2022 දෙසැම්බර් 25 වන ඉරිදා

අවුරුදු දෙකකට පස්සේ නත්තල් සමරනවා... ඉතින් සුබ නත්තලක්- කීර්ති පැස්කුවල්

 2022 දෙසැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 06:00 67

කොවිඩ් උවදුරෙන් වසර දෙකක් පීඩා විඳපු මිනිසුන්ට ඒ උවදුරෙන් ටිකක් අත්මිදිලා නත්තල සමරන්න මේ අවුරුද්දේ හැකිවෙලා තියෙනවා. රටේ ආර්ථික ප්‍රශ්න බොහොමයකට මේ රටේ මිනිසුන් මුහුණ දුන්නා. අදටත් ඒ ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. ඒත්.. මඳ වශයෙන් හෝ කාලයකට පස්සෙ නත්තල සමරන්න හැකි මානසිකත්වයක් හැදිලා තියෙනවා. අද කොයි තරම් බඩු මිල ඉහළ ගියත් තම දරුවන් එක්ක තමන්ට හැකි අයුරින් නත්තල සමරන්න කතෝලික මිනිසුන් උත්සාහ ගන්නවා. ඒ නිසා තමන්ට පුළුවන් විදිහට මේ නත්තල තම දරුවන් එක්ක, නෑදෑ හිතමිතුරන් එක්ක, අසල්වාසීන් එක්ක, මුළු මහත් ජනතාව එක්ක සමරන්න, කවදා හරි දවසක නිදහසේ හුස්ම ගන්න පුළුවන් යහපත් රටක් ලැබේවායි මේ අසිරිමත් නත්තලට මෙන්ම උදාවන අලුත් අවුරුද්දටත් මම සුබ පතනවා. ඔබ සැමට අසිරිමත් නත්තලක් වේවා.