2022 දෙසැම්බර් 25 වන ඉරිදා

හැමෝගෙම හිතට සැනසීමක් ලැබේවා!- ලෝචනා ඉමාෂි

2022 දෙසැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 06:0044

අපි හැමෝම මේ ගත කරන්නෙ ආර්ථික අපහසුතා බොහොමයක් මැද ගෙවෙන ජීවිතයක්. ආර්ථික ගැටලු බොහොමයකට අපි හැමෝම මුහුණ දෙනවා. පසුගිය අවුරුදු දෙකකට ආසන්න කාලයක් අපි කොවිඩ් වසංගතයට දරුණු විදිහට මුහුණ දුන්නා. තතෝලික බැතිමතුන්ට නත්තලට පල්ලියකට ගොස් යාඥා කරලා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබාගන්න බැරි වුණා. ඉතාමත් සීමිත පිරිසකට පල්ලියට යන්න පුළුවන් වුණත් ඒ වසරවලදි කතෝලික බැතිමතුන්ට තම නිවසේ සිට තම සමීපතමයන් සමඟ දෙවියන් වහන්සේට යාඥා කරන්න සිදු වුණා. ඒ හැම බාධාවක්ම අතහැරලා මෙවර නත්තල සමරන්න යම්කිසි ඉඩක් ලැබිලා තියෙනවා. ඒ නිසා ටිකක් හෝ වැඩියෙන් තියෙන අය නැති බැරි අයට උදව් කරමින් මේ නත්තල සමරන්න සිතමු. රටේ සියලු ජනතාවට හිතට සැනසීමක් ලැබෙන සුබම සුබ නත්තලක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.