2023 පෙබරවාරි 12 වන ඉරිදා

ඩුම් ඩුම් හලෝ... හලෝ... ඒක පිස්සුවක්

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:00 79

මචෝ War එකක් කියලා කියන්නෙ එච්චර සුන්දර දෙයක් නම් නෙවෙයි. ඒත් සුදෝ War එකකට Real Time සහභාගී නොවී ඒක බලාගෙන ඉන්න එකේ වෙන ආතල් එකක් තියනවා මිනිස්සුන්ට. කොහොමත් අපි ආවේ කැලේ ඉදන්නේ. ඒක මානව ස්වභාවයක්.

ඒ නිසම තමා ඔය War Films, War Game වගේ දේවල් පට්ටෙට Market හැදෙන්නෙ. ඔන්න අද අපි කතා කරන්ම යන්නේ Paintball games කියන ලෝක අතිශය ජනප්‍රිය Y Trend එකක් ගැන. මේකත් ඉතින් ඔය ඉස්සෙල්ලා කිව්ව War පිස්සුවට අදාළ දෙයක් වස්තු. Paintball ලංකාවට උණ හැදෙමින් තියෙන්නෙ. ඒ නිසා සුදාලට මේ කතාව වැදගත් වෙයි.

දැන් මුළු ලෝකෙම මේ  Paintball games සෑහෙන්න Trending. මෙතනදි වෙන්නේ සරලවම බොරු තුවක්කුවලින් වෙඩි තියාගන්න එක. ඇත්තටම යුද්ධයකදී, සටනකදී සිද්ධවෙන දේ, මෙතනදී හානියක් නැතිව අත් විඳින්න පුළුවන්. මේක දැන් වෘත්තීය මට්ටමේ ක්‍රීඩාවක් විදියට ජනප්‍රිය වෙමින් තියෙනව ලෝකෙ පුරා. යුද පිටි වගේ සකස් කරපු Paintball games තියන්න පුළුවන් ස්ථාන කිහිපයක් දැන් ලංකාවෙත් තියෙනවා. අපේ සමහර කෙල්ලො කොල්ලො මේකට පිස්සුවෙන් වගේ යනවා අපි දැක්කා.

Sport එකක් විදිහට ගත්තහම පේන්ට්බෝල් කියන්නෙ තරගකාරී කණ්ඩායම් වෙඩි තැබීමේ ක්‍රීඩාවක්. තනි තනිවත් කරන්න බැරි කමක් නෑ. මේ ක්‍රීඩාවේ වෙඩිතැබීම් වලදී උණ්ඩ වෙනුවට යොදා ගන්නේ පහර දීමෙන් කැඩී යන තීන්ත බෝල. මචෝ මේවා ජෙලටින් කරල්. ඉතින් මේ බෝලයක් ඇගේ වැදුන කෙනාව මේ ක්‍රීඩාවෙන් ඉවත් කරනවා. යුද්දෙදී මරුණා වගේ තමා ඉතින්.

මේ Guns ගැන කතා කරොත් සුදා. ඒවා වැඩ කරන්නේ සම්පීඩිත වාතයෙන් හරි කාබන්ඩයොක්සයිඩ් වලින් හරි. යුද භාෂාවෙන් කිව්වොත් මේවා අඩු ශක්ති වායු අවි. දැන් මේ අවි වලත් එක එක වර්ග තියෙනවා වස්තු. සමහරු මේවා ආසාවට එකතු කරනවා. කොහොම වුණත් ඉස්සර නම් මේ ජාතිය ආයුධ භාවිත කරලා ගොවිපොළවල වනාන්තරවල තියෙන්නෙ දුරස්ථව ගස් සහ ගවයින් සලකුණු කිරීම සඳහාය.

මේ සීන්කෝන් එකේ ඉතිහාසය පොඩ්ඩක් හොයලා බැලුවොත් ඇමරිකාව පැත්තට තමා යන්න වෙන්නේ. දැන් බොහොම ජනප්‍රිය, Paintball ආරම්භ වෙලා තියෙන්නේ 80 දශකයේ මුල් භාගයේ. එහෙම බැලුවම ලොකු ඉතිහාසයකුත් නෑ ඉතින්. මේකේ ආරම්භ ගැනත් පට්ට කතාවක් තියෙනවා. අපි කෙටියෙන් කියන්නම් සුදාලට දැනගන්න.

1981 මැයි මාසයේදී ඇමරිකාවේ New Hampshireහි වෝල් වීදියේ දෙන්නෙක් වාදයක පැටලිලා. නාගරික කොටස් වෙළෙන්දෙකු වන Hayes Noel සහ වනාන්තර ආශ්‍රිතව තරුණ කාලේ එක එක ක්‍රියාකකම් කරපු ලේඛයකු වන Charles Gaines කියන පුද්ගලයින් දෙදෙනා අතර තමා මේ විවාද ඇතිවෙලා තියෙන්නෙ. වනාන්තරය ඇසුරේ ජීවත්වෙන පුද්ගලයෙකු සහ නාගරිකයකු අතර තියන සහජබුධිය සම්බන්ධව මෙයාලා තර්ක කරලා.

