අනන්ත අඳුරක දුර තරු ලකුණ ඔබයි
රෑ සඳපානක දුල රන් එළිය ඔබයි
අතීතයේ දුර පාර දිගේ
නුඹ නැතිදා මා ආයෙත් ඇවිදිමි
හීන්සීරුවේ සිහිනෙක දැවටී
නුඹේ උරහිසේ ගිමන් හරින්නෙමි
වාං දමන නිල් සිඳු රළ අතරේ
නුඹේ සොඳුරු ඇස් තවම සොයන්නෙමි
මගේ ලොවින් පිට තවත් ලෝකයක
නුඹේ සිනා වැහි මමත් විඳින්නෙමි
නිය තුඩ පාමුල බැතිබර පතිදම්
ලිහුණු මුතුහරේ රන්දම් සෙවුවෙමි
අත්වැල් ගිලිහී තනිවුණ ගිරිදඹ
සසරක මතකය සිතින් දරන්නෙමි
I Saara