2023 පෙබරවාරි 12 වන ඉරිදා

ප්‍රේමයක් හොයාගෙන ගිය ගමනට සංගීතයත්

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:00 55

පසුගිය සතියේ අමුතු චරිත හරහා බොබ් මාර්ලිගේ උපන් දිනය ගැන අපි අරගෙන ආපු කතාව එක්ක විශේෂ පුවතක් අපිට දැනගන්න ලැබුණා. ඒ පුවතින් කියැවුනේ ඈත යුරෝපයේ සීත ස්වීඩනයේ ජීවත්වෙන ලාංකික කලාකරුවෙක් නිර්මාණය කරපු ගීතයක් ගැන. පහුගිය පෙබරවාරි 06 වැනිදා බොබ් මාර්ලිගේ ජන්ම දිනය වෙනුවෙන් තමා ඔහු මේ ගීතය නිර්මාණය කරලා තියෙන්නේ.

ඉතින් අපි හිතුවා මේ ගීතය ගැන සහ මේ නිර්මාණය ගැන අමුතු චරිත හරහා අද කතා කරන්න. මේ කලාකරුවාගේ නම චුල්ල භක්තික. නම ටික වෙනස් වගේ දැනෙනවා නේද? ඔව් ඔහු ඇත්තම තරමක් වෙනස් විදිහට හිතන පතන කෙනෙක්. රෙගේ සංගීත සහ බුදුදහම සහ පරිසරයට දැඩිව අලුම් කරන චරිතයක්.

ස්වීඩනයට යන්න කලින් ඔහු ලංකාවේ සංගීත කණ්ඩායම් කිහිපයකම ඉංග්‍රීසි ගීත ගැයුවා. විශේෂයෙන්ම රෙගේ සංගීතයට ඔහු තුළ තිබුණ විශේෂ ඇල්මක්. ඔහු බේරුවල මොරගල්ල වෙරළකරේ තරුණයෙක්. සංගීතය වගේම සංචාරක කර්මාන්තයත් ඒ කාලේ ඔහුට විෂය වුණා.

ස්වීඩන් ප්‍රේමයක් තමා ඔහුව ඈත යුරෝපයට අරගෙන ගියේ. මේ ගමන ස්වීඩනයේ අපූරු සංගීත චාරිකාවක් යන්න ඔහුට අවස්ථාවක් වුණා. ස්වීඩන් ප්‍රේමයත් ඔහුට මේ ගමන යන්න අත්වැලක් වුණා. තවත් බොහෝදෙනා උදව් කළා. කොහොම වුණත් ඒ කටයුතු හිතපු තරම් පහසු වුණේ නෑ.

ස්වීඩනයේ මුල්ම අභියෝගය වුණේ භාෂාව. වසර තුනහමාරක් කාලයක් ඇතුළත චුල්ල භක්තික ඒ රටේ භාෂාව හොඳින් ඉගෙනගත්තා. පස්සේ කාලේක ස්වීඩනයේ තියෙන “Auris” නම් සංගීත භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයේ සේවයට බැඳුණා. ඇත්තට චුල්ල භක්තිකට ස්විඩනයට යන්න මග පෑදුවෙත් සංගීතමයි. ඒ නිසා ඔහු සංගීත කටයුතු අතහැරියේ නෑ.

ගහට ගහක් මොරටුවේදී හම්බවෙනව වගේ සංගීත ජීවිතය කරගත්තු සහෘදයෝ ස්වීඩනයේදී මුණගැසුණා. ලංකාවේදී වගේ අනුන්ගේ ගී ගයලා ස්විට්සර්ලන්තයේදී ගායකයෙක් වෙන්න බැරි බව මේ කලේ චුල්ල අවබෝධ කරගෙන හිටියේ. ඒ නිසාම තමන්ගේ නිර්මාණය කරන්න ඔහු පෙළඹුණා.

