වාණිජ සිනමාව සහ කලාත්මක සිනමාව අතර රේඛාව සටහන් කළ ශ්‍රී ලාංකික සිනමාවේ පියා ලෙස සැලකෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතා තම නිර්මාණාත්මක දිවියට සදාකාලික විරාමයක් තබා පස් වසරක් ගෙවුණේ පසුගිය අප්‍රේල් 28 වැනිදාටය.
1951 එංගලන්තයේදී සොලිලොකි නම් කෙටි චිත්‍රපටය නිර්මාණය කරමින් තම නිර්මාණ යාත්‍රාව දියත් කළ ආචාර්ය පීරිස් 1956 සිට 2006 දක්වා වසර පනහක් තුළ චිත්‍රපට 20ක් ලොවට දායාද කළේය. ලොව විශිෂ්ටතම සිනමාවේදීන් අතරින් එක් අයෙක් වූ ඔහු දෙස් විදෙස් සම්මාන රැසකට හිමිකම් කීවේය. 1965දී ඔහු නිර්මාණය කළ ගම්පෙරළිය චිත්‍රපටය සඳහා ඉන්දීයානු ජාත්‍යන්තර සිනමා උළෙලේ දී රණ මයුර සම්මානය හිමි වූ අතර නිධානය සිනමාපටය සඳහා වැනිස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී සාන්ත මාක්ගේ රිදී වළසා සම්මානයෙන් පිදුම් ලැබීය. එම චිත්‍රපටය සියවසේ ලොව හොඳම චිත්‍රපට 100 අතරට නම් කෙරිණි. සිංහල සිනමාව සයුරෙන් එතෙරට රැගෙන ගිය පළමු සිංහල සිනමාවේදියා ඔහුය. රජයේ චිත්‍රපට අංශය සඳහා වාර්තා චිත්‍රපට රුසක් නිර්මාණය කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පිළිබඳ මතකය අප මෙලෙස අවදි කරමු.
♦ සේයාරූ I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා