අපේ සුදාලා දන්නවා අපි වැඩිපුර ආසා අපිට කරන්න බැරි දේවල් කරන්න. පියාඹනවා වගේ වැඩක් කරන්න මිනිස්සු අවුරුදු දහස් ගාණක ඉඳන් උත්සහ කළේ ඒකයි. ඉතින් කොහොම හරි පියාඹන හීනේ එක එක විදිහට හැබෑ කර ගන්නත් මිනිස්සුන්ට පස්සේ කාලෙක පුළුවන් වුණා. ඒ පියාඹන සීන් එක ගැනත් එක එක Y Trend නිර්මාණය වුණා. ඉතින් අද අපි කතාකරන්නේ ඒ වගේ පියාඹන Trend එකක් ගැන මචෝ.
Paragliding සමහරවිට සුදාලා අහල ඇති. නැත්නම් දැකලත් ඇති. මේක ලෝක ප්‍රකට ක්‍රීඩාවක්, ඒ වගේම විනෝදාංශයක්. මේ සීන් එකේ කොටස් ගණනාවක්ම තියෙනවා මචෝ. අපි එක සීන් එකක් ගැන තමයි අද කතා කරන්නේ. ඔයාලා ගොඩක් වෙලාවට දැකලා ඇති උස කඳුවල ඉදලා සරුංගලයක් වගේ එකක නැගලා පියාඹන මිනිස්සුන්ව. අන්න ඒ සීන්කෝන් එකට තමයි Paragliding කියලා ප්‍රධන වශයෙන්ම කියන්නේ. මම හිතන්නේ පැංචන්ට සරලවම තේරුණා.
හෙල්මට් එකක් දාලා සරුංගලයයි, පැරචුට් එකයි කලවම් කරලා හැදුව වගේ ගැජට් එකක නැගලා පියාඹන මේ සීන් එක. ආ..... ගොඩක් වෙලාවට ඔයාලා ඒක දැකලා ඇත්තේ ටෙලිවිෂන් එකේ නැත්නම් Films වල. මොකද මේ සීන් එක තාමත් වැඩිපුරම ජනප්‍රිය යුරෝපයේ තමා. අපේ වගේ රටවල තාමත් මේක සීන් එක හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ. හැබැයි ලෝකේ සංචාරකයන් අතර මේ සීන් එක පට්ට Trend එකක් වෙලා තියෙන්නේ. ඇත්තටම මේක සංචාරක කර්මාන්තයේද කොටසක් බවට පත්වෙලා වස්තු.
අපේ රටේ සීන්කෝන් එක නැත්තේ ඇයි කියලා හොයලා බලන්න ඉස්සෙල්ලා මේ සීන් එකේ ඉතිහාස කතාව ගලපන්න ඕනා වස්තුලා වෙනුවෙන්. 1950 ගණන්වල සහ 60 දශකයේ සිට කරපු එක එක සොයාගැනීම් තමයි ඉන්නේ මේ සීන් එක ආරම්භ වෙන්න හේතුව. නමුත් අසූ ගණන්වල තමයි වැඩේ විනෝදාංශයක් ක්‍රීඩාවක් විදිහට විදියට ආරම්භ වෙන්නේ.
1987 දී නිල නොවන පළමු Paragliding ලෝක ශූරතාවය ස්විට්සර්ලන්තෙ පැවැත්වුනයි කියලා කියනවා. හැබැයි නිල මට්ටමෙන් නම් ඒ සූරතාවය ආරම්භ වෙලා තියෙන්නේ 1989 දී ඔස්ට්‍රියාවේදී. මේ වෙනකොට ලෝක ශූරතාවය ඇතුළු තරගාවලි දහයක් පැවැත්වෙනවා. ජීවිත අවදානම තිබ්බත් මචෝ මේ සීන් එකට විශාල ආකර්ෂණයක් තියෙනවා. ඒ වගේම ලොකු ලොකු සල්ලි තමා මේ සීන් කෝල් එක ඇතුළෙ හෝ මාරු වෙන්නේ.
ඉතින් අද වෙනකොට මේ සීන්කෝන් එක යුරෝපයේ පට්ට විදියට ප්‍රසිද්ධ වෙලා තිබෙනවා කියලා අපි කිව්වානේ. ඒකට හේතුවක් තියනවා. අපේ සුදාලා අහලා තියෙනවද තියෙනවද යුරෝපයේ තියන ඇල්ප්ස් කඳුකරය ගැන. ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඉතාලිය, මොනාකෝ, ලිෂ්ටන්ස්ටයින්, ඔස්ට්‍රියාව, ජර්මනිය සහ ස්ලෝවේනියාව මේ කඳුකරයට මායිම් වෙනවා.
