2023 අප්‍රේල් 09 වන ඉරිදා

කම්බිලි සිනමා වියමනේ සමාරම්භය සනිටුහන් වූ දා...

 2023 අප්‍රේල් 09 වන ඉරිදා, පෙ.ව. 06:00 315

නොහිම් ආශිර්වාද වෑහෙද්දී කම්බිලි සිනමා සිත්තමේ මුහුරත් උළෙල ඉකුත් දවසක බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණි. Ya Yu Entertainment වෙතින් නිර්මාණය වෙන කම්බිලි සිනමා වියමනට ප්‍රස්තුත වී ඇත්තේ ගම්බද පරිසරය මූලිකව වත්මනෙහි රටේ පවතින ව්‍යසනයක මුහුණුවරයි. ත්‍රාසය, භීතිය සහ ආදරය සම්මිශ්‍රණය වූ නැවුම් සිනමාමය අත්දැකීමක් ප්‍රේක්ෂකයා වෙත තිළිණ කිරීම කම්බිලි සිනමා රූපකාරකයේ අරමුණයි. 

දශක එකහමාරකට ආසන්න කාලයක් මාධ්‍යවේදියෙකු ලෙස මාධ්‍ය ක්ෂේත්‍රය තුළ හා රූප රචනා අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම වෙළෙඳ දැන්වීම් අධ්‍යක්ෂකවරයෙක් ලෙස කලා ක්ෂේත්‍රයේ කටයුතු කළ ප්‍රසාද් කළුපහනගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන කම්බිලි චිත්‍රපටයට බිමල් ජයකොඩි, අමිල කරුණානායක, නෙත්මි රොෂෙල්, නීටා ප්‍රනාන්දු, ධර්මප්‍රිය ඩයස්, සනත් ගුණතිලක, සුජානි මේනකා, සමන් කෝරළගේ, දේව් සුරේන්ද්‍ර, අංජන ප්‍රේමරත්න, ජනිත රූපසිංහ ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් රංගනයෙන් දායක වී ඇත.

අධ්‍යක්ෂණය - ප්‍රසාද් කළුපහන, තිර රචනය - නිදුක් මදුෂික, කැමරාකරණය - පුෂ්පිත නිර්මාල්, සංගීතය - දිල්ෂාන් එල්. සිල්වා, වේෂ නිරූපණය - සුපුන් ස්ටේන්වෝල්, වර්ණ සංයෝජනය - ආනන්ද බණ්ඩාර, කලා අධ්‍යක්ෂණය හා ඇඳුම් නිර්මාණකරණය - සංජීව කරුණාරත්න, නිෂ්පාදන කළමනාකරණය - සංඛ බණ්ඩාර, සහාය අධ්‍යක්ෂණය - සඳුනි ජයපත්ම, දෙවැනි සහාය අධ්‍යක්ෂණය - චාපා පෙරේරා, සහාය ඇඳුම් නිර්මාණය - වරුණි පතිරණ ඒ කම්බිලි තිරය පිටුපස මහන්සියෙන් අයිතිකරුවන්ය.

සිංහල සිනමා පුස්තකයේ සොඳුරු පරිච්ඡේදයක් ලියන්නට 'කම්බිලි' සිනමා වියමනට හැකි වේවා!

ඒ හදසර ආදරණීය ප්‍රාර්ථනාවයි! 

I සංජු