2023 ජුනි 10 වන සෙනසුරාදා

ගන්න ගන්න පින්තූර මමත් දැන් ’’පොරක්’’

 2023 ජුනි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 181

ඇප් ගැන නම් කප්පරකට කතා අපි කියන්න ඇති සුදා. ඒ වුණාට බබා, මේ ඇප් එක ගැන නොකීවොතින් ඔයාලා ගනී අපිත් එක්ක තරහා. පහුගිය සතියේ Facebook එකේ කරක් ගහපු යාළුවෝ හැමෝම මේ සීන්කෝන් එක දකින්න ඇති. සමහරු එක දවසෙන් සික්ස් පැක් හදාගෙන. ඔයාලා දන්න හඳුනන කී දෙනෙක් Bodybuilders ලා වෙලා හිටියද? කීදෙනෙක් Cartoon characters වෙලා හිටියද?

මේ ඔක්කොම සිද්ධ වුණේ එක App එකක් නිසා. එකේ නම ToonMe. මේ App එක හරහා තමා පහුගිය දවස්වල ඔයාලා දැක්ක ඔක්කොම පින්තූර හදලා තිබුණේ. ස්වයංක්‍රීය ඔයාව කාටූන් චරිතයක් බවට පත් කිරීම තමා ToonMe හරහා සිද්ධවෙන්නේ. හැබැයි පහුගිය දවස් වල කාටුන් චරිතයක් බවට පරිවර්තනය වෙනවට වඩා, බොඩි බිල්ඩර්ලා වගේ Photos හදන්න තමා ලංකාවේ අය මේ Application එක භාවිත කළේ.

ඇත්තටම මචෝ ToonMe කියන්නේ Challenge එකක්. Social media platforms වල කාලෙන් කාලෙට නිර්මාණය වන Challenges ගැන මීට කලින් අපි Y Trend එකෙන් සුදාලා එක්ක කතා කරලා තියෙනවා. මේකත් ඒවගේ සීන්කෝන් එකක්. දැන් අපේ පුතීලා ආත භූත නැතුව රුල්ලට මේ වගේ පින්තූර හදාගෙන හදාගෙන ගියාට, මේ සීන් එක ගැන හරියටම විස්තර දන්නෙ නෑ.

ඇත්තටම සුදෝ මේක ආරම්භ වෙලා තියෙන්නෙ 2020 ජනවාරි 7 වැනිදා. ඒ කියන්නේ මේ Challenge එක සෑහෙන්න පරණ එකක්. මේ දවස්වල ඒක ආයෙත් පොඩ්ඩක් මොඩිෆයි වෙලා සීන් එකට ඇවිල්ලා තියෙනවා.

ToonMe Challenge එක නිර්මාණය කරන කලේ මෙක්සිකෝවේ Marvel illustrator කෙනෙක් වන රෙනේ කොර්ඩෝවා. මෙයා ටිකක් අමුතු ජාතියේ වැඩ්ඩෙක්. කාටූන් චරිත නිර්මාණය කරන කෙනෙක්. Rene Cordova කියන නමින් Instagram එකේ ඉන්නවා. පොඩ්ඩක් හොයලා බලන්න කැමති සුදාලා. මෙයා 2020 දී එයාගේ ඇත්ත රෑපය භාගයයි වෙනත් කාටූන් රෑපයක භාගයකුයි දාලා තමා Challenge එක create කරේ. පස්සෙන් පහු ඒක මුළු ලෝකෙම පිස්සුවක් බවට පත්වුණා.

විශේෂයෙන්ම ඇනිමි චරිතවලට ආදරේ කරන සුදු පුතීලා මේ සීන් එක බොහොම තදින් වැළඳ ගත්තා මචෝ. අපිට එකක් අලුත් වුණාට, මේ සීන් එකේ එක එක Version ඔයාලා සමහරවිට මීට කලින් දැකලා ඇති.