ඉතින් මෙන්න මේ කඳුකර ප්‍රදේශ නිසාම තමයි මේ Paragliding සීන් එක දශක කිහිපයක් ඇතුළු යුරෝපය හැමෝටම පිස්සුවක් බවට පත්වුණේ. යුරෝපය හරහා ගමන් කරන සංචාරකයෙකුට මේ කඳුකර ප්‍රදේශවලදී Paragliding කරන අය ඕනතරම් දැකගන්න පුළුවන්. ඉතින් දැන් යුරෝපය පුරා මිලියනයක් විතර Paragliding බලපත්‍ර සහිතව පියාසර කරන්න ඉන්නවා කියලයි කියන්නේ. පිස්සුවක් නේ මචෝ.
ලෝකෙ අවදානම් සහිත ක්‍රීඩා පහුගිය දශක දෙක ඇතුළේ වේගයෙන් ජනප්‍රිය වුණා. ඒ අතරින් Paragliding ප්‍රධානයි මචෝ. කොහොම වුණත් යුරෝපය නම් මේක සරත් සමයේ තමයි වැඩිපුර සිද්ධ වෙන්නේ. ඇත්තටම මචෝ මේකේ තියෙන විශේෂත්වය තමයි පැය කීපයක් ඇතුළත කිලෝමීටර සිය ගාණක ප්‍රදේශයක් ආවරණය කරන්න පුළුවන් වීම.
ඇත්තටම මිනිසුන්ගේ පරම ආශාවක් වෙලා තිබුණු කුරුලු ඇහැකින් ලෝකය දකින එක මේ සීන් එක නිසා යථාර්ථයක් වෙලා තියෙනවා. ඇත්තටම මේ වැඩේට ඕනවෙන්නේ ඔයාගේ මාංශ පේශිවල ශක්තියයි සුළඟේ බලයයි විතරයි. හැබැයි පුහුණුවක් නැතිව නම් මේ සීන් එක කරන්න ටිකක් අමාරුයි. ඒ කොහොම වුණත් වෙනත් නියමුවෙක් එක්ක ඩබල් දාලා ආතල් එකේ පියාඹලා යන්න සුදුසුකම් ඕන වෙන්නේ නෑ.
ඒ නිසා සංචාරක කර්මාන්තයට මේක කියාපු භාණ්ඩයක්. අපේ රටේ තියෙන කාලගුණ තත්ත්වයයි, සමහරු කඳුවල ස්වභාවයයි නිසා මේ වැඩේ ටිකක් විතර අපහසුයි. ශ්‍රී ලංකාවේදී මේක කරන්න බැරි වැඩක් නම් නෙවෙයි. ඒ නිසාමයි මේ ලෝක මට්ටමෙන් තියෙන පිස්සු හැදෙන Trend එක ගැන කතාව අද ගලපගන්න හිතුවේ. මොකද මේ දවස්වල වැටිල තියෙන සංචාරක කර්මාන්තය ගොඩගන්න මේ සීන් එක හොඳ හේතුවක් කරගන්න අපිට බැරි නෑ.
කොහොම වුණත් පැරෂුට් භාවිතයෙන් සිද්ධවන තවත් ක්‍රීඩාවන් රැසක් ලංකාවේ අද වෙනකොට දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම බෙන්තර වගේ ප්‍රදේශවල ජල ක්‍රීඩා ආශ්‍රිතව බෝට්ටුවල ගැටගහපු පැරෂුට්වල ගමන් කරන සංචාරකයන්න පුළුවන්. Paragliding වලින්ම බිඳිලා ආපූ අංගයක් වෙන එන්ජිමක් සහිත ඉගිලෙන පැරෂුට් වගේ යන්ත්‍ර කිහිපයක් දැනටමත් ලංකාවේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් භාවිත වෙනවා. මේවා හරහා ඩොලර් තමයි මචෝ රටට එන්නේ.
තුර්කිය වගේ රටවල ගුවන් සේවාවන් පවා මචෝ මේවා පුරුදු පුහුණු කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. අපේ රටේ වැහිලා යන ගුවන් සේවාවට වගේම, ගුවන් හමුදාවටත් පුළුවන් නම් මේ වගේ ක්‍රීඩා වෙනුවෙන් මැදිහත් වෙන්න සංචාරක කර්මාන්තය නගා සිටුවන එක ලොකු ප්‍රශ්නයක්නෙ වීමට. මේක දැන් අපිට හිතාගන්න බැරි ලෙවල් එකක තිබෙන Trend එකක්. යුරෝපෙ මිනිස්සු අතර පිස්සුවක්. ඉතින් ඒකම අවස්ථාත් කරගන්න ඕන නම් අපිට පුළුවන්.
නිසල්