ඔන්න මචෝ අද අපි අරගෙන ආවා ලංකාවේ සහ ආසියාකරයේ මේ දවස්වල දකින්න ලැබෙන ටිකක් මොංගල් Y Trend එකක් ගැන කතාවක්. මේකේ බැලූ බැල්මට නම් බොහොම සරල සීන් කෝන් එකක්. නමුත් මේක ඇතුළේ serious කතාවක් තියෙනවා. ඒ නිසා අපේ වස්තුලා කලබල වෙන්නෙ නැතුව අහගෙන ඉන්න ඕනෑ.
එහෙනම් මචෝ අපි කතා කරන්නේ Trip ගියාම අපේ උන්ට හැදෙන Photo පිස්සුව කියන ආතල් Y Trend එක ගැන. අද වෙනකොට මේක අපේ බරපතළ Trend එකක් මචෝ. කොහේ හරි සංචාරයකට ගියාම දකින දකින ලස්සන හැමදෙයක්ම එක්ක Photo එකක් ගන්න ඕනෑ. එකක්වත් මඟහරින්න බෑ. එහෙම කියලා අමුතු මානසිකත්වයක් Boys ලා Girls ලාගෙ ඔළුවල නිර්මාණය වෙලා තියෙනවා මචෝ.
ඉතින් සුදාලටත් සමහරවිට මේ මානසිකත්වය ඇති. නැත්නම් ඔය ගමන් බිමන් යද්දි පාර පුරා දියඇළි ගාණේ, කඳු බෑවුම්වල, ලස්සන තැන් හැමතැනකම photos ගන්න කැමරා උලුක්කු කරගෙන ඉන්න අපේ පැංචෝ පැංචියොන්ව දැකලා ඇති. ආතල්ම සීන් එක කියන්නේ පරිසරයේ ලස්සනට වඩා තමන්ගේ ලස්සන ගැන තමා අපේ පැංචෝ පැංචියෝ Photos සීන් එකේදි උනන්දු.
අපේ ෆොන්තොලා දන්නවද? දවස් දෙකක ගමනක් ගියාම Smart Phone එකෙන් Photos පන්සීයක් හයසීයක් ගහන එක Sri Lankan Gen Z එකේ Normal සීන් එකක්. කොටින්ම මචං මේක පට්ට පිස්සුවක් වෙලා තියෙන්නෙ. සමහරු Trip යන්නෙම Photo ගන්න. එක් අතකට නම් මේක අහිංසක ආසාවක්. නමුත් මේ සීන් එකේ තවත් පැති කිහිපයක්ම තියෙනවා මචෝ.
ලෝක ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් වෙච්ච අපේ රටේ කවුරුත් සුද්දෝ සුද්දියෝ දැකලා තියෙනවා. එයාලා ළඟ සාපේක්ෂව අපේ රටේ අයට වඩා හොඳ Smart Phone වගේම Camera උපකරණත් තියෙනවා. ඒත් මචෝ ඔයාලා දැකලා තියෙනවද මෙච්චර ලස්සන රටකට කිලෝමීටර් දහස් ගාණක් ගෙවාගෙන ඇවිල්ලා පිස්සුවෙන් වගේ photos ගන්න සංචාරකයන්ව. නෑ.. මචෝ එයාලා අති බහුතරය එහෙම නෑ.
මොකද එයාලා තමන්ගෙ ගමන enjoy කරන්නේ තමන්ගේ ඇස් දෙකෙන්. මේ රටේ දකින්න ලැබෙන ලස්සන දසුන් එයාලා මනසින් capture කර ගන්නවා. ඒ ලස්සන පරිසරයේ ගත කරන මොහොත එයාලා මුළු ආධ්‍යාත්මයෙන්ම විඳිනවා. එයාලා මිනිස්සු දිහා බලාගෙන ඉන්නවා. අපේ සංස්කෘතිය ගැන බලනවා. කෑමවේලක් වුණත් උපරිමයෙන්ම රසවිඳිනවා. හැබැයි ඉතින් photos ගන්නෙ නැතුව නෙවෙයි. ඒත් බොහොම ටිකයි. මොකද එයාලටත් ඕනෑ ගමන ගැන මතකයන් ඉතුරු කර ගන්න විතරයි.
හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා. ලෝක මට්ටමින් වුණත් Photos කියන්නේ දැන් සංචාරක කර්මාන්තයත් එක්ක ආත්මීය වශයෙන් බැඳිලා තියෙන දෙයක්. අපි මෙතන Trip එකක් ගිහිල්ලා photos ගන්න එක අවතක්සේරු කරනවා නෙවෙයි මචෝ. ඉස්සරහ දවසකදී අපි Traveling Photography ගැන වෙනම Y Trend එකක් අරගෙන එන්නම්. අදට අපේ රටේ අපේ උන්ට හැදිලා තියෙන Trip Photo උණේ ගැන විතරක් කතා කරමු.
ඇයි අපේ අයට විතරක් මෙච්චර මෙහෙම වෙලා තියෙන්නේ? සුදාලාට එහෙම හිතෙන්න පුළුවන්. මේකයි මචෝ හේතුව.. අපි හැමෝගෙම ජීවිතවල Social media පට්ට කොටසක් වෙලා තියෙන්නෙ. අපි ලෝකය ගැන, රට ගැන දැකලා හඳුනගන්නෙ ඒ ඔස්සෙ. කොටින්ම අපි ජීවිතේ දකින්නේ ඒක ඇතුළෙ. ඇත්තටම ඡායාරූප තමයි මේ වෙනකොට අපේ රටේ කොල්ලෝ කෙල්ලෝ අතර පට්ට ජනප්‍රිය Facebook, Instagram, WhatsApp ප්‍රධාන සමාජ මාධ්‍යවල ප්‍රධානම අංගය.