එතකොට මචෝ මේ Application එක ගැන කතා කරොත්, ඒක් 2020 නොවැම්බර්වල තමා මේක එළි දක්වලා තියෙන්නෙ. ToonMe අලුත් අප්ඩේට් update එකත් එක්ක තමා මේ දවස්වල වැඩේ නැගලා යන්නේ. කොහොම වුණත් මචෝ මිලියන 50ක විතර පිරිසක් මේක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ වස්තු ලංකාවේ ජනගහනයටත් වඩා වැඩි පිරිසක් ළඟ ToonMe තියනවා.

AI එහෙමත් නැත්තං, මචංලා මචීලා දන්න විදිහට කෘත්‍රිම බුද්ධිය තමා මේ වැඩේට තාක්ෂණය විදිහට භාවිත කරන්නේ. ඔයාලා දන්නවා මෑතකාලීනව AI වන ලොකු නැගීමක් තියෙනවා ලෝකය පුරාම. ToonMe රුල්ලක් ආයෙ එන්න ඒක හේතුවක්. මේ App එක මුදල් ගෙවල තවදුරටත් පහසුකම් සහිතව භාවිත කරන්න පුළුවන්. ඒත් අපේ අය නම් දැනට නොමිලේ ලබාදෙන පහසුකම් ටිකෙන් තමයි මේ වැඩ කිඩ දාන්නෙ.

පහුගිය සතියේ ලංකාවේ හිතාගන්න බැරි විදිහට ToonMe Trend එකක් නිර්මාණය වුණා. කෙල්ලො කොල්ලො දහස් ගාණක් ඒ වෙනකොටත් බුකියේ ToonMe Challenge එක Accept කරලා තියනවා. ඒ විතරක් නෙවෙයි ප්‍රසිද්ධ ප්‍රසිද්ධ කලාකරුවන්, ක්‍රීඩකයන් වගේම සමාජ මාධ්‍ය ජනප්‍රිය චරිතත් මේ වැඩේ ඇතුලේ ඉන්නවා. ඇත්තටම කිව්වොත් මේක ලොකු රැල්ලක් වස්තු.

සමහරක් තැන්වල උපහාසයක් ඇති කරන්නත් අපේ ආතල් පුතීලා, ToonMe භාවිත කරලා තියෙනවා. එයාලා ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලන චරිත ගොඩක් Toonme ඔස්සේ නිර්මාණය කරලා අපි දැක්කා ඕං. බුකිය පුරා ඒ නිර්මාණ මේ වෙනකොට විශාල වශයෙන් සංසරණය වෙමින් තියනවා. ඇත්තටම මචෝ ඒකත් වෙන්නම ආතල් එකක්.

ඒ වගේම තම තමන්ගේ පින්තූර කාටූන් බවට පරිවර්තනය කර ගන්න අයවත්, සමාජ මාධ්‍යම සමහර අය විහිළුවට අරගෙන තියෙනවා. ඒ ගැන හදපු මාර වදන් තියෙන පෝස්ට් සෑහෙන්න අපි දැක්කා. කාලෙන් කාලෙට ලංකාවේ Social media platforms වල, මේ වගේ පිස්සු කොරවෙන් ඔළුව මඤ්ඤං වෙන අතර අපිට හම්බවෙනවා. ඉතිං වස්තු මේකත් ඒ වගේ එකක්.

කොහොම වුණත් මචෝ මේවල හොඳ නරක ගුණ දොස් කියලා වැඩක් නෑ. මේවා ආතල් සීන්. කරන කට්ටිය කරන්න. බලන කට්ටියට හිනාවෙන්න. ඉට්ස් ඕකේ මා පුතා. මේ ජාතියේ ආතල් එකක් මට හම්බවුණ පළවෙනි පාර නෙවෙයි මේ. ඔය ජාතියේ ඒවා එනවා යනවා.

I නිසල්