2023 පෙබරවාරි 12 වන ඉරිදා

හිත නැවතුණ තැන්

2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:0071

එකෝමත් එක සංසාර කතාවක්
ලියන්න ද මං
ආදරය තවරලා හැමතැනම 
නිවාලනු පිණිස මා
පෙරවදන් අවැසි නැත...

සෙනසුනක කුසුම් මත
ආදරයේ රෝස මල
තියන්නද මං 
තවරලා හැම සුවඳක්ම
මගේ හුස්මක් ගාණේ
දැනෙන්නෙම ඒ සුවඳ...

ගයන්න ද ගීතයක්
රෑහී හඬලන රෑක
දුරින් හිටියත් මොකද
ඇහෙනවානම් ඔබට 
අනේ මං කියන්නෙම 
කිසිවක්ම අවැසි නැත
ආදරය හැරෙන්නට...

ඔබ නැතුව සංසාර 
ගමන් මඟ සරන්නට 
කියා දෙනවද ඉතින් 
නොරිදෙන්න මගේ හිත
මම දන්නෙ මෙච්චරයි
මගෙ මැණික හැමදාම 
ගන්න හුස්මක් ගාණේ
ආදරෙයි ඔබට මම.....