ආදරය කියන්නේ මෙලොව ඇති උත්තරීතරම හැඟීමක් බව අපි හැමෝම දන්න, අපි හැමෝම පිළිගන්න කාරණයක්. අපේ රටේ ආබාධිත රණවිරුවන් විවාහ කරගන්න ශ්‍රේෂ්ඨ තරුණියන්ගේ පුවත් විටින් විට මාධ්‍යවල පළවුණා. ඒත් ඇසිඩ් ප‍්‍රහාරයක් නිසා පෙනුම මුළුමනින්ම වෙනස් වුවහොත් අපි ජීවිතය අත් හැර දමනවා ඇති.
එහෙත් එසේ ජීවිතය අත්හැර නොගෙන විවාහ ජීවිතයට ඇතුළත් වූ සිත බොහෝ සවිමත් තරුණියක් ගැන අපේ අසල්වැසි දේශයවන ඉන්දියාවෙන් වාර්තා වුණා. ඇසිඩ් ප‍්‍රහාරයෙන් ආබාධයට පත්වූ තරුණියකගේ සහෝදරයෙක් වූ හින්දි සිනමා නළු විවේක් ඔබරෝයී ඇයගේ විවාහ උත්සවයට සහභාගී වූ පුවතට ඇත්තටම ඉන්දීය මාධ්‍ය ඉඩකඩක් ලබාදුන්නා.
ලලිතා බේන්බංසි ට 2012 වර්ෂයේදී උත්තර් ප‍්‍රදේශ්හි ආජ්මගඩ්වල ජීවත්වූ රංජීශ්වර් නැමති තම ඥාතිවරයෙක් විසින් ඇසිඩ් ප‍්‍රහාරයක් එල්ල කළා. එයින් ලලිතාගේ මුහුණ දැඩි ලෙසින් අනතුරට පත්වී විකෘති තත්ත්වයට පත්වුණා. මේ හේතුව නිසා තමන්ව විවාහ කරගැනීමට නොව ආදරය කරන්නටවත් කිසිවෙක් කවදාහරි හමුවේවියැයි ලලිතා සිතුවේ නෑ. එම සිද්ධිය නිසා තමන්ට ජීවිත කාලය පුරාම තනිකඩව විඳවමින් සිටින්නට වේයැයි ලලිතා සිතුවද, ඇයගේ එම අඩුපාඩුව අමතක කර ඇයට අත්වාරුවක් වීමට අහම්බෙන් තරුණයෙක් ඇයට මුණගැසුණා. මිස් කෝල් එකක් නිසා ලලිතාගේ (අවුරුදු 26) ජීවන සහකරුවා ඇයට මුණගැසුණේ. ඔහු රාහුල් කුමාර් (අවුරැදු 27) .ලලිතා සහ රාහුල්ගේ විවාහය පසුගිය සඳුදා සිදුවුණු අතර මෙම විවාහයට සාක්ෂිකරුවෙක් ලෙසින් හින්දි සිනමා නළු විවේක් ඔබරෝයී ද සහභාගී වුණා. මේ විවාහ උත්සවය සඳහා සහභාගී වුණු විවේක් ඔබරෝයී මනාළයුවල සඳහා ජීවත් වීමට ෆ්ලැට් එකක් ත්‍යාග වශයෙන් ලබා දුන් අතර එයට අමතරව ලලිතාගේ මුහුණ සඳහා සිදු කිරීමට නියමිත ශල්‍ය කර්මය සඳහා සියලු වියදම් තමන් විසින් සිදු කරන බවද හින්දි සිනමා නළු විවේක් ඔබරෝයී පොරොන්දු දුන්නා. බොලිවුඩ් තාරකාවක් වන විවේක් ඔබරෝයී විසින් මීට පෙරාතුවද මෙවැනි විපත්වලට පත් තරැණ යුවල 25කට ජීවත් වීම සඳහා ෆ්ලැට් 25ක් පිරිනමා තියෙනවා.
2012 දී ලලිතාගේ ඥාති සහෝදරයෙක් එල්ල කළ මෙම ඇසිඩ් ප‍්‍රහාරය නිසා ශල්‍යකර්ම 17ක් සිදුකිරීමෙන් අනතුරුව ලලිතාව සුවකර ගැනීමට වෛද්‍යවරැනට හැකියාව ලැබී තියෙනවා.
මෙම අනතුරෙන් පසුව ලලිතා උත්තර් ප‍්‍රදේශ් හි ආජ්මගඞ් අත්හැර ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රවල ඨානේ හි කල්වා ප‍්‍රදේශයට පැමිණ ජීවත් වුණා.
එම ප‍්‍රදේශයෙහි ඇති සාහස් පදනෙමහි උදවු ඇතිව ලලිතා ජීවිතය ගොඩනගා ගන්නට පටන් ගත්තාය. මීට මාස දෙකකට පමණ පෙර ලලිතාගේ ජංගම දුරකථනයට රාහුල් කුමාර් විසින් වැරදීමකින් ඇමතුමක් ලබා ගෙන තියෙනවා. ඉන් අනතුරැව කතා බහ දුර දිග ගොස් එය ආදරයක් බවට පත්වූ අතර මේ දෙදෙනා විවාහ වීමටද තීරණය කළා. ලලිතා සහ රාහුල් ඨානේ වලදී විවාහය සිදු කර මුම්බයිවලදී විවාහ උත්සවය පැවැත්වුවා. මෙම විවාහ උත්සවය සඳහා ඇසිඩ් ප‍්‍රහාරවලට ගොදුරැවුණු යුවතියන් බොහෝ පිරිසක් සහභාගී වූ අතර මෙම විවාහ උත්සවය සඳහා ලලිතාගේ උදවුවට ආදරය හඳුනන බොහෝ පිරිසක් සහභාගී වුණා.
මෙම විවාහ උත්සවයට පැමිණ විවේක් ඔබරෝයී කළ සත් ක‍්‍රියාව බොහෝ ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබුණේ ඇසිඩ් ප‍්‍රහාරයකින් පීඩාවට පත්වුණු යුවතියකගේ සහෝදරයා ලෙසින් විවාහ උත්සවයට සහභාගී වී ඇයට ජීවත්වීම සඳහා ෆ්ලැට් එකක් පමණක් නොව ඇයගේ මුහුණ පෙර පරිදි සකසා ගැනීම සඳහා සිදු කිරීමට නියමිත ප්ලාස්ටික් සැත්කම් සඳහාද මුදල් ලබා දුන් සහෝදරයා විවේක් ඔබරෝයී යනුවෙන්.
(NDTV, හින්දුස්ථානී ටයිම්ස්, ආජ් තක් ඇසුරෙන්)
► Text — Chandana Waravitage