2023 අප්‍රේල් 23 වන ඉරිදා

නැගලම යන කෝච්චි පිස්සෝ

 2023 අප්‍රේල් 23 වන ඉරිදා, පෙ.ව. 05:59 47

මචෝ ලෝකෙ එක එක ජාතියෙ පිස්සු සීන් තියෙනවා. ඒ අතරින් මිනිස්සුන්ට වාහන ගැන තියෙන පිස්සු නම් පට්ට ආතල් සීන් එකක් සුදාලට මතක ඇති අපි කාලෙකට කලින්, බස් පිස්සුව ගැන, ලොකු බයික් පිස්සුව ගැන, පොඩි බයික් පිස්සුව, පුට් බයික් පිස්සුව, වාහන මොඩිෆයි පිස්සුව වගේ සීන් ගැන කතා කළා. ඇත්තටම අද මේ කතා කරන්න යන්නේ ඒ ජාතියේම සීන් එකක් තමා.

හැබැයි මේ කතාව ටිකක් දිගයි, ලොකුයි.  මේ කතාව අවසානේ ''අඩේ මේ ජාතිය ඩයල් ඉන්නවද කියලා'' අපේ වස්තුලට හිතෙන්න පුළුවන්. ඉතිං මචෝ අද Y Trend එක ''කෝච්චි පිස්සුව'' ගැන. හා හා මේ ගැන දන්න අය ටික දෙනෙකුත් ඇති. ඒත් සීන් එක කිව්වම මඤ්ඤං වෙන අයට මුල ඉඳන්ම වැඩේ පැහැදිලි කරන්නම් හරිය.

Full අන්දොස් නේද? ඔයාලා එහෙම සීන් කෝන් එකක් ගැන අහලා නැතුවත් ඇති. කෝච්චිවලට පිස්සු වැටිලා ඇයි කෝච්චියක් සල්ලිවලට අරගන්නද? හෝව් හෝව්. සිරාවටම පිස්සු සීන් එකක් තියෙනවා මචෝ. වාහන පිස්සුව තියෙන අයට, වාහනයක ජාතිය ආගම කුලය ගෝත්‍රය හැම එකක්ම කියන්න පුළුවන්නෙ. අපේ වස්තුලා අතරත් ඇති එහෙමය. විශ්වාස කරන්න, මේ අපි කියන කෝච්චි පිස්සුව තියෙන අයටත් ලංකාවෙ තියෙන කෝච්චිවල ආගම ජාතිය කුලය ගෝත්‍රය හැම එකක්ම කියන්න පුළුවන්. මේවල කෝච්චිවල සම්පූර්ණ පැටිකිරිය දන්නවා. In detail තොරතුරු සොයන එක මෙයාලට තියෙන පිස්සුවක්.

සාමාන්‍යයෙන් කෝච්චිවල යන අය අතර පොඩි Cultural සීන් කෝන් එකක් තියෙනවා. සුදාලා කෝච්චිවල බහින මේ සෙට් ගැන කතා ඔයාලා අහලත් ඇති. මෙයාලා කෝච්චි බදු අරගෙන වගේ යන අය. මේ අය කන්නේ බොන්නේ අඳින්නේ පළඳින්නේ ඕපදූප කථා කරන්නේ උපන්දින සමරන්නේ, අවුරුදු උත්සව තියන්නේ, ඔමි අතක්, බූරු අතක් ගහන්නේ කෝච්චියෙම තමා. ඉතින් මචෝ මෙන්න මේ අය අතරින්ම තමා අපි මේ කතා කරන ''කෝච්චි පිස්සෝ'' නිර්මාණය වෙලා තියෙන්නෙ.

මීට කාලෙකට කලින්  පොතපත කියවලා විස්තර හොයාගෙන කෝච්චි ගැන දේවල් දැන කියාගත්ත පිරිසක් හිටියා. එයාලා මේ සීන් එකේ legend ලා. ලංකාවේ හිටපු ඉහළ පරිපාලන නිලධාරීකුගේ වගේ අයගේ නම් මේ legendary  සීන් එකේ කියැවුණා. ඇත්තටම මචෝ, එයාලටත් ඒ කාලේ ඉඳන් තිබුණේ කෝච්චි පිස්සුවක් තමා. හැබැයි මෙහෙම අය හිටියේ ඉතාම සීමිත පිරිසයිනෙ, ඒ නිසාම වැඩි ඉස්මතු වුණේ නෑ.

ඒත් අන්තර්ජාලයේ පැමිණීමත් එක්ක පත්තු එය වෙනස් වුණා. තොරතුරු සුලබ වෙන එක මචෝ මේ වගේ Hobby එකක් නැගලා යන්න ලොකු හේතුවක්. ඉස්සර කෝච්චි පිස්සුව තියෙන අයව හරියට හොයාගන්න බැරි වුණා. ඒ වගේම කෝච්චිවලට ආසා කළත්, සමහරුන්ට විස්තර හොයාගන්න බැරි වුණා.

