සුදාලා දන්නවා පසුගිය කාලේ ලංකාවේ තිබුණු එක එක සීන් කෝන් නිසා Tourism චකබ්ලාස්ට් වෙලා තිබුණේ. දැන් ඔන්න පොඩ්ඩක් එහෙන් මෙහෙන් සුද්දො ලංකාවට Line වෙන්න අරගෙන. ඒ නිසාම කාටවත් එච්චර ඇස නොගැටුණු Tourism සම්බන්ධව Y Trend එකක් අද අපි අරගෙන ආවා.
අපේ රට ලෝක ප්රසිද්ධ සංචාරක ගමනාන්තයක්. ඒක අපේ පැංචොන්ට පැංචියොන්ට අමුතුවෙන් කියන්න ඕන නැහැ. හැබැයි අපි මෙහෙම කිව්වොත් ඔයාලා විශ්වාස කරයිද දන්නෙත් නැහැ. ලංකාව දැන් ජනප්රියයි. ලෝකේ Travel YouTubers අතර ජනප්රියම ගමනාන්තය වේගෙන එන්නෙ.
ලෝක මට්ටමේ Travel YouTuber කෙනෙක් වෙන්න ඕන නම් මුලින්ම ගිහිල්ලා හොඳ fan base එකක් හදාගන්න ලංකාව මරු රටක්. ඒ වගේම තමන්ට චැනල් එකක් තියෙනවා නම්, YouTube channel එකක් තියෙනවා නම්, ඔයාගේ Fans ලා ටිකක් වැඩි කරගන්න ඕන නම්, ඒකටත් ලංකාව මරු පොට් එකක් කියලා තමා දැන් කතාව යන්නේ මචෝ.
කොටින්ම කියනවා කියනවා නම් වස්තු, Travel YouTuber ලා බුරුතු පිටින් ලංකාවට එන්න පටන් අරගෙන. මේක මාර සීන් කෝන් එකක්. පට්ට Trend එකක් වෙලා තියෙන්නෙ. ඒත් ඉතින් දැනගන්න ඕන කට්ටිය දන්නේ නෑ සීන් එක ගැන. අපි කියන සීන් කෝන් එක ඔයාට තේරෙන්නෙ නැත්නම් මේ දැන්ම YouTube එක පැත්තට ගිහිල්ලා පොඩ්ඩක් හොයලා බලන්න. මේ මොහොතේත් ලංකාවට ඇවිල්ලා ඉන්නවා Travel YouTuber සෑහෙන්න පිරිසක්.
අපේ වස්තුලා දන්නවා මෙච්චර කාලෙකට ලංකාවේ තිබුණේ හරිම සාම්ප්රදායික සංචාරක කර්මාන්තයක්. හැබැයි ඉතින් සීන් එක world class එකේ තිබුණා. ඒක හරි. ඒත් ලෝකෙ Tourism වෙනස් වෙනවා වේගෙන්. ඒක හොඳටම තේරුම් ගන්න පුළුවන් ලංකාවට එන Travel YouTuber ලගේ අවධානය යොමුවෙන දේවල් දිහා බැලුවම.
මහ පාරේ, මඟතොටේ මිනිස්සු අතර වෙන දේවල් තමයි මෙයාලා ගොඩක් Touch කරන්නෙ. Traveling සීන් එකේදි වෙන්නේ ලෝකයේ රට රටවල සංස්කෘතින් හරහා ගමන් කිරීම වස්තු. ඒක ඉතින් අවබෝධයෙන් බලන කෙනෙක්ට තමයි තේරෙන්නේ මචෝ.
හැබැයි මචෝ මෙහෙමත් දෙයක් තියෙනවා. ලංකාවට එන මේ අය බහුතරය Views, Subscribes අරගෙන තමන්ගෙ YouTube Chanel ගොඩදාගන්න සීන් එකේ තමා ඉන්නෙ. ගේමක් ගහන්න නම් ලංකාව තමා සුපිරිම තැන කියලා පොඩි Idea එකක් මෙයාලගේ ඔළුවෙ තියෙනවා. කලිනුත් අපි කිව්වේ, මේක ප්රචාරය වෙමින් තිබෙන අදහසක්. ඕනෑ නම් මේක අපේ රටේ සංචාරක කර්මාන්තයට වාසියට හරවාගන්න පුළුවන් ලොකු ලොකු අය. අඩේ අපි ඕවා දන්නෙ නැහැ.
අපේ අයත් ලංකාව ගැන කතා කරන සුද්දෙක් සුද්දියෙක්ගෙ වීඩියෝ එකක් දැක්කොත් අනිවාර් යෙන්ම ඒක බලනවානෙ මචෝ. ආසියාවේ අනිත් රටවලට සාපේක්ෂව දැන් අපේ රටේ ඉන්නෙ Digitalize වෙච්ච පරම්පරාවක්. ඒ නිසාම අපේ අයගේ Addict එක මේ Travel YouTuber ලා ගේමක් ගහගන්න පාවිච්චි කරනවා වස්තු.
ඇත්තම කතාව මචෝ දැන් තියෙන තත්ත්වය අනුව මේ සීන් කෝන් එකෙන්, අපේ රටට වඩා යහපතක් වෙන්නෙ මේ පිටරටවලින් එන Travel YouTuber ලාට. හැබැයි මේකෙන් අපිට වන අයහපතකුත් නැහැ. මේ වීඩියෝ අපේ අයම බලන නිසා වැඩිපුර ලෝක මට්ටමෙන් ලොකු ජනප්රියත්වයක් නොලැබුණත් පොඩි Foundation එකක් හැදෙනවා. Travel Culture එක ඇතුළේ ලංකාව සුපිරි pot එකක් කියලා කතාව යනවා. ඒක මරු මචෝ.
