2022 දෙසැම්බර් 11 වන ඉරිදා

හිනාවෙමුකො හිනාවෙමුකො ඈ...

 2022 දෙසැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 06:00 42

සිනහවෙන්න සිනහවෙන්න තරවෙනවා කියල කතාවක් තියෙනවා නේද? බ්‍රෝ. ඉතින් ඔය කතාව ඇත්ත නම්, අපේ රටේ තියෙන ආතල් විදියට, අපි දැනටමත් පැලිලා මැරිලනෙ මචෝ. ඔන්න අද අපි සුදාලා එක්ක බෙදාගන්න යන්නේ සිනහව සම්බන්ධ Y Trend එකක්. Stand-up comedy සීන්කෝන් එක ගැන සුදාලා සමහරවිට දැනටමත් අහලත් ඇති, සමහර live බලාගත් අයත් ඇති.

මේ සීන් එක Y Trend එකක් කියලා අපි කිව්වට, මේක පට්ට පරණ ආතල් එකක්. ඒත් මේ දවස්වල සීන් එක Global වෙලා සැරටම. YouTube සයිබර් හින්දා සීන් එක බොහොම සැරට නැගලා යනවා මචෝ. පැංචන්ට පැංචියන්ට කියන්න, අපේ රටෙත් දැන් නම ගියපු stand-up comedians ලා එක්කෙනෙක් දෙන්නෙක් බිහිවෙලා තියෙනවා. තවත් ගොඩක් දෙනෙක් Try කරනවා.

කොහොම වුණත් මේක වෙනම Subject එකක් මචෝ. ආවට ගියාට මනුස්සයෙක්ව හිනස්සන්න අපිට බෑ. ගොන් ජෝක් කරලා හිනැස්සුවා වුණත්, ඒ හිනාවට වටිනාකමක් දෙන්න අපිට බෑ. නමුත් stand-up comedians ලා ඒක කරනවා සජීවීව ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ. පිස්සු කොරයි ඈ, Stand-up comedy කියන්න කියන්නෙම බ්‍රෝ, කෙනෙක් සභාවක නැගිටල සෘජුවම ප්‍රේක්ෂකයින් අමතමින් සිනහා ගැස්සීම.

සුදාලට කියන්න, දැන් මේක ලෝකයේ විශාල ආදායමක් ලබන්න පුළුවන් වෘත්තියක්. හැබැයි අද නෙවෙයි ඉතිහාසෙත් මේක සුපිරි වෘත්තියක් වුණා හරිය. කවටයා, විකටයා තියෙන චරිතය මිනිස්සු ශිෂ්ටාචාරගත වෙච්ච මුල් කාලයේ ඉඳන්ම අපේ සමාජ ජීවත් වෙලාව තියෙනවා.

මචෝ පස්සේ පන්ති භේදය එක්ක, ධනවතුන් රජවරුන් හිනහවත් මිල කළා. රජ වාසල කවටයො එහෙම බිහිවෙන්නේ අන්න එහෙම. කිරි අප්පට බල්ලා බුරපි, අඩේ එහෙම බැලුවම අපේ අන්දරෙත් Stand-up Comedian කෙනෙක් බොල.
කොහොම වුණත් මේ අපි කතාකරන සීන් කෝන් එකනම් ඇමරිකානු බටහිර ආභාෂයත් එක්ක නිර්මාණය වුණයි කියලා තමයි කියන්නෙ. මචෝ Stump speech කියන සීන් කෝන් එකක් මුල්කාලීන ඇමෙරිකාවේ තිබ්බා කියලා කියනවා. සුදු ජාතිකයෙක් කළු ජාතිකයෙක් වගේ ඇඳගෙන, කළු ජාතිකයන්ගේ නොදියුණු බව විහිළුවට ලක් කරපු එක තමා එතැනදී වෙලා තියෙන්නේ බ්‍රෝ. සමහරක් වෙලාවට දේශපාලන විද්‍යාව වගේ දේවලුත් විහිලුවට ලක්වෙලා තියෙනවා.

සමහරුන්ට අනුව ඔය සීන් කෝන් එකෙන් තමයි තමයි Stand-up comedy ආරම්භ වෙන්නේ සුන්දරා. මේකෙ ආරම්භය ගැන තව කතා ගොඩක් තියෙනවා. 19 වැනි සියවසේ අගභාගයේ සහ 20 වැනි සියවසේ මුල් භාගයේ vaudeville සහ burlesque වගේ නාට්‍ය සම්ප්‍රදායන්ට බලපෑම්, 1911 Nellie Perrier නම් කාන්තාවගෙ වේදිකා ඉදිරිපත් කිරීම්, ෆින්ලේ ඩන් කියන විකට නළුවෙකුගේ වෘත්තීය ජීවිතය.

මේ කතා ඔක්කොම ගලපන්න ගියොත් Stand-up comedy වංශ කතාවේ පුවත්පත් ටීකාව තමා අපිට ලියන්න වෙන්නේ සුන්දරා. ඔයාලා කැමති නම් ගූගල් දෙයියන්ගෙන් අහලා බලන්නකෝ වැඩි විස්තර. 

