සනත් අබේසේකරගේ නවමු සිනමා වියමන ගුත්තිල චිත්‍රපටයේ මංගල දැක්ම වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් හිදී ඉකුත් දිනක පැවැත්විණි. හරේන් නාගොඩවිතාන සහ දිලිනි සිල්වා නිෂ්පාදනයෙන් දායක වූ ගුත්තිලය රංගනයෙන් සරසන්නට අයිරාංගනී සේරසිංහ, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, යශෝධා විමලධර්ම, විශාරද එඩ්වඩ් ජයකොඩි, අකිල ධනුද්දර, වීණා ජයකොඩි, චුලක්ෂි රණතුංග ඇතුළු නළු නිළි කැලක් රංගන දායකත්වය සපයා ඇත. මෙදා සවස වර්ණවත් කළ ගුත්තිල කලඑළි මංගල්‍යයේ සේයාරූ.