ස්වීඩනයේ හුදකලාවේ තමන්ගේම සංගීත සංකල්පනාවලට ඔහු පද ඇමිණුවා. ඒකත් පහසු කටයුත්තක් වුණේ නෑ. නොපසුබට උත්සාහ ඇතුෙළ් ඔහු හැමදේම ඉගෙන ගත්තා. මුලින්ම ලිව්වේ “ජීවිතේ මේ සුන්දරයි කියන ගීතය. ඒකට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඊටපස්සේ තවත් ගීත එකොළහක් එකතුකරලා චුල්ල ගීත ඇල්බමයක් නිර්මාණය කළා. ඒ ඇල්බමයේ නම වුණේ “සිංහයෝ අපි''

මේ වෙද්දී තවත් ගීත නිර්මාණය රැසක් චුල්ල අතින් නිර්මාණය වෙලා තියනවා. මේ කාලය ඇතුළත බුදුදහම එක්ක ආධ්‍යාත්මික බැඳීම තරවෙද්දී ඔහුගේ නිර්මාණවල වස්තු විෂයන් පවා ගත්තේ වෙනස්ම මගක්. බුදු ගුණ, රාවණා රජු, සමන් දෙවියන් ගැන පවා ඔහු ගීයෙන් ගැයුවා. මේ සියල අතරේම රෙගේ ගීයට බොබ් මාර්ලි තිබුණ ආදරය යන්තම්වත් ඔහු කෙරෙන් අඩු වුණේ නෑ.

වසරකට වරක් දෙවරක් ලංකාවට එන ඔහු ලංකාවේ ප්‍රසංගවලටත් සහභාගි වෙන්න අමතක කරන්නෙ නෑ. පහුගිය වසරවල ලංකාවේදී විදේශීය සංගීත කණ්ඩායම සමඟ පවා ඔහු ගීත ගායනා කළා. ස්විට්සර්ලන්තදීත් තම හිතමිතුරු සංගීත සහෘදයන් සමඟ චුල්ල භක්තික ප්‍රසංග සඳහා සහභාගි වෙනවා.

මේ අපූරු කලාකරුවාගේ හැඩයන්ට විශ්වාසයන්ට ලෝකයේ වෙනත් භූමියක වටිනාකම් ලැබෙමින් තියෙනවා. චුල්ල භාවනාවට සහ පෙරදිග ආධ්‍යාත්මික ක්‍රියාවාලීන්ට විශේෂ නැඹුරුවක් සහිතව තමා කටයුතු කරන්නෙ. ඇත්තටම ඔහු අමුතු චරිතයක්.
පහුගියදා බොබ් මාර්ලිගේ 78 වැනි ජන්ම දිනය වෙනුවෙන් නිර්මාණය වුණ චුල්ල භක්තිකගේ ''ජමෙයිකාවේ සිංහ නාදේ'' ගීතය ලංකාවේ ගුවන්විදුලි මාධ්‍ය ආයත කිහිපයක් හරහා විකාශ වුණා. මේ ගීතයෙන් බොබ් මාර්ලිගේ මානවාදී සංගීත භාෂාව ගැන කතා කරනවා.

''ජැමෙයිකාවේ විප්ලව නාමේ බොබ් මාර්ලී බොබ් මාර්ලී
රෙගේ ගීයේ අමර නාමේ ජමෙයිකාවේ...''

ෙසාබාදහම පරිසරය බුදු දහම රස්තෆාරියානු සංගීතය මේ සියල්ල එකට මුසු අමුතු චරිතයක් ඔහු. මුහුණු පොතේ පොතේදී සයිබර් අවකාශයේදී ඔහුව සොයා යන්න ඔබට පුළුවන්. අපූරු කලා කරමේ අපූරු කලාකරුවාගේ අලුත්ම ගීතය රසවිඳින්න කියලා අවසානයේ අපි ඔබට ආරාධනා කරනවා.

I නිසල්