2023 ජුනි 10 වන සෙනසුරාදා

මිදුණු විශ්වය සිනමා ආකාශයට

 2023 ජුනි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 40

♦ ළතෙත් බව රැඳුණු උරහිසක් මත හිස තියා ජීවිතයේ ගිම් නිවනු පිණිස සංසාර ආදරයක් අස ඇස් අරින ගැහැනියක්.
♦ සන්ධ්‍යාවට හිමිදිරිය කිසිදා මුණ නොගැසෙන නමුදු ආලය කළ හැකි වග පසක් කළ ප්‍රේමයක්
♦ ආලයේ මතක මහ වැහි මැද සරන සංසාර චාරිකාවක්
♦ ප්‍රේමය යනු ප්‍රේමයම මිස අන් කවරක්ද යන වග සිහිපත් කළ කතාන්දරයක්

සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරිගේ නවමු සිනමා වියමන මිදුණු විශ්වය චිත්‍රපටය අවසානයේ හිතේ ඉතිරි කළේ එහෙම හිතුවිලි සමුදායක්. රුවන් ජයසිංහ නිෂ්පාදනය කළ මිදුණු විශ්වය චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් කොල්ලුපිටිය ලිබර්ටි සිනමාහලේදී පැවැත්වුණේ මාධ්‍යවේදීන්, කලාකරුවන්, කලාවේදීන් ඇතුළු විශේෂිත පිරිසක් වෙනුවෙන්. ඒ හැන්දෑව වර්ණවත් කළ සේයාරෑ හදසර පිටුවක් සරසන්නේ මෙහෙමයි.

I සජී
සේයාරූ - චේතිය ළහිරු