2022 සැප්තැම්බර් 04 වන ඉරිදා

මස් මාළු අරහංලු

 2022 සැප්තැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 08:00 113

මේකත් මචෝ ලෝකෙ පුරාම Young Generation එක අතර කාලෙක පටන් දකින්න ලැබෙන පට්ට Y Trend එකක්. සමහර අය මේක Trend එකක් විදිහට හඳුන්වනවටත් කැමති නෑ. ඒකෙ පුංචි සාධාරණ සීන් කෝන් එකක් තියෙනවා. ඒත් මේ සීන් එක Trend එකක් විදිහට අරගෙන තමා අද අපි කතා කරන්නේ. හරි එහෙනම් පටන් ගමූ. සුදෝ අපි මේ කතා කරන්නේ ලෝකය පුරා වේගයෙන් පැතිර යන නිර්මාංශ වීමේ Trend එක ගැන.

ඔන්න වස්තු අද Vegetarian, Vegan කියන Concept  දෙකම ගැන කතා කරනවා. මේ වෙනකොට ලෝකෙ පුරා ගොඩක් දෙනෙක් නිර්මාංශ ආහාර පුරුද්දක් ඇතිකර ගැනීමට පෙළඹිලා තියෙනවනෙ මචෝ. ඒකට හේතු ගොඩක් තිබෙනවා. සාම්ප්‍රදායිකව නම් මචෝ මේකට ලොකුම හේතුව අවිහිංසාව හා ආගමික නැඹුරුව. ඒත් අද වෙනකොට නිර්මාංශ වීම හරහා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලැබීම විශ්වාස, මස් මාංශ සම්බන්ධව ඇති අප්‍රසන්න බව Young Generation එක නිර්මාංශ වෙන්න ලොකු හේතුවක් වෙලා තියෙනවා. හැබැයි ඉතින් දැන් ඔය කිසිම දෙයක් නැතුව රැල්ලට නිකම්ම නිර්මාණය වන අයත් ඉන්නවා මචෝ. ඒක නම් ටිකක් අවුල් පැංචෝ.

හරි කමක් නෑ පළවෙනියටම කියන්න ඕන කියන්න ඕන සීන් එක තමා නිර්මාංශ වෙනවා කියලා කියන්නෙ කෙනෙක්ගේ කැමැත්ත නැත්නම් එයගෙ අයිතියක්. ඒ නිසා ශිෂ්ට සම්පන්න මිනිස්සු විදිහට හැමෝම ඒකට ගරු කරන්න ඕන. අපි පොඩක් මේ සීන් එක ඉතිහාස කතාවක් ගලපගන්න නම් හරිය. සුදාලා ඔක්කොම දන්නවනේ මිනිසා සර්ව භක්ෂකයෙක්. මීට අවුරුදු 10000 කට කලිනුත් මිනිස්සු ශාක හා සත්ත්ව ආහාර ගත්තා කියලා විද්‍යාත්මක සාක්ෂි තියෙනවා. ඒ වුණත් මචෝ පසුකාලීනව මිනිසුන් වැඩි වැඩියෙන් මස් මාංශ භාවිතයට රස වැටුණා. ඒකට පාරිසරික සංස්කෘතික හේතුත් බලපෑවා.

ඒ කොහොම වුණත් නිර්මාංශ වීම අපි කියන විදිහට Y Trend එකක් වෙන්නේ පහුගිය අවුරුදු පනහක හැටක කාලය ඇතුළෙ. ඒකට හේතුව බටහිර රටවල සහ ඇමරිකා එක්සත් ජනපදයේ නිර්මාංශ වීම සම්බන්ධව පැතිර ගියපු රුළි. මේ අය පරිණාමයේදී ස්වභායෙන්ම මාංශ සඳහා වැඩි නැඹුරුතාවක් දැක්වපු අය. නමුත් මචෝ භෞතික දියුණුවත් එක්ක ඒ අයගෙ ඔළුවලට නිර්මාංශ වීම ගැන අදහස් අවා. පෙරදිග පැත්තෙන් ආපු අදහස් වගේම සත්ත්ව හිංසනය සම්බන්ධ නිර්මාණ වුණ සමාජ විරෝධතා මේකට හේතු වුණා. ඒ කොහොම වුණත් වස්තු පෙරදිග අපේ නම් සංස්කෘතියේ කොටසක් විදියටම නිර්මාංශ වීම තිබුණා. ඉතින් අපේ අය අතර නිර්මාංශ වීම Trend වුණේ නෑ. ඒක බොහොම සාමාන්‍ය දෙයක් වුණේ. ඉන්දියාව තමා ඕකට හොඳම උදාහරණය.

