ඔන්න මචෝ අද Y Trend එක TikTok ඒකේ සීන් කෝන් ටිකක් ගැන. අපි කාලෙකට කලිනුත් TikTok Trends ගැන කතාකරලා තියෙනවා වස්තු. සමහරක් විට අපේ සුදාලට මතකත් ඇති. ඒත් එදාට වඩා අද තත්ත්වය වෙනස්. දැන් ලංකාවෙ TikTok කියන්නෙ මාරම Powerful Social Media Platform එකක්.
ඒක කවදහරි වෙනවා කියලා අපි එදා කිව්වා. ඔන්න ඒ නිසාම තමයි දැන් ලංකාවෙ TikTok වල Trending වන අමුතු දේවල් ගැන වස්තුලා එක්ක චැටක් දාන්න හිතුවේ. මේක ටිකක් සීරියස් කතාවක් වෙන්නත් පුළුවන්. එහෙනම් මුලින්ම සමාවෙන්න කියනවා. ඒත් අපිට මේක මඟහැරලා යන්න බෑ වස්තු.
මේ දවස්වල ලංකාවේ TikTok වල උපදේශනය සෑහෙන්න නැගලා යනවා. සීන් එකේ නැති අයට එහෙම කිව්වට අවුල් නේද? මේකයි මචෝ සීන් එක. ජීවිතය ගැන, ආදරය ගැන, ජීවිතය ජයගන්න විදිහ ගැන, මාර උපදෙස් දෙන සෙටාර් එකක් ලංකාවේ TikTok වල ඉන්නවා. හැබැයි අති බහුතරයක් හද්ද ගොං බයි ටෝක් තමා තියෙන්නෙ.
ඒත් මේ අතර සිරාවටම වැදගත් දේවල් කියන අයත් ඉන්නවා. ජීවිතය ආදරය වගේ මාතෘකා ගැන වගේම දේශපාලනය ආර්ථිකය ගැනත් ඉතාම හොඳ පැහැදිලි කිරීම් TikTok වල තියෙනවා. මෙහෙම කිව්වම සීන් එකේ නැති සුදාලා පුදුම වෙයි. ඒත් මේ වගේ දේවල් ගැන Short Contents දැන් ටික්ටොක් එකේ සෑහෙන්න දැකගන්න පුළුවන්. මේක මචෝ ලංකාවෙ TikTok වෙච්ච ලොකු වෙනස්කමක්.
කොහොම වුණත් TikTok පොර Talk වලට විශාල වශයෙන් ප්‍රතිචාර ලැබෙන්න පටන් ගැනීමත් එක්ක මරු මරු සීන් වෙනවා මචෝ. සමහරු මේක හරිම සිල්ලර විදිහට බාල විදිහට කරනවා. කුණුහරුප කියන, සිඟිති පාතාල ඕක දෙන අයත් පොරවල් වෙලා. ඕක තමා Social Media අවුල. මේවා ඇතුළේ ඕනම අදහසක් ප්‍රකාශයට පත් කරන්න තියෙන නිදහස නිසා වෙලාවකට වැරදි තැන්වලට මිනිස්සු ඇදෙනවා.
කොහොම වුණත් මේ වෙනකොට TikTok කියලා කියන්නෙ සින්දු කෑල්ලට ඩාන්ස් එකක් දාන සීන් එකක් විතරක් නෙවෙයි. මේක ඇතුළේ එක එක ජාතියේ චරිත එක එක දේවල් කරනවා. විශේෂයෙන්ම මේ වෙනකොට ලංකාවේ තමන්ගේ බිස්නස් Promote කරගන්න හොඳම Platform එක වෙලා තියෙන්නෙ TikTok. ෆේස්බුක් යූටියුබ් තැන්වල ලේසියෙන් ෆෑන් බේස් එකක් හදාගන්න බෑ මචෝ. ඒත් TikTok Short Video ඔස්සේ ඒක බොහොම ලේසියෙන් කරගන්න පුළුවන්.
මේ බිස්නස් සීන් එක ගැන සරල උදාහරණ ටිකක් අපි සුදාලාට කියන්නම්. දැන් ඔන්න හිතන්න කවුරුහරි බලු පැටව් විකුණන්න හදනවා කියලා. හරිම සරලයි බලු පැටවුන්ගේ පුංචි වීඩියෝ එකක් දාලා ඒකට ගැලපෙන හෑෂ් ටැග් ටික දැම්ම ඒ වැඩේ වුණා වගේ තමා. ඇත්තටම මූණේ ගාන ක්‍රීම් ජාතිවල ඉඳන් හාල්, පරිප්පු දක්වා ඕනේ නම් මේකේ විකුණන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේසන් බාස් කෙනෙක්ට, වඩු බාස් කෙනෙක්ට, යකැදුරෙක්ට වුණත් ටික් ටොක් එකේ පොරක් වෙන්න පුළුවන්. කරන්න තියෙන්නේ තමන් වැඩ කරන විදිහය ගැන Creative Video කෑලි දිගින් දිගටම දාන එක විතරයි.
