2017 මැයි 20 වන සෙනසුරාදා

හිතටFit කසාදයකට

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 68

90 දශකයේ දී තිරගත වූ ජනප්‍රිය හොලිවුඩ් සිනමා පටයක් වන you’ve got mail අදටත් හොලිවුඩ් ආදර කතා ප්‍රියකරන රසකාමීන් අතර මතකයේ රැඳී පවතින්නක්. මුහුණට මුහුණ එකිනෙකාට වෛර කරන්නන් දෙදෙනෙකු අන්තර්ජාලය ඇසුරින් හිතවතුන් බවටත් පෙම්වතුන් බවටත් පත්වන්නේ ප්‍රේමයේ සීමා මායිම් තවදුරටත් පුළුල් කරමිනුයි. එනම් ප්‍රේමය කිසිදා නුදුටු මුණ නොගැසුණු දෙදෙනෙකු අතර වුවත් අදහස් සමානකම් තුළින් ඇතිවිය හැකි බව එම සිනමා පටයෙන් අපූරැවට නිරූපණය කෙරෙනවා. 

මේ පූර්විකාව ඉදිරිපත් කළේ මෑතකදී අපේ රටේ විවාපත් වීමේ අපේක්ෂාවෙන් සිටින අය වෙනුවෙන්ම විවෘත වුණු සුවිශේෂී වෙබ් අඩවියක් ගැන කීමටයි. Marriage.lk ලෙස හඳුන්වන මේ වෙබ් අඩවිය, මීට පෙර හමු නොවුණු දෙදෙනෙකුට එකිනෙකා තුළ ඇති ගැලපීම අනුව හිතවත්කමක් ඇති කරගැනීමටත් අනතුරුව ප්‍රේමයහා විවාහයක් දක්වා යාමටත් ඉඩ සලසන්නක්. 

කරන්න තියෙන්නෙ බොහොම සරල දෙයක්. මුලින්ම වෙබ් අඩවියට පිවිසිලා ඔබේ මූලික ජීව දත්ත කිහිපයක් ඊට ඇතුළත් කළ යුතුයි. ඉන්පස්සේ ඔබට වෙබ් අඩවියේ කළමනාකාරීත්වයෙන් දුරකථන ඇමතුමක් ලැබෙන්නේ ඔබ විසින් ඉදිරිපත් කර තිබෙන තොරතුරු සහතික කරගැනීමටයි. ඒ හරහා අතිශය විශ්වසනීයත්වයක් වගේම වෘත්තීයභාවයක් පවත්වාගෙන යනු ලබනවා. 

අනතුරුව ඔබට ප්‍රශ්න පත්‍රයක් ලැබෙනවා. ප්‍රශ්න 100කින් යුතු මේ ප්‍රශ්න පත්‍රය හරහා විශාල පරාසයක් තුළ ඔබේ රැචි අරැචිකම් ප්‍රකාශයට පත්වෙනවා. අවසානයේ ඔබේ රුචි අරුචිකම් හා වඩාත්ම සමාන රුචි අරුචිකම් ඇති අය ඔබට පෙන්නුම් කෙරෙනවා. ඒ අතුරින් එක් අයෙක් හෝ කිහිපදෙනෙකු තෝරාගෙන chat මාර්ගයෙන් ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගැනීමට ඔබට ඉඩ ලැබෙනවා. 

මේ අන්තර්ජාල වේදිකාව නිර්මාණය කරලා තිබෙන්නේ විශේෂයෙන්ම කාන්තාවන්ගේ ආරක්ෂාවට ඉහළ ප්‍රමුඛතාවක් ලබාදෙමිනුයි. ඒ නිසා chat අතරතුර කිසිදු අනවශ්‍ය දේකට ඉඩක් නැහැ. සියල්ල වෙබ් කළමනාකාරීත්වය විසින් නිරීක්ෂණය කරනවා. මේ chat කටයුත්ත අවසන් වන්නේ පිරිමි පුද්ගලයා අවසරයක් සහිතව කාන්තාවගේ නිවසට පැමිණ මවුපියන් මුණගැසීමෙනුයි. නමුත් එම අවසාන පියවර කරා යන්න තරමක කාලයක් පරිශ්‍රමයක් දෙදෙනා විසින්ම දැරිය යුතුයි. 
මේ වෙබ් අඩවියේ නිර්මාතෘ තමයි නීතීඥ රංග පෙරේරා. කලකට ඉහත සොලිසිටර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ සේවය කළ ඔහු දැනට එංගලන්තයේ ස්ථීර පදිංචිකරුවෙක්. නීති ක්ෂේත්‍රය තුළ කටයුතු කරන අතරතුරේදී ශ්‍රී ලංකාවේ දික්කසාද ප්‍රතිශතයේ වර්ධනයත් ඒ හේතුවෙන් කුඩා දරුවන් විඳින පීඩාවත් දැකීම නිසායි ඔහු මේ වෙබ් අඩවිය නිර්මාණය කර තිබෙන්නෙ. 

“අපේ රටේ ගොඩක් විවාහ ජීවිත දෙදරා යන්න හේතුවක් තමයි එකිනෙකාගේ අදහස් නොගැලපීම. මේ නිසා එකිනෙකා පිළිබඳ තේරුම් ගැනීමේ වැදගත්කම හොඳින් අවධාරණය වන අයුරින් අපි මේ වෙබ් අඩවිය නිර්මාණය කළා. මේ වෙබ් අඩවිය තුළින් මම කිසිම ආර්ථික වාසියක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මට අවශ්‍ය අපේ රටේ තරුණ ජීවිත වෙනුවෙනුත් විශේෂයෙන්ම මවුපියන්ගේ දික්කසාද නිසා දරුවන් පීඩාවට පත්වීම වැළැක්වීමටත් යමක් කරන්නයි” රංග පෙරේරා පවසනවා. 

තාක්ෂණයත් සමඟ ඉදිරියට යන ලෝකය තුළදී ජීවිතය යහපත් කරගැනීමටත් තාක්ෂණය යොදාගන්න පුළුවන්. 

Text — Rajitha