2022 දෙසැම්බර් 25 වන ඉරිදා

දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් උදව් කරමින් නත්තල සමරමු!- අනූෂා දමයන්ති

2022 දෙසැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 06:0040

වසර කිහිපයක්ම හිතේ සැනසීමෙන් අපිට නත්තල සමරන්න අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් මේ වසරේදි මඳ සහනයක් ලැබිලා තියෙන නිසා බොහෝ කතෝලික ජනතාව තමන්ට හැකි අයුරින් නත්තල සමරනවා. සෑම පවුලක්ම සතුටින් සිටීම වැදගත් වෙනවා. ආර්ථික ප්‍රශ්න තවමත් තියෙනවා. නමුත් ඒ ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙමින් ජීවිතේ නැගිටින්න අමාරු අයට අත දෙමින් මේ නත්තල අපි හැමෝම එකට නැගිටින්න උත්සාහ කරමු. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබාගනිමින්, අනෙකාගේ දුක හඳුනාගෙන ඔවුන්ට උදව් කරමින් මේ නත්තල සමරමු.