2022 සැප්තැම්බර් 11 වන ඉරිදා

අමුතු අමුතු පිස්සු නටන කොරියාව

 2022 සැප්තැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 08:00 52

ඔන්න අද අපි පොඩි කොරියන් ටුවර් එකක් යමු මචෝ. මේ කාලේ ලෝකෙ වැඩිපුරම Trends නිර්මාණය කරන්නේ කොරියාව කියලා කිව්වොත් වරදක් නෑ. විශේෂයෙන්ම Korean K Pop Culture එක ඇතුළෙ තමා වැඩියෙන්ම Y Trend නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒ අතරින් එක Trend එකක් ගැන අද අපි කතා කරන්නෙ සුදාලා එක්ක. එහෙනම් අද කතාව Korean K Pop Variety Shows ගැන සුන්දරා.

එකපාර මඤ්ඤං වෙන්න ඕනෙනෑ මචෝ. අපි අද කතා කරන Variety Shows  කියන්නෙ මොනවද? ඒක එකපාරටම තේරුම් ගන්න අමාරුයි. (සරියාන කරච්චල්) අපි සරල උදාහරණයක් දෙන්නම් පැංචො. අපි වස්තුලා දන්න ඔය ලංකාවේ ටීවී චැනල් නළු නිළියෝ ගෙන්නලා එක Games කරන Shows තියනවනෙ. අන්න ඒවා අයිති වෙන්නෙ මේ අපි කියන Variety Shows සීන් කෝන් එකට. පැහැදිලිනෙ.

මොන බිබික්කමක්ද ඒ කියලා සුදාලාට හිතෙන්න පුළුවන්. පොඩ්ඩක් ඉවසන්නකෝ. මේ සීන්කෝන් එකේ උපත කොරියාවේ සිද්ධ නොවුණත්, අද වෙනකොට මේ සීන් එක නැගලා යන්නෙ Korean K Pop Culture එක ඇතුළෙ. ලෝකෙ පුරා ජනප්‍රිය සංස්කෘතිය පටන් ගත්ත මුල් කාලෙ ඉඳලම රූපවාහිනිය මාධ්‍ය තුළින් මේ වගේ වැඩසටහන් තිබුණා. ඒත් අද කොරියන් සීන් කෝන් එක විශේෂයි පැංචො.

Korean K Pop කියන්න අද ලෝකෙ පට්ට පිස්සුවක්. ඒක කොයි වගේ පිස්සුවක් වෙලා තියෙනවද කියලා, අපි මීට කලින් කතා කරලා තියෙනවා වස්තුලා එක්ක. මේ Variety shows වලින් වෙන්නේ K Pop Culture එක මේන්ටේන් කරන එක. කොරියාවෙ වගේම ජාත්‍යන්තර රූපවාහිනී ආයතනත් K Pop Variety shows පවත්වනවා. තනි තනියම වගේම කණ්ඩායම් වශයෙනුත් K Pop Idols ලව ගෙන්නලා තමා මේ Shows කරගෙන යන්නෙ. එක එක ආතල් තරගවලට මුහුණ දෙන්න වගේම, එතකොට අමුතු අමුතු වැඩ කරන්නත් Variety show වලදී මේ කොරියානු පොප් තරුවලට සිද්ධ වෙනවා.

ඔන්න උදාහරණයක් දෙකක් කියන්නම් අපෙ පැංචොන්ට පැංචියන්ට. Problematic Men කියන්න Shows එකක් තියෙනවා. ඒකෙ සීන් එක තමයි කොරියාවේ ඉන්න සුපිරි තරු ගෙනැල්ලා එයාලගේ IQ එක බලන්න ප්‍රශ්න අහන එක. ඒ කියන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් නෙවෙයි මචෝ, වෙනම සීන් එකක්. මෙතනදී Celebrities ලාට සිද්ධ වෙනවා කණ්ඩායම් වශයෙන් එකතුවෙලා තමන්ගේ දැනුම පාවිච්චි කරලා එක එක ප්‍රශ්න වලට විසඳුම් හොයන්න.

Law of jungle කියලා Shows එකක් තියෙනවා. ඒකෙදි ප්‍රසිද්ධ K-POP කණ්ඩායමක් කොහේ හරි දූපතකට නැත්තම් කැලෑවකට ගිහිල්ලා දානවා. එයාලට එක එක ඉලක්ක තියෙනවා සම්පූර්ණ කරන්න. ඒවා සම්පූර්ණ කළාට පස්සේ තමයි කෑම බීම අනෙකුත් සැපයුම් මෙයාලට දෙන්නෙ. මේක සීරියස් සීන් කෝන් එකක් වගේ පෙනුණට ආතල් සීන් එකක්. අඩුපාඩු වෙලා පැරදුණාම ඒ වෙනුවෙන් දඬුවමක් එහෙමත් තියෙනවා මචෝ. කැමතිනම් යූටියුබ් එක පැත්තෙ හොයලා බලන්න.

සාමාන්‍ය තරගවලට අමතරව අමුතු අමුතු වැඩකරන්න සිද්ධ වෙන Variety shows සෑහෙන්න ප්‍රමාණයක් මේ වෙද්දී කොරියාවෙ තියෙනවා. ඇත්තටම මේක ඇබ්බැහියක් වෙන තරමටම ව්‍යාප්ත වෙලා. කොරියානුවන් විතරක් නෙවි ලෝකෙ වටේ ඉන්න බිලියන ගණනක් මිනිස්සු මේ Variety shows වලට පිස්සු වැටිලා.