අනාගතයට තමා ඒ සීන් එක වටින්නෙ. මොකද මේ ඩයල්වලින් කිහිප දෙනෙක් හරි ලෝකේ ජනප්රිය චරිත වුණොත් එයාලා ආයේ දවසක ලංකාවට එන්න අමතක කරන්නෙ නැහැ මචෝ. සුදාලාට කියන්න පට්ට චරිත දෙකක් ඉන්නවා ලංකාවට ඇවිල්ලා ගොඩ ගිය. මෙයාලා ඒක ප්රසිද්ධියේ කියන ඩයල්. තව අය හිටියත් අපි මේ දෙන්නා ගැන පොඩ්ඩක් කියන්නම් දැනගන්න සුදාලට.
එක්කෙනෙක් තමා Davud Akhundzada. මෙයා අසර්බයිජානුවෙක්. යුරෝපයේ චෙක් ජනපදයේ ලොකු රස්සාවක් කර කර ඉඳලා Traveling උණ හැදිලා ලෝකෙ වටේ යන්න පටන්ගත්ත ඩයල් එකක්. රටවල් දෙක තුනක කරක් ගැහුවත් Chanel එක ගොඩ ගියෙ නැති නිසා වැඩේ අතහැරලා දාන්න හිතාගෙන ඉඳලා තියෙන්න.
අන්තිමට ලංකාවට ආවම YouTube Chanel එක ගොඩ ගියා. දැන් අපේ අයත් පොරට Love. පොරත් ලංකාවට Love. ආර්ථික අර්බුදය වෙලාවේ සල්ලි හොයාගෙන අපේ මිනිස්සුන්ට උදව් කළත් එක්ක ඩයල් එක. මේ දවස්වල ඉන්නේ ඉන්දුනීසියාව පැත්තේ. ඒත් කොහේ ගියත් ලංකාව ගැන කතා කරන එක නම් නතර කරලා නෑ.
අනිත් කෙනා තමා Go with Ali. මෙයා UK වල ජීවත් වුණු ඉරාන ජාතිකයෙක්. ලංකාවට ආපු ජනප්රිය Luke කියන Australian Traveler ගෙ යාළුවෙක්. Luke කියන්නෙත් මීට අවුරුදු ගාණකට කලින් ලංකාවට ඇවිල්ලා පස්සෙ කාලෙක පොරක් වෙච්ච චරිතයක් තමා. කොහොම හරි ලංකාවේදී තමයි Ali Traveling Videos කරන්න පටන් ගන්නේ. වැඩේ නැගලම ගියා. මෙයාටත් ලංකාවේ කට්ටිය පුදුම විදිහට ආදරය කළා. ලංකාවෙන් Subscribes පනස් දාහක් විතර හොයාගෙන තමයි අලී කොලුවා ගියෙ. හැබැයි ඩයල් එකත් ලංකාවට පට්ට Love.
මේ වෙලාවේ ලංකාවේ ඉන්න Travelers ලා කිහිප දෙනෙක්ගේම විස්තර අපි කියන්න ඕනෑ. "Moonshine and Lemongrass” මේ චැනල් එක කරන්නෙ Swiss ජාතිකයෙක්. දැනට Subscribes හැත්තඅට දහසක් විතර තියෙනවා. Adam and Yaz මේ දෙන්නා කපල් එකක්. 35K විතර Subscribes මෙයාලටත් තියෙනවා. "Iam_marwa” මෙයා නම් කළු ජාතිකයෙක්. තුන්ලක්ෂ හැත්තෑ පන්දාහක් විතර Subscribes තියෙන ලොකු channel එකක් තමා මෙයාට තියෙන්නෙ.
ඉතින් මචෝ Travelling සීන් එකේ ලොකු ලොකු අයත් ගොඩක් මේ වෙද්දී ලංකාවට ඇවිල්ලා ඉන්නවා. ලංකාව කියලා කියන්නේ likes, Views, Subscribes එකතු කරගන්න හොඳ තැනක් වගේම සුපිරිම සංචාරක ගමනාන්තයක් කියලා මේ හැමෝම දන්නවා. කියන්න ගියොත් තව නම් සෑහෙන්න ප්රමාණයක් තියෙනවා මචෝ. ඔයාලම පොඩ්ඩක් Search පාරක් දාලා බලන එක තමයි හොඳ, මේ වෙද්දී ලංකාවේ ඉන්න අය කවුද කියලා.
ලංකාවේ Tourism field එකේ ඉන්න ලොකු ලොකු චරිත Promotion campaign වෙනුවෙන් ඩොලර් මිලියන ගණන් වියදම් කරන බව අපි නම් දන්නවා වස්තුවේ. ඒත් Ground level එකේ Situation එක හරියට කියවා ගත්තොත් Promotion campaign කියලා කියන්නේ මහා ලොකු වැඩ නෙවෙයි.
කරන්න කියන්න දේවල් ගොඩයි. අපි ඒවා කියද්දි අපිට ආතල් විතරයි සුදෝ. කොහොම වුණත් Traveling වීඩියෝ බලනවා කියලා කියන්නෙත් එක්තරා ආකාරයක පිස්සුවක් තමයි සුන්දරා.
I නිසල්