දැන් අන්තර් ජංජාලෙ සහ Social Media නිසා මේ දෙකම හරිම සරලව කරන්න පුළුවන්. ඇත්තටම මචෝ මේ සීන්කෝන් Y Trend එකක් විදිහට අපි හඳුනගන්නෙ Social Media Platforms ඇතුළේ. ගොඩක් Yong Generation මේ සීන් එකට සෙට්වෙලා ඉන්න එක ඇත්තටම සිරාවට පට්ට මචෝ. මේක එයාලා බහුතරයකගේ විනෝදාංශය.

දැන් ෆේස් බුකිය ඇතුළේ Groups සැලකිය යුතු ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා මේ කෝච්චි පිස්සුව වෙනුවෙන්. ලංකාවේ දැනට භාවිත වන කෝච්චිවල විස්තර සෑහෙන්න පුංචිකෝච්චි පිස්සෝ මේ ගෲප් හරහා හුවමාරු කරගන්නවා මචෝ. ඉස්සර ඉඳන්ම මේ පිස්සුව තිබුණු, සීනියර්ස්ලා සෙට් එකත් දැන් මේ ගෲප්වලට බැහැලා ඉන්නවා. එයාලා ලෝබ නැතුව තමන්ගේ Knowledge එක Share කරනවා. මේ නිසා මචෝ මේ මේ සීන්කෝන් එක තවත් හැඩවෙලා.

මේ අතර තවත් එක එක ජාතියෙ වැඩකිඩ දාන අය ඉන්නවා. ළඟදි කෙනෙක් ලංකාවේ අපේ කෝච්චිවල අනුරුව නිර්මාණය කරල තිබුණ හරිම ලස්සනට. තව සමහරු ඉන්නවා මචෝ සමරු සටහන් විදිහට කොච්චිවලට අදාළ එක එක දේවල් එකතු කරනවා. ඇත්තටම කෝච්චි ගැන විතරක් නෙවෙයි ලංකාවෙ තියෙන දුම්රිය නැවතුම් පොළවල් ගැන පවා මේ සීන් එකේ ඉන්න අයට ලොකු දැනුමක් තියෙනවා සුදෝ.

ඇත්තටම මෙහෙම වෙන්න හේතුව ''කෝච්චි පිස්සන්ට'' කෝච්චිවලට සම්බන්ධව තියෙන අසීමාන්තික ආදරය. එය ආදරේ කොච්චරද කියලා කියනවනම් කවුරුහරි කෝච්චියකට හානියක් කරනවා නම් මේවා මා ඉවසන්නේ නෑ. බනින්න, බැරිනම් ෆොටෝ එකක් දාලා හරි බුකියේ දානවා. දුම්රිය මගීන්ගේ අයිතිවාසිකම් ගැන විතරක් නෙවෙයි, යකඩ ගොඩවල් වගේ සමහරුන්ට පේන කෝච්චි රැක ගැනීම වෙනුවෙන් මේ සෙට් එක පෙනී ඉන්න මචෝ.

මෙයාගේ මේ හැසිරීම්වලට ඕනෑතරම් සාක්ෂි දැන් Social media platforms ඇතුළෙ හොයාගන්න පුළුවන්. ''දුම්රිය මගීන්ගේ නිල සමූහය'' කියලා අතිශය ක්‍රියාකාරී FB Group එකක් තියෙනවා. එක්ලක්ෂ පනස්දාහක විතර පිරිසක් මේකෙ ඉන්නෝ. කෝච්චි පිස්සෝ තමයි මේක Hyperactive වෙලා ඉන්නෙ. බුකිය පැත්තේ කරක් ගැහුවොත් ''ශ්‍රී ලංකා දුම්රිය ලෝලීන්ගේ සහෝදර එකමුතුව'', ''ශ්‍රී ලංකා දුම්රිය සඟරාව'', ''කෝච්චි පිස්සුව'' වගේ සෑහෙන්න Groups, Page ප්‍රමාණයක් හොයාගන්න පුළුවන්.

සිරාවට මේක පට්ට Trend එකක් බවට පත්වෙමින් තියෙන බව පේනවා මචෝ. දවස ගානෙ දහස් ගණනින් දෙනවා මේ සීන් එකට ඇඩික්ට් වෙනවා. විශේෂයෙන්ම තරුණ කොටස් මේකට එකතු වීම නිසා බුකිය මේ ගැන පොඩි රුල්ලක් ඇතිවෙලා. ඉතින් කොහොම වුණත් මචෝ මේවා නම් ආතල් වැඩ. කාටවත් කරදරයක් නෑ. සුපිරි විනෝදාංශයක්. අවසානේ කෝච්චි පිස්සොන්ට අපේ Respect එක.

I නිසල්