තමන් ආදරේ කරන ආස කරන ගායකයෝ නළුවෝ මේවා ඇතුළේ දකිනකොට මිනිස්සුන්ට වෙනම ආතල් එකක් තියෙනවා මචෝ. ඒ වගේම සාම්ප්‍රදායිකව ඒ ගොල්ලන්ගෙ නිර්මාණ ඇතුළෙ දකිනවට වඩා වෙනස් දෙයක් ඒ අයගෙන් දකින්න මිනිස්සු ආසයි. ඒ හැටි. අර ගොසිප් ටයිප් කුතුහලය තමයි මෙතැනට ඇවිල්ලා තියෙන්නෙ සුදෝ.

අමුතු අමුතු වැඩ කියලා කිව්වම මෙන්න මෙහෙම සීන් මතක් කරන්න පුළුවන්. We got married කියන ෂෝ එකක් තියෙනවා. ප්‍රසිද්ධ Celebrities ලා දෙන්නෙක් ගෙනැල්ලා ඒ දෙන්නට කියනවා දවසකට කසාද බැඳලා වගේ රඟපාන්න කියලා. ඉතින් මේ වගේ සීන් කෝන් බලන් ඉන්න මිනිස්සු ආසයිනේ සුන්දරා. ආ තව එකක් තියෙනවා MBC නාලිකාවේ Home Alone කියලා. මේකෙදි Celebrate කෙනෙක්ගෙ ගෙදර හැමතැනම කැමරා හයිකරලා එයාගෙ එක දවසක ජීවිතය පෙන්නවා. ඒකත් මරු.

මේ පිස්සු සීන් කෝන් එක තියෙන්නේ TV channels විතරක් නෙවෙයි. කොරියාව හැම K Pop Idols එකකටම වගේ Variety shows වෙනුවෙන් වෙනම YouTube channel එකක් තියෙනවා. මේවා බැලුවොත් Episode 150 හා 200 ය ගියපු Chanel මචෝ. බිලියන ගානක් මේවා බලලා තියෙනවා. මෙන්න මෙතනදි තමයි මේ සීන්කෝන් එක කොච්චර දරුණු Y Trend එකක්ද කියලා තේරෙන්නේ සුදාලට. මිනිස්සු අතර විතරක් නෙවෙයි Celebrities ලා අතර මේක ට්‍රෙන්ඩ් එකක්.
අපි කවුරුත් දන්න ලෝකෙම පට්ට ජනප්‍රියම එක්සත් ජාතීන්ගේ සංවිධානයට, ධවල මන්දිරයට පවා ගියපු BTS කණ්ඩායම ගමුකො. එයාලට තියෙනවා Run BTS කියලා YouTube channel එකක්. BTS Army එක මේකට පිස්සු වැටිලා ඉන්නේ. BTS Army එක කියලා කියන්නේ සුන්දරා එයාලගේ Fan base එකට. මෙයාලට අමතරව ජනප්‍රිය Seventeens කියන ටීම් එකට තියෙනවා Going Seventeens කියලා Show එකක්. TXT ලාට තිනවා to do කියලා Show එකක්. තව නම් සෑහෙන්න කියන්න පුළුවන්.

මේ සීන්කෝන්වලට සාමාන්‍යයෙන් ගොඩක් Celebrities ලා කැමති. එයාලම  කියන විදිහට එයාලගේ අවිවේකී ජීවිතයට මේ සීන් එකෙන් පොඩි නිදහසක් ලැබෙනවා. ඒකාකාරී ජීවිතයෙන් මිදෙන්න අවස්ථාවකුත් ඒ අයට ලැබෙනවා. කොහොම වුණත් මචෝ මේවත් කැමරා ඉස්සරහා රූගත කෙරෙන තවත් වැඩසටහන් වර්ගයක් තමා. මචෝ Celebrities ට පුළුවන් වෙලා තියෙනවා මේ වගේ වැඩසටහන් හරහා තමන්ගේ ජනප්‍රියත්වය තවදුරටත් වැඩි වර්ධනය කරගන්න.

ඇත්තටම සමහරක් වැඩසටහන්වලට ප්‍රේක්ෂකයො සම්බන්ධ කරගන්න අවස්ථා තියෙනවා වස්තු. ඒ වගේම සාමාන්‍ය ජනතාව සම්බන්ධ කරගෙන පවත්වන Variety shows සෑහෙන ලෝකෙ තියෙනවා. ජපානය, ඇමරිකාව, චීනය, ඉන්දියාව වගේ ජනප්‍රිය සංස්කෘති නඩත්තු කරන රටවල් මේ සීන් එකේ ඉන්නවා. හැබැයි සමහරක් වෙලාවට හොඳ වගේම නරක දේවලුත් මේවා ඇතුළෙ තියෙනවා. ටිකක් කියන්න ඕනෑ වස්තුලාට. මේ සීන් හරහා පෞද්ගලිකත්වයට නිදහසට බාධා වෙච්ච අවස්ථා ගැනත් අපිට අහන්න දකින්න ලැබෙනවා මචෝ.

කාලෙක ඉඳන් ලංකාවෙත් මේ වැඩේට පුංචි නැඹුරුතාවයක් තිබ්බා මචෝ. ඔන්න මේ ජනප්‍රිය සංස්කෘතිය නිසා මේ දවස්වල ඒක එන්න එන්න වැඩිවෙනවා කියලා අපිට තේරෙනවා මචෝ. හෙට අනිද්දට ලංකාවේ රූපවාහිනී නාලිකාවල මේ වගේ වැඩසටහන් වැහි වහින්න පටන් ගත්තොත් පුදුම වෙන්න එපා හරිය. ඕං අපි කලින්ම වස්තුලාට කියලා තිබ්බා.

I නිසල්