ඒ කොහොම වුණත් මචෝ මේ වෙනකොට ලෝකය පුරා ඇතිවෙලා තියෙන මේ Vegetarian Trend නම් වස්තු බටහිර පැත්තෙන් නිර්මාණ වුණේ. මේ Trend එක නිසා සමහරු තමන් හොඳයි කියලා පෙන්නන්න, ඒ වගේම තමන් වෙනස් කියලා පෙන්නන්නත් නිර්මාංශ වෙලා තියෙනවා. ඒ වගේම මොනවා හරි වීඩියෝ එකක් නැත්නම් ලිපියක් කියවලාත් මස් මාංශ සම්බන්ධව ඇතිවුණු අප්‍රසන්න බව නිසා ටික කාලයකට නිර්මාංශ වුණ අයත් ඉන්නවා. පළවෙනි Incident එකේ තියෙන්නේ script එක ඇඟේ ගියාම එයාලා ආයෙත් සර්ව භක්ෂක වෙනවා හැබැයි. ඒත් බහුතරය ප්‍රතිපත්තිමය වටිනාකමක් ඇතුව නිර්මාංශ වෙලා ඉන්න අය. එයාලට මේ මෝඩ චූන් අදාළ නෑ.

අද වෙද්දී නිර්මාංශවීම කියන සීන් කෝන් එක කොටස් ගණනාවක් තිබෙනවා. ඒකත් ටිකක් පැහැදිලි කර ගන්න එක වටිනවා සුදෝ. මොකද නිර්මාංශ වීමෙන් අයට නිර්මාංශ නැති අය කරන චෝදනාවලට මේ සීන් කෝන් එක නොදැන උත්තර දෙන්න බෑ. සුදාලා අහලා ඇති සමහරු ජෝක් එකට කිණ්ඩියට මේ වගේ දේවල් කියනවා.

''ආ එයා මස් කන්නේ නෑ... හොදි විතරයි කන්නේ.''
''හරි ශෝක් ඔය මස් කන්නෙ නැති වුණාට එයා බිත්තර කන්නේ...''
''අපෝ එයා කේක් කෑල්ලක්වත් කන්නේ නෑ බිත්තර තියෙනවා කියලා...''

ඇත්තටම මචෝ මේ ඔක්කොම නොදන්නකමට කියන කතා. හැබැයි නිර්මාංශ ආහාර රටාව පිළිබඳ අවබෝධයක් තියෙන කට්ටිය නම් ඔහොම ගොන් ටෝක් දෙන්න යන්නෙ නෑ. මූලිකවම නිර්මාංශ ආහාර රටාවල ප්‍රධාන කොටස් තුනක් අඳුනගන්න පුළුවන් වස්තුලට.

පළවෙනියට තියෙනවා Lacto Vegetarian කියන ආහාර රටාව. මේ සීන් එක අනුගමනය කරන අය සත්ත්ව මාංශ අනුභවයෙන් වැළකී සිටියත් සත්ත්ව ප්‍රභවවලින් එන කිරි වගේ දේවල් ආහාරය සඳහා භාවිත කරනවා. ඊළඟට Lacto-Ovo Vegetarian සීන් එකේ ඉන්න අය කිරි වගේම බිත්තර අනුභව කරනවා. නමුත් සත්ත්ව මාංශ අනුභවයෙන් වළකිනවා. එතකොට Veganලා තමා සම්පූර්ණයෙන්ම නිර්මාංශික සෙටාර් එක. මෙයාලා ඉතින් සත්ත්ව ප්‍රභවවලින් එන කිසිම දෙයක් ආහාරය සඳහා ලබාගන්නේ නැහැ.

ඕනම කෙනකුට ඕනම ආහාර රටාවක් අනුගමනය කරන්න අයිතියක් තියෙනවා. තමන් කන බොන දේවල් හින්දා කාවවත් උස් පහත් කරන්න කාටවත් බෑ. එහෙත් සමහර වෙලාවට සමහර Vegan ලා හිතාගෙන ඉන්නවා එයාලා තමයි හොඳටම කරන්නේ කියලා. තවත් සමහරුන්ට එයාලා මෝඩයො වගේ පේනවා. එතැන සෞඛ්‍ය ප්‍රශ්නයක් තියෙනවා කියලා කියනවා. අපිට අනුව නම් ඒත් අන්ත දෙකටම යන්න හොඳ නෑ. අද වෙනකොට ඔප්පු වෙලා තියෙනවා මිනිස්සුන්ට නිර්මාංශික ආහාර විතරක් අරගෙන සෞඛ්‍යවත්ව ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒක ඉතින් නිර්මාංශ වීම අවබෝධයකින් කරන්න ඕන. ඒ කොහොම වුණත් අනිත් අයගේ ආහාර පුරුදුවලට ගරුකරලා තමන් කැමති දේ කරන එක තමයි හොඳම. හැබැයි මේ සීන් එක අද වෙනකොට ලොකු Trend එකක් වෙලා නිසා මේ සම්බන්ධ මඤ්ඤං ගැටුම් ඕන තරම් අපිට ලෝකය පුරා දැකගන්න පුළුවන්.

මේක Trend එකක් කියලා අපි කියනවට සමහරු විරුද්ධයි මචෝ. ඒකේ අවුලක් නෑ. හැබැයි මේ සීන් එකට ලොකු නැඹුරුතාවක් අද වෙද්දී ලෝකෙ තාරුණ්‍ය අතර දකින්න ලැබෙන කියන එක අපිට පිළිගන්න වෙනවා. සරල උදාහරණයක් කියන්නම් වස්තුලාට. වෙළඳපොළ පර් යේෂණ ආයතනයක් වන මින්ටෙල් ආයතන වාර්තාවකට අනුව 2009 සහ 2013 අතර කාලෙදී විතරක් වෙළඳපොළට හඳුන්වා දුන් නව නිර්මාංශ නිෂ්පාදන සංඛ්‍යාව දෙගුණයක් වෙලා කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේම තවත් වාර්තාවකට අනුව ශාක පදනම් වූ ආහාර අලෙවිය 2017 දී සියයට 8.1 කින් වර්ධනය වෙලා වටිනාමක ඩොලර් බිලියන 3.1 ඉක්මවා ගිහිලා තියනවා කියලා කියවෙනවා.

තව කියනවා නම් වස්තු ලෝක ජනගහන ජනගහනයෙන් සියයට පහත් තුනත් අතර පිරිසක් නිර්මාංශ ආහාර සඳහා යොමුවෙලා ඉන්නවා කියලා සමහරක් වාර්තාවල සඳහන් වෙනවා. කොහොම වුණත් අපේ අසල්වැසි ඉන්දියාව තමයි අංක එකේ නිර්මාංශ රට. ඉන්දියාවේ සෑම පස්දෙනකුගෙන් එක් කෙනෙක් නිර්මාංශිකයි කියලයි කියවෙන්නේ. ලොකේ පට්ට ජනප්‍රිය චරිතත් මේ සීන් එකට වේගයෙන් යොමු වෙමින් ඉන්නේ. ඉතින් ලංකාවෙත් මේ සීන් එක හරිම ජනප්‍රියයි. දැනට තියන දත්ත අනුව නම් සුදෝ මේ සියවස තුළ ලෝක ජනගහනයෙන් විශාල පිරිසක් නිර්මාංශ වේවි අනිවාර් යෙන්ම.

අපේ සුදු පැංචන්ට පැංචියන්ට අවසාන වශයෙන්  දෙයක් තියෙනවා. ඔයා නිර්මාංශ නැත්තම් කෙනෙක්ට නිර්මාංශ වීමේ තියන අයිතිය පිළිගන්න ලෑස්ති වෙන්න. ඒ වගේම නිර්මාංශ අය සමඟ ආහාර ගන්නකොට එයාලා ගැන හොයලා බලන එක යුතුකමක් කරගන්න. ඔයා නිර්මාංශ නම් නිර්මාංශ නොවන අයට ගැරහීමෙන් වළකින්න. මේක Trend එකක් විදිහට නෙවෙයි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න. එතකොට තමයි ඔයාට ඔයා ගැන වටිනාකමක් දැනෙන්නෙ. ලෝකය වෙනස් වෙමින් තියෙන්නෙ. අපි හැමෝම ඒ වෙනස තෝරා බේරාගෙන ඉවසා දරාගන්න හුරු වෙන්න ඕනෑ මචෝ.

I නිසල්