්න පුළුවන් වැඩේ. ඔය අපේ නාඩගම් ටීටර් වගේ නාට්‍ය කලාවත් ඩොල්කි සීන් එක ලොකු කොටසක් වුණා. දැන්නම් ඩොල්කිය අපේ අතරින් වියැකිලා ගිහිල්ලා.

දැන් එමුකො වර්තමාන කතාවට. සුදාලට කියන්න කොංගො පාරක් ගහගෙන ලාවට සිංදුවක් කියාගෙන හීනියට ආතල් එකේ ඉන්න එක මාර සැපක්. පහුගිය දශක දෙක තුනේ තාරුණ්‍යය ගත කරපු පරම්පරාව ඒ ආතල් එක හොඳට දන්නවා. පහුගිය කාලය පුරාවට ඒක අපේ සංස්කෘතිය ආතල් කොටසක් වෙලා තිබුණේ මචෝ.

ඒත් ඒ සැප නැතිවීමේ දුක නිසා තමයි මේ වගේ සීන් කෝන් එකක් අද ලියන්න හිතුවේ. දැන් මේ සීන් එකේ ඉන්නේ පොඩි සෙට් එකක් විතරයි. කොන්ගෝ පාරක් ගහලා සිංදුවක් කියලා ආතල් එකක් ගන්න දැන් බිහිවෙන පරම්පරාව එච්චර කැමති නෑ. ඒක නිකං ගෝත්‍රික වැඩක් විදිහට තමයි එයාලා දකින්නේ. ඉතින් දැන් සාදයකදී ගොඩක් දෙනා Bluetooth බෆල් එකක් මයික් එකක් ගෙනල්ලා කැරොකි කියන්න පටන් ගන්නවා. නැත්තං Party music එකක් තියෙන Track එකක් Play කරනවා.

එතකොට අර එදා තිබ්බ Real ආතල් එක කාටවත් ගන්න බෑ. හිමීට බෝතලයකට තට්ටුවක් දාගෙන කියන සින්දු කියන එක වෙනම ආතල් එකක්. එකෙක් ඉවර වෙද්දී තව එකෙක් සිංදුවක් පටන් ගන්නවා. කටින් මියුසියස් ගහනවා. ලා ලා ලා කිය කියා තාල අල්ලනවා. අත්පුඩි පාරක් වදිනවා.

දැන් රටේ මේ සීන් එක ඇහෙන්නෙම නැති තරම්. සුදාලට මතක ඇති නම් ඉස්සර Trip එකක් යනකොට කොන්ගෝ එකක් අනිවාර් යෙන් අරගෙන යනවා. ගමන පුරාවට කට්ටිය සින්දු කියනවා විනෝද වෙනවා. පට්ට ආතල් එකක්. ඒත් දැන් තත්ත්වය සෑහෙන්න වෙනස් වෙලා. එක්කෝ වාහන සින්දු දාගෙන කට්ටිය ඇතුළෙ නටනවා, නැත්තං JBL එකකින් Track එකක් දාගෙන යනවා.

ස්වභාවික සංගීතයෙන් අපේ අය ඉවත්වෙන්න ලොකු හේතුවක් තියෙනවා. විශේෂයෙන්ම අපේ අලුත් පරම්පරාව පුරුදු වෙලා තියෙන මත්ද්‍රව්‍ය වර්ග. ඒවා තාක්ෂණිකව නිෂ්පාදනය කරන රසායනික ප්‍රතික්‍රියාවන් මනසේ ඇති කරන මත්ද්‍රව්‍ය. ඔය ටැබ්ලට් මුද්දර වගේ දේවල් රටේ වැහි වැහැලා. එය හෝ ගත්තම ගොඩක් අය වෙනස් වෙනස් මානසික තත්ත්වවල ඉන්නේ. එතකොට ඔවුන්ගේ සංගීත අවශ්‍යතාවය වෙනස්. අම්මලා තාත්තලා ගොඩක් වෙලාවට දන්නෙ නෑ මේ සීන් කෝන්.

ඉතින් තාමත් අසූවේ අනූවේ ඉපදිච්ච පරම්පරාවකම ඉන්නවා අවසාන වශයෙන් කොංගො එකක් බොන්ගෝ එකක් සුපිරියට දෙන්න පුළුවන් පොරක්. සංගීතය ඇඟේ ති‌ෙයන එකෙක්. පලු පැලෙන කම් එළිවෙනකම් සින්දු කියන්න පුළුවන් දෙතුන් දෙනෙක්. අලුත් පරම්පරාවලත් මේ විදියට ආතල් එක ගන්න උන් නැතුවම නෙවෙයි. එත් දැන් ඒ හැකියාව අපේ තාරුණ්‍යය අතරින් නැතිභංගස්ථාන වෙලා යමින් තියෙන්නෙ මචෝ.

කොහොම වුණත් මේ කොන්ගෝ බොන්ගෝ ඇතුළු වාද්‍ය භාණ්ඩ සමඟ සංගීතය වෙනම බැඳුම තලයක විකාශනය වෙලා තියෙනවා මචෝ. ඒත් සම්බන්ධව ප්‍රවීණතාවය පෙන්නන සංගීත කන්ඩායම් ඉන්නවා. ලෝක මට්ටමේ මේ විෂය ඉගෙන ගත්ත ප්‍රවීණයෝ පෙරට ඉන්නවා. නමුත් අර සංස්කෘතිය නම් ඇත්තටම විනාශ වෙමින් තියෙන්නේ. ඒත් YouTube එක ඇතුළේ නොදැනුවත්ව වුණත් මේක ආරක්ෂා කරගන්න කොන්ගො බොන්ගො ගහන්න උගන්නන කොල්ලො කට්ටියක් ඉන්නවා. එයාලට වෙන්වුණා මචෝ අපේ හදවතේ උත්තමාචාරය එකෙන්ම.

සිංදුවක් කියන ආතල් එකක් ගන්න සංස්කෘතිය විනාශ වෙනවා කියලා කෑගහන එක පිස්සුවක් වගේ නේද මචෝ. මේ රටේ ඇතුළේ වෙන වින්නැහි හැටියට ඕකත් මොකක්ද කියලා සමහරවිට සුදාලාට හිතෙයි. ඒත් මචෝ ආතල් එක කියලා කියන්නේ සංස්කෘතිය කොටසක්. යම් ජන සමාජයක් ආතල් එකක් ගන්න විදිය හරහා ඒ ජන සමාජ විකාශනය ගැන තේරුම් ගන්න පුළුවන්. මෙහෙම කිව්වම අපේ පැංචන්ට පැංචියන්ට තේරෙන්න ඕනෑ. දැන් අපි ආතල් අතිනුත් දියවෙමින් පවතින්නෙ කියලා. යම් සංස්කෘතික සමාජයක් විනෝද වන විදිය කියලා කියන්නේ එයාලගේ සංස්කෘතික අනන්‍යතාවක්. ඒක නිසා අද කතාව ටිකක් වෙනස් වුණත් පාඩුයි හිතලා බලන්න වටින එකක් වස්තු.

 නිසල්