කොහොම හරි විවාද ඉවර වෙලා තියෙන්නෙ අර ගොපල්ලව තියන තුවක්කු කිහිපයක් සල්ලි දීලා අරගෙන ඇත්ටම සෙල්ලමක් කරලා බලලා. මිනිස්සු 10ක් සෙට් වෙලා තමා පළවෙනි වතාවට වැඩේ කරලා තියෙන්නේ. ගැටුම සමථයකට පත්වෙලා. ඉතින් අවසානෙ බලද්දී මෙයාලම අලුත් ක්‍රීඩාවකුත් නිර්මාණය කරලා.

දැන්නම් ඉතින් මේක හිතාගන්න බැරිතරම් සංකීර්ණ පරාසයා පැතිර යන ක්‍රීඩාවක්. ඒ වගේම විශාල වශයෙන් සල්ලි හොයන්න පුළුවන් සීන්කෝන් එකක්. මේ ක්‍රීඩාව ඇතුළෙ තව තව අංශ විශාල ප්‍රමාණයක් තියෙනව. ඒ වගේම එක එක ඉසව් විශාල ප්‍රමාණයක් තියනවා. උදාහරණයක් කිව්වොත් Elimination or Slayer, Capture the Flag, Center Flag, King of the Hill වගේ ඉසව් විශාල ප්‍රමාණයක් අද වෙනකොට දැකගන්න පුළුවන්.

මේ වෙනකොට ජනප්‍රිය Films එහෙම පාදක කරගෙන මේ ක්‍රීඩාව අලුත් වෙනවා මචෝ. Vampire, Predator, Terminator, Zombie වගේ Event සංවිධානය වීම ඒකට හොඳ උදාහරණයක්. අති දැවැන්ත තරගාවලි එහෙමත් Paintball සීන් එකේ දැන් තියෙනවා. අවි ආයුධ යුද්ධ සීන් එකේ ලොකුවටම ඉන්න ඇමරිකාවේ තමා මේ තරගාවලිය වැඩිපුරම සංවිධානය වෙන්නෙ.

The NXL World Cup තමා දැනට තියෙන ලොකු තරගාවලිය. මේක ලෝකෙ වටේම වෘත්තීය ක්‍රීඩකයෝ එනවා. ඊළඟට EPBF European Championship එක. ඒක තියෙන්නේ යුරෝපේ. SARPL Super Cup, Star Series Frostbite Open, Nordic Paintball Championship මේ වගේ තව ගොඩක් Competition ලෝකෙ පුරා තියෙනවා. ලංකාවේ එකක් දැක් පැවැත්වෙනවා ලාවට වගේ. කොහොම වුණත් සුපිරියට වියදම් කරල සුපිරි ආතල් එක ගන්න පුළුවන් ක්‍රීඩාවක් බවට මේක දැන් පත්වෙලා ඉවරයි.

මෑතකාලීනව මේ සීන්කෝන් හිතාගන්න බැරි විදිහට Trend වෙන්න තව ලොකු හේතුවක් තියෙනවා. ඒ තමා Online Games. මේ වෙනකොට මුළු ලෝකය සෙල්ලම් කරන Gun Game විශාල ප්‍රමාණයක් තියනවා. ඔය PUBG වගේ Game ගැන සුදාලා දන්නවා. මේ ගේම් නිසා සටන් අත්දැකීම් ඇත්තටම ලබන්න ගොඩක් තරුණ තරුණියෝ තුළ ලොකු ආසාවක් ඇතිවෙලා.

ඒ නිසාම Online Game මිතුරු සාමජ මේ Paintball එක Try කරනවා. හැබයි ඉතින් Online වගේමේ නෙවෙයි මේක ටිකක් අමාරුයි. ආරක්ෂා ගැන හිතන්න ඕනෑ. අවදානමක් නැත්තෙමත් නෑ. නීති රීති තියනවා. හමුදා පුහුණු තියන අය තමා මේ ක්‍රීඩාව ගොඩක් වෙලාවට මෙහෙය වෙන්නේ.

කොහොම වුණත් අවසානෙ කියන්න ඕනෑ දේ තමා මචෝ, මානව වර්ගයා තුළ සැබෑ ලෙස සහභාගී නොවී ප්‍රචණ්ඩත්වය අත්විඳින්න ලොකු ආශාවක් තියනවා. Paintball කියන්නේ ඒ ආශාව හඳුනාගෙන Market එක හදාගත්තු සීන් එකක්. ලංකාවේත් මේක දැන් නැගලා යනවා. හැබැයි අතමිට කාසී පනම් තියන තාරුණ්‍යය අතර තමා මේක තියෙන්නෙ. කොහොම වුණත් යුද්ධ සීන් එක ඇගේ තියන අපේ අයට ඉස්සරහට Paintball පිස්සුවක් වෙයි අනිවා.

I නිසල්