ඔන්න අද සිරාවටම අමුතුම අලුත් කතාවක් අරගෙන ආවා. සමහරුන්ට නම් හිතේවි ඉතින් මේක පරණ කතාවක් කියලා. ඒත් මේක සිරාවටම අලුත්. කානිවල් කියන්නෙ මචෝ කාලෙකට කලින් තිබුණු Trend එකක්. සර්කස් පෙන්නලා, මැජික් පෙන්නලා, මාරක ළිඳේ වැඩ දාලා, කතුරු ඔංචිල්ලාවල පද්දලා කරලා කානිවල් අයියලා අපිට දුන්නෙ වෙනම සැපක්.
ඒත් සුදාලා දන්නවා කාලෙකට කලින් කානිවල් ආතල් එක අපිට මිස් වුණා. අපේ modern society එකෙන් පොඩ්ඩ පොඩ්ඩ ඒ ආතල් ඈත් වුණා. ඒත් මචෝ ඔන්න දැන් ආයේ තත්ත්වය වෙනස් වෙලා. Carnival සැපට අපේ සුන්දරාලා සුන්දරීලා අයේ එකතු වෙන්න පටන් අරගෙන. ඇත්තටම මේක දැන් අලුත් Y Trend එකක්.
කොවිඩ්, ආර්ථික අර්බුද ඔක්කොටම පස්සේ ඒ මානසිකත්වයෙන් මිදෙන්න ලංකාව පුරා මිනිස්සු මේ කාලේ එක එක ආතල් දානවා. මේ අතර නහුතෙට සල්ලි තියෙන ආතල් පොරවල් දෙතුන් දෙනෙක් කානිවල්, සංගීත සංදර්ශන රට පුරා සංවිධානය කරගෙන යනවා. සිරාවට මේක අද වෙනකොට පිස්සුවක් වෙලා. සමහර කානිවල්වල Entrance Free, සමහර ඒවට අය කරන්නෙ රුපියල් සීයක් වගේ පොඩි ගාණක්.
සුදාලට මතක නම් ඉතිහාසයේ, ගමෙන් ගමට, නගරයෙන් නගරයට යන කානිවල්, මේලා වගේ Event සෑහෙන අපේ රටේ තිබුණා. Entertainment කියන Subject ඒ දවස්වල මේ තරම් ලොකුවට පැතිරිලා තිබුණේ නෑ. ඒ නිසාම මිනිසුන්ට මේ වගේ සැණකෙළියක් තමා විනෝද වෙන්න ලොකුම අවස්ථාව වුණේ. ඔය අපේ සාහිත්‍යයේ එහෙමත් ඒ වගේ සැණකෙළි ගැන ලියැවිලා තියෙනවා.
ඒත් 90 දශකයේ ලෝකෙම Entertainment වෙනස්ම තැනකට යන්න පටන් ගත්තා. මුලින්ම වර්ණ රෑපවාහිනී යුගය ආවම ටිකෙන් ටික තත්ත්වය වෙනස් වුණා. ඊට පස්සේ Social Media මිනිසුන්ට විනෝදාස්වාදය සපයන්න ගත්තා. හැබැයි ඒ ඔක්කොම Entertainment virtual ලෝකෙකට.
ඒ අතර එළිමහනේ විනෝද වෙන්න අවස්ථාත් නිර්මාණය නොවුණා නම් නෙවෙයි. අර World, මේ Land කියලා ස්ථාන ඉදිවුණා. ඒවාට ලොකු මිලකුත් නියම වුණා. ඒ සැප විවෘත වුණේ ටිකක් අතේ සල්ලි තියෙන අයට. ඉතින් අර සාම්ප්‍රදායික කානිවල් කලාව ටිකෙන් ටික අපි අතරෙන් හේදිලා යන්න ගියා. සංගීත සංදර්ශන ටික විතරක් ඉතුරු වුණේ බොහොම ආමාරුවෙන්.
ඒත් මචෝ මෑත කාලේ මිනිස්සු පිට පැටවුණු ආතතිය නිසා එළිමහන් විනෝදාස්වාදය හොයන්න ගොඩක් දෙනා පෙළඹිලා ඉන්නවා. සමහරක් විට ඔයාලා එහෙම ඇති. එක උදාහරණයක් කියන්නම්.
මෙච්චර digital ආතල් තියෙන ලෝකයේ පිරිසක් පහුගිය කාලේ Facebook Party කියලා කියපු, තරුණ පිස්සුව වැටුණු Concept පට්ට විදිහට Trend වුණා නේද? නමුත් ඒ ජාතියේ ආතල්වලට කැමති නැති, ආතල් ගන්න ලොකු මුදලක් වියදම් කරන්න බැරි මිනිස්සු අපේ රටේ ඕනෑ තරම් ඉන්නවා.
ඔය කියන Market එක තමා හෙමිහිට හෙමිහිට අලුත් කානිවල් අයියලා ටික Touch කරගෙන යන්නෙ. ඉතින් වස්තු මේක වෙනම සීන් එකක්. දහස් ගණනින්, ලක්ෂ ගණනින් මිනිස්සු මේ සීන් එකට එකතු වෙනවා. අවුරා ලංකා, අයිස්ක්‍රීම් කානිවල් වගේ සැණකෙළි දෙක තුනක් මේ වෙනකොට ලංකාව වටේ කැරකෙනවා. අත්තටම ඒවාට බැහැලා බැලුවාම ඒ සීන් එක වෙනම විදිහක එකක පිස්සුවක්.
ගොඩක් දෙනෙක් ඉන්නෙ සැපේ. හැබැයි සැපේ සීමා මායිම් නම් ඕනෑ තරම් කැඩිලා යනවා පේන්න තියෙනවා. අවුරුදු 16ත් 20ත් අතර බජාර් එක ගන්නෙ අමුතු ආතල් එකක්. සදාචාර සම්මුතිය, සංස්කෘතික සීමා එයාලට අදාළ නෑ. කානිවල් එක Local වුණාට එයා ගන්න ආතල් එක නම් යුරෝප්. අලුත් පරම්පාවේ සිතුම් පැතුම් සහ හැසීරීම් පිළිබඳ අවබෝධයක් ගන්න මේක මරු Pot එකක් මචෝ.
කානිවල් ආතල් අතරේ මත්පැන් වඩියක් ගහලා, ඩාන්ස් පාරක් දාන එක නෝමල් මචං. ඒත් කානිවල් බිමේ අහුමුළුවල නොනැවතී උඩට යන කංසා දුම නම් ටිකක් විතර අලුත්. කානිවල් ඇවිල්ලා %ෆිල්^ (Tablet) පාරක් කාලා Dance කරන උන් නම් සිරාවටම මැජික් එකක් වගේ. මේ දේවල් DJ Party එකක නම් හරිම සාමාන්‍යයයි. අම්මලා තාත්තලා පොඩි එවුන් එක්ක එන කානිවල් එකක නම් මේ දේවල් අසාමාන්‍යයි.
හෝව් හෝව්, සදාචාරය, සභ්‍යත්වය, සංස්කෘතිය පිරිහෙනවා. ඔය දේවල් නතර කරන්න. මේ අපි කියන්නෙ යථා ස්වභාවය. මෙහෙම තමා පුතා ලෝකයේ හැටි. වෙනස් වෙනවා හොඳ විදිහට වගේම නරක විදිහට. අපි ඉතින් ඒ දේවල් ඔයාලා එක්ක බෙදා ගන්නවා. එච්චරයි.
I නිසල්