අද ඉන්න stand-up comedian කෙනෙක්ට තනි වචන පේලියකින් ඔයාව හිනස්සන්න පුළුවන්. නැත්නම් පුංචි කතාවකින් ඔයාව හිනස්සන්න පුළුවන්. මොකක් හරි සමාජ දේශපාලන සිදුවීමක් සම්බන්ධව නිරීක්ෂණයක් ඉදිරිපත් කරල හිනස්සන්න පුළුවන්. ඒ වගේම මේ වැඩේදී මැජික් මැජික් සංගීතය වගේ තවත් ප්‍රාසංගික කලාවන් එකතු කර ගන්නත් stand-up comedians ලාට පුළුවන්.

ඇත්තටම මචෝ මේක ටිකක් සංකීර්ණ වැඩක්.  කාටහරි කෙනෙක්ව හිනස්සන්න හැකියාවක් තියෙනවා නම්, සබකෝලයක් නැත්නම් Stand-up comedian කෙනෙක් වෙන එක අමාරු නෑ. ඒත් ඒ වැඩේ ඇතුළෙ ප්‍රවීණයෙක් ජනප්‍රිය පුද්ගලයෙක් වෙනවා කියලා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ඒකට සහජ හැකියාව වගේම කැපකිරීමක් කරන්නත් වෙනවා.

Stand-up comedian’s වර්තමාන ගැඹුරු සමාජ විවිවරණයන් ඉදිරිපත් කරන මිනිස්සු මචෝ. තව ආකාරයකට කියනවා නම් මෙයාලා සමාජශෝධකයෝ. අපි කිහිප දෙනෙක්ගේ නම් කියන්නම්. George Carlin, Richard Pryor, Robin Williams, Dave Chappelle සුදාලා දැනට මේ අය ගැන හොයලා බලන්න. තව වැඩකාරයෝ ඉන්නවා ඕනතරම්. එතකොට ඔයාලට එයාලවත් හම්බ වෙයි.

මචෝ, ලෝකය පුරා දැන් තියෙනවා හාස්‍ය සමාජ, හාස්‍ය උත්සව වගේ දේවල්. මේ හැමදෙයක්ම බිහිවෙන්නේ Stand-up comedy ලෝකය පුරා Trend වීමත් එක්ක. බාර්, රාත්‍රී සමාජශාලා, කොලේජ් තව ආයතනවල Stand-up comedy Event සංවිධානය වීමේ විශාල වශයෙන් වර්ධනයක් මෑතකාලීනව දකින්න පුළුවන්. අපේ රටෙත් සීන් එක ලාවට තිබුණා වස්තු. ඇමරිකාව යුරෝපය ඕස්ට්‍රේලියාව වගේ මහද්වීපවල Stand-up comedian ලා නිසාම ජනප්‍රිය වුණු අවන්හල්, සමාජ ශාලා පවා තියෙනවා මචෝ. ඇත්තටම මේ සීන් එක එයාලාගේ සමාජවල ලොකු කොටසක්.

දැන් වස්තුව අපේ රට පැත්තටත් එමු, මේක දැන් මෙහෙත් ලොකු Trend එකක්. පහුගිය කාලය වේදිකාවල පොඩි පොඩි විහිළු නාට්ටි කෑලි කරන අය Hit වුණා මතකද? එතකොට ඔය චූටි මල්ලි - පොඩි මල්ලි වගේ චරිත වේදිකාවේ ඉදිරිපත් කිරීම් කරා මතකද? මෙන්න මේ වගේ දේවල් එක්ක තමයි අපේ රටේ Stand-up comedy සීන් එකට අත්තිවාරම වැටුණෙ.

අද වෙනකොට ලෝකෙ තියෙන Trend  එක Follow  කරගෙන සීන් එක උපරිමයට ගෙන්න හදන සෙට් එකක් මෙහෙත් ඉන්නවා. විශේෂයෙන්ම හසලක තුෂාර වගේ චරිත මේ වැඩේ පත්තු කරන්න මූලික වුණා. දැන් මේ අය Stand-up comedy සීන් අපේ රට ඇතුළු නග්ගලා ගන්න Colombo Comedy Central වගේ සීන්කෝන් හදාගෙන උත්සාහ කරනවා.

සයිබර් ඒ වගේම සයිබරයෙන් පිටත සමාජයත් සීන් එකට පොඩ්ඩ පොඩ්ඩ ලව්. පහුගිය කාලේ සිද්ධ වෙච්ච සමාජ පරිවර්තනයනුත් මේකට හේතු වුණා. හසාලට අමතරව තව එක්කෙනා දෙන්නෙක් හිමිහිට ඔලු උස්සගෙන එනවා දැන් අපිට පේනවා. මරු මරු ඔහොම යං මචෝ.

එහෙනම් සුන්දරා මේක වෙන්න ඕනෑ Stand-up comedy සීන් කෝන් එක ගැන ලංකාවේ ලියපු පළවෙනි Article එක. හැමදාමත් අලුත් අලුත් Trend ගැන වෙනම level එකක ආතල් එකක් අපි අරගෙන එනවා ඉතින්. අද යන්න ඉස්සෙල්ලා අනාවැකියක් කියන්නම්. තව ටික දවසයි, බලාගෙන ඉන්න. Stand-up comedy පිස්සුවක් අපේ රටේ ෆෙන්තොලාට හැදෙනවා. එතකොට අපි මේකෙ දෙවැනි කොටස අරගෙන එන්නම්.
එහෙනම් අපි ගියා. ලබන සතියේ හම්බවෙමු.

I නිසල්