මනෝ වෛද්‍යවරුන් පවා පිළිගන්නවා සමාජ මාධ්‍ය තුළ සියුම් මානසික තරගයක් තියෙනවා. අනිත් අය කරන දේ ඔවුන් අභිබවා කරන්න ගොඩක් තරුණ තරුණියන්ට ඕන. විශේෂයෙන්ම 90 දශකයේ අග සහ 2000 ට පසුව ඉපදුණු පරම්පරාව මේ සීන් එකේ ලොකුවට ඉන්නවා. මොකද ඔවුන් හැදිලා වැඩුණෙ මේ Social Media Culture එක ඇතුළෙ මචෝ. ඒ වගේම Modern Posh Culture එකේ ඉන්න Girls ලට Aunts ලටත් මේ පිස්සුව තියෙනවා. ඒක ඔවුන්ගේ ස්වභාවයක්.
ඒ වගේම බලාගෙන ඉන්න කොයි කාට වුණත් ලංකාවේ Trip එකක් ගියාම මේ පිස්සුව බෝවෙන්න පුළුවන්. හරියට සීන් කෝන් එක ක්ෂණිකව පැතිරෙන වෛරස් එකක් වගේ වස්තු. ඔයාලටත් එක පාරක් හරි මේ සීන් එක හැදිලා තියෙන්න ඕන අනිවා ඩෙෆා. පොඩ්ඩක් මතක් කරලා බලන්නකෝ. ලංකාවේ දේශීය සංචාරකයෝ ගැන කතා කරනවා නම් photo ගැහිල්ල තමයි මචෝ අංක එකේ Trend එක. ඒකෙ ආයෙ දෙකක් නෑ.
මේක හරිම අහිංසක මෝඩ වැඩක් විදියට පෙනෙනවා නේද? නැත්නම් කෙනෙක්ට මේ සීන් එක සාධාරණීකරණය කරන්නත් පුළුවන්. අපි පිළිගන්නවා. ඒ කොහොම වුණත් මචෝ මේ වගේ Trend එකක් නිසා ඔයාගේ රසවින්දනය ඔයාගෙන් දුරස් වෙනවා. අපි ලෝකෙ ලස්සනම දසුන් දකින්නෙ අපේ ඇස් දෙකෙන් නෙවෙයි Smart phone එකේ ආලෝක තිරයෙන්. මේ සීන් එක එක අතකට ඛේදවාචකයක්. මානව සමාජය ස්වභාවිකත්වයෙන් ඈත්වීම කියන තිත්ත ඇත්ත තමයි මචෝ මේ අපිට පේන්නේ.
අනිත් පැත්තෙන් අපි කතා නොකරන තව දෙයක් තියෙනවා. කෙනෙක්ට හරි පුංචි දෙයක් වගේ photo එකක් ගන්න එක පේන්න පුළුවන්. ඒත් ඒක හරි පුංචි දෙයක් වගේ පෙනුණට මචෝ ඒකටත් යම් බලශක්තියක් වැය වෙනවා. ඒකට Possess එකක් තියෙනවා. Trip එකක් ගිහිල්ලා photos පන් හයසීයක් ගැහුවම Smart phone එකේ කැමරාවේ ආයු කාලය අඩු වෙනවා. මේක පුරුද්දක් වුණාම බැටරියත් ඉක්මනින්ම විනාශ වෙනවා සුදෝ. ඒවා වෙනස් වුණාම තව ජංගම දුරකථනයක් ගන්නවා කියන එක හරි සරල දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ පිටුපස්සේ බලශක්තිය සහ මිනිසුන්ගේ ශ්‍රම ශක්තිය විනාශ වීම සිද්ධ වෙනවා වස්තු.
ඔන්න අන්තිමට කිව්ව කතාව නම් ටිකක් සැර වැඩියි වගේ සුදාලාට හිතන්න පුළුවන්. ඒත් මචෝ ඒ ගැන ලොකු සංවාදයක් මේ වෙද්දි ලෝක මට්ටමින් තියෙනවා. Photography කෙනෙක්ගෙන් තමන්ගෙ කැමරාව පිළිබඳ අහලා බලන්නකෝ වස්තු. එතකොට තේරෙයි.
Photos බර ගාණක් ගහලා, Photos හත අටක් Social media දාලා, ඉතුරු ටික ජංගම දුරකථනයේ තියාගෙන ඉඳලා, ඊට පස්සේ ඒක කැඩුණම ඒ ටිකත් නැතිවෙලා ගිහිල්ලා සම්පූර්ණ සීන් එකම අමතක වුණු අවස්ථා අනාගතයේ සුදාලට තියේවි. සමහරවිට දැනටමත් ඇති. හැබැයි ලස්සන මතකයන් එකතු කළොත් කොහොමද පැංචෝ, මැරෙනකම්ම ඔයා ලද ඒ හැම මතකයක්ම තියේවි.
ඉතින් සංචාරයකදී පින්තූර ගැනිල්ල දෙවනුවට තියලා ඒ සංචාරය විඳින්න. ඒක පට්ට.
I නිසල්