හිතමිතුරු මාධ්‍ය මිත්‍රයන් අතරට අලුතින්ම එක්වූ මාධ්‍ය මිතුරා පියෝ ටී.වී. නාලිකා අංක 122 ඔස්සේ ශ්‍රී ලාංකික රූපවාහිනී ලොවට ''අක්ෂරය'' ලෙසින් අවතීරණ වූයේය. ඉකුත් 18 වැනි බ්‍රහස්පතින්දා උදෑසන 11.00ට යෙදුන සුබ නැකතින් පිරිත් හඬ සහ සුභපැතුම් මධ්‍යයේ මාධ්‍යමය විවරණය ලද අක්ෂරය ''සබුද්ධික වින්දනාවකාශයේ නේත්‍රාකර්ෂණය'' යන තේමාව ඔස්සේ තම මාධ්‍ය මෙහෙවර උදෙසා පළමු පියවර සනිටුහන් කළේය.
සභාපති ගිහාන් බුද්ධික, අධ්‍යක්ෂක අරුණි ප්‍රභා ජයවර්ධන සහ කළමනාකාර අධ්‍යක්ෂක ප්‍රගත් දර්ශක ජයවර්ධන සඳහන් කරන පරිදි ශ්‍රී ලාංකික ජාතික පදනම පිළිබඳවත්, දේශීය සංස්කෘතික වටිනාකම් මෙන්ම අඛණ්ඩ ඓතිහාසික උරුමයන් පිළිබඳවත්, මනාවූත් නිවැරදි වූත් අවබෝධයක් සහිතව දේශීය සමාජ සංස්ථා වෙත විශ්වීය හරයාත්මක ආලෝකය එකතු කිරීමේ අපේක්ෂාව පෙරදැරිව සාම්ප්‍රදායික සමාජ රටාව හා සාරධර්ම පද්ධතිය දෙදරා නොයන මාධ්‍යකරණ ක්‍රියාවලියක නිරත වීම අක්ෂරය රූපවාහිනී නාලිකාවේ ප්‍රමුඛ අභිලාෂයයි.
අක්ෂරය සපැමිණි මොහොතේ සුභාසිරි එක් කිරීමට ප්‍රවීණ ගායනවේදී දයාරත්න පෙරේරා, ලලිත් පොන්නප්පෙරුම, ප්‍රවීණ ගායනවේදිනී රෑපා ඉන්දුමතී, පුණ්‍යා කත්‍රිආරච්චි, නවතාවයකින් ගී පද ලියන ප්‍රවීණ ගීපද රචක චාමින්ද රත්නසූරිය, ප්‍රවීණ රංගවේදී පාලිත සිල්වා, රුවන් වික්‍රමසිංහ, සුදත් ජානක, රංගනවේදිනී මාදිනී මල්වත්ත, තිළිණි වීරසිංහ ඇතුළු කලා ශිල්පීන් කිහිප දෙනෙක්ම පැමිණ සිටියහ. අක්ෂරය සුබ මොහොතින් ගුවන් අවකාශය වෙත මුදාහැරියේ ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන විසිනි.
අක්ෂරයෙන් අක්ෂරය ජන හදගැස්ම කියවමින්, හඳුනා ගනිමින් සාම්ප්‍රදායිකත්වය අතික්‍රමණය කළ සොඳුරු ශාස්ත්‍රීය මාධ්‍ය සුවිසැරියක යෙදෙන්නට අක්ෂරය මාධ්‍ය මිතුරාණෙනි ඔබට දේශය - හදසර සුබපැතුම්!
සංජු
සේයාරූ I සුමුදු හේවාපතිරණ