ටික් ටොක්වලින් තමන්ගෙ රෑපවාහිනී වැඩසටහන් ටෙලිනාට්‍ය පවා ප්‍රසිද්ධ කරගන්න දැන් ලංකාව රෑපවාහිනී නාලිකා උත්සාහ කරනවා. ඒක නම් මචෝ පට්ට සීන් එකක්. ලෝක ප්‍රබලතාව මාධ්‍ය විදිහට හිටපු ටෙලිවිෂන් එකක් දැන් TikTok එකෙන් යැපෙන මට්ටමට පත්වෙලා. මුල ඉඳන්ම ගායක ගායිකාවෝ නළු නිළියෝ මේ platform එක හරහා තමන්ගේ image එක හදාගන්න උත්සාහ කළා. දැන් ඒ අය තමන්ගේ බිස්නස් එකක් එකෙන්ම කරගන්න උත්සාහ කරනවා.
හැබැයි ඉතින් මචෝ TikTok එක්ක වෙනස්ම පැත්තකට කැරකෙනකොට, ඒකෙ නරක පැත්තත් එන්න එන්නම වැඩිවෙලා තියෙනවා. මේක වෙලාවකට කොහොමටවත්ම පොඩි දරුවන්ට නොගැලපෙන සමාජ මාධ්‍යයක්. ඉතාම අසභ්‍ය අසීලාචාර සහ සමාජ විරෝධී දේවල් මේ ඔස්සේ ප්‍රසිද්ධ වෙන අවස්ථා අපිට දැකබලා ගන්න පුළුවන්. සමහරු දරුවන්වත් මේ සඳහා යොදා ගන්නවා.
හරියටම බැලුවොත් මචෝ TikTok කියලා කියන්නේ එක්තරා මානසික තත්ත්වයක්. ඒක අනිත් ඔක්කොම සමාජ මාධ්‍යයන් වලට වඩා ඇබ්බැහිවනසුලු සමාජ මාධ්‍යයක් මචෝ. පුංචි පුංචි වීඩියෝ කෑලි එකිනෙකට වෙනස් දේවල් දිගින් දිගටම හම්බ වෙද්දී ඒකෙන් ගැලවිලා යන්න නරඹන්නෙක්ට බෑ මචෝ. කාලය ගතවෙනවා තේරෙන්නෙ නෑ. ඒ නිසාම පිරිසක් මේක බලන්න පිස්සුවෙන් වගේ ඇබ්බැහිවෙලා ඉන්නවා අද අපේ ලංකාවේ.
අනෙක් පිරිස තමයි TikTok කරන සමහරු. Like, Comment, Views හරියට එයාලට drugs වගේ. ඒවා හොය හොයා එක එක දේවල් කරනවා. සමහරක් විට කළ යුතු නොකළ යුතු දේවල් තේරුම් ගන්න බැරි තත්ත්වයකට මේ අයහපත් වෙනවා. ඒ නිසා තමයි අර අපි කලින් කිව්ව සමාජ විරෝධී අසීලාචාර ගොඩක් දේවල් මේ TikTok ඇතුළෙ Trend වෙන්නෙ. අලුතින් නිර්මාණය වෙන Y Trends වේගෙන්ම වැළඳගන්න සමාජ කණ්ඩායම ඉන්නෙත් ටික් ටොක්වල.
ඇත්තම කතාව මචෝ දැන් ලංකාවේ අවුරුදු 24න් පහළ Generation දෙකේ ප්‍රධානම social media platform එක TikTok. විනෝදාස්වාදය විතරක් නෙවේ තමන්ගේ සියළුම අවශ්‍යතා එය හරහා පිරිමසා ගන්න මේ පරම්පරාව පෙළගැසෙමින් ඉන්නවා. සමහරු මේ භාවිතාව ඇතුළෙ සමාජ දේශපාලන වශයෙන් මොට වෙනවා මචී. අපි මුලින් කිව්වා වාගේ හොඳ දේවලුත් මේකේ ඇතුළේ නැතුව නෙවෙයි. ඒත් වැරදි දේවල් වැළඳගන්න පිරිස තමයි වැඩි.
රට සමාජයේ එන්න එන්න බුද්ධිමත් වෙනවා, තාරුණ්‍යය හෙට රට බාරගන්න ලෑස්තියි. ඒ වගේ ලොකු ලොකු ටෝක් අපිට දැන් නිතර ඇහෙනවා. ඒත් මචෝ ටික් ටොක් පැත්තට ගිහිල්ල දෙපාරක් තුන්පාරක් කැරකිල්ල ආවොත් ඔලුව මඤ්ඤං වෙනවා. මේක සිරා කතාවක් අද පොඩ්ඩක් සීරියස් කිව්වා. සුදාලත් හොයලා බලන්න. ඕනම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නෑ. ආතල් සීන් එකෙන් ලබන සතිෙය් හම්බ වෙමු